විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීමට සමගාමීව නුපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීමට බලධාරින්ගේ අවධානය යොමුවීම අත්‍යවශ්‍ය යැයි මැතිවරණ කොමිසම පවසයි.
ප්‍රංශය වැනි දියුණු රටවල් තානාපති කාර්යාල හරහා ඡන්ද ප්‍රකාශ කිරීමට සිය විදෙස්ගත ප්‍රජාවට අවස්ථාව සලසා ඇතත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බහුතරයක්ම නුපුහුණු ශ්‍රමිකයන් වීම නිසා එහි පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවීමට ඉඩ ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.
එහෙත් ඔවුන්ගේ ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා මැතිවරණ කොමිසම පූර්ණ සහාය පළ කරන බව ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.
මේ වනවිට ඊට අදාළ නීති සම්පාදන කටයුතු වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම රටකම ඇති අපේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයක් හෝ එම්බසියක ..එරටේ වාසය කරන ශ්‍රී ලාංකිකයින්ව ඡන්දෙට ලියාපදිංචි කරන ක්‍රමයකුත් .. ඒ ලියාපදිංචි කළ පුද්ගලයින්ට ශ්‍රී ලංකා එම්බසිය හෝ කොල්සල් කාර්යාලයට ගොස් තම ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව ලබා දෙන්න ..? (බ)
ලංකාවේ මිනිසුන් කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා රටක් හැටියට සටහන්ව තිබිය යුතුයි. මේ වෙනකන් ලංකාව තමන්ගේ වගකීම් වලින් බැහැර වෙලයි ඉඳලා තියෙන්නේ. පිටරට යන මිනිසුන්ට වෙන කරදර වලට පිළියම් නැහැ. ඉතින් කොහෙද ලාංකිකයන්ට අනන්‍යතාවයක් කියලා දෙයක් ඇතිවෙන්නේ. (නි)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට විශ්‍රාම වැටුප් සඳහාද ක්‍රමයක් අවශ්‍යයි. (නි)
පුහුණු ශ්‍රමිකයන් 100% රට යවන්න පුළුවන්නම් හොඳයි, එ්ත් දැන් පවතින තත්වේ මත ඕක මේ හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙවේ. එ්ක හින්ද ඔය බොරු තර්ක නොකර බටහිර රටවල කරන ලොකු වෙන ගැන නොහිතා පිලිපිනේ වගේ ආසියානු රටවල නුපුහුණු විදේශ ශ්‍රමිකයන් විදේශ රටවලදී චන්දෙ දාන්නේ කොහොමද කියල අධ්‍යනය කරලා වැඩ පිළිවලක් යොදන්න.(බ)