කොලොම්බියා රජය සහ ෆාර්ක් ගරිල්ලන් අතරේ දශක පහක් පුරා පැවැති යුද ගැටුම් අවසන් කර, සාමය උදා කිරීමට වෙහෙසන කොලොම්බියා ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස්ට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බව ස්විඩනයේ ස්ටොක්හෝම් නුවරදී නොබෙල් කමිටුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කළේය.
නොබෙල් සාම ත්‍යාගය 2016 වෙනුවෙන්, පුද්ගලයන් සහ සංවිධාන 376 කගේ නම් ඉදිරිපත් වී තිබුණු බව නොබෙල් කමිටුව මීට පෙර සඳහන් කර තිබුණි. නොබෙල් සාම ත්‍යාගය දෙසැම්බර් 10 වැනිදා පිරිනැමීමට නියමිතය.
නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හතරබීරි කතාවක්නේ. යුද්ධය අවුරුදු පනහක් වගේ කාලයක් තිබුනලු. ඒක දවසෙන් දෙකෙන් ඉවර කළේ නැති බව හැමෝම දන්නා කාරණාවක්නේ. සාකච්චා අවුරුදු ගණනාවක් තිස්සේ ගියාලු, සටන් නතර කරන්න. යුද වාරම අත්සන් කළේ ගිය සතියෙලු. මෙන්න බොලේ අද උදේ කියනවා, මෙයාට නොබෙල් සාම ත්‍යාගය පිදුවා කියලා. මෙච්චර වටිනා, ලෝකපූජිත සාම ත්‍යාගයක් දෙන්න නොබෙල් කමිටුවට ගියේ සතියකටත් වඩා අඩු කාලයක්නේ, බලාගෙන යනකොට. මට තේරෙන්නේ නැහැ. (නි)
ඒකනේ සජී, නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාග මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 1.5ක්ලුනේ. ඒක එයාගේ සතියක කෑම වේලට යන වියදමටත් වඩා අඩු නිසා එ්කෙන් වැඩක් නැහැනේ. සජි, රටේ පත්තර එහෙම කියවනවා මදි වගෙයි, නේද? (නි)
මම නම් බයනැතුව කියනවා, සල්ලි වලට වඩා පිළිගැනීමයි වැදගත් (නි)
නොබෙල් සාම ත්‍යාගය හිමිවෙන්න ඕන සරත් ෆොන්සේකා මහත්තයාට.(හේ)
අපගේ සුබ පැතුම්.(හේ)
සුබ පැතුම් (ම)
ලෝකේ හිටිය දරුණුම ත්‍රස්තවාදීන්ව විනාශ කල අපේ ජනාධිපතිතුමාට මුකුත්ම නැද්ද.? (ර)
යහපාලන කට්ටියත් දත කට නියවාගෙන බලාහිටියනේ (නි)
සජි, අපේ හිටපු ජනාධිපතිටත් රුවන්ඩාවෙන්ද කොහෙද තෑග්ගක් ලැබුනා නේද (නි)
බලයට පත්වෙලා මස ගානක් යන්නත් කලින් ඔබාමටත් දුන්නනේ ඕක. අන්තිමට එයත් කළේ කලින් හිටපු ඇමෙරිකා ජනාධිපතිලා යුධ අපරාධ කළ ලෙසින්ම කිරීමයි. එතැනින්ම තත්ත්වය බාල වුණා නොබෙල් සාම ත්‍යාගය! (නි)
සජි, එ් වුණාට බටහිර අණට පිටින් ගිහින්නේ එ්ක කළේ. ඉතින් එතුමා වීරයෙක් නොවෙයි. (නි)
නොබෙල් සාම ත්‍යාගයත් දැන් නිකන් විහිළුවක් වෙලා (නි)