ශ්‍රී ලංකාවට එවිමට සූදානම්කර තිබූ හාර්ලිඩේවිඩ්සන්,ඩුකාති,බිඑම්ඩබ්ලිව් ආදී අධිබලැති වටිනා යතුරුපැදි කොටස් කීපයක් අඩංගු පෙට්ටි කීපයක් බහාලුමකට ඇතුළු කරද්දී ඉතාලියේ නාපෝලි නගරයේ කලාතා ග්‍රනීලී නම්වූ වරාය කොටසේ දී නාපෝලි පොලීසිය විසින් සොයාගෙන ඇත.
තිස්හය හැවිරිදි ලාංකිකයෙක් ද, අසූ වියැති සහ තිස්නව වියැති නාපෝලිනගරයේ ඉතාලි ජාතිකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
පොලීසිය පවසන අන්දමට මෙම යතුරුපැදි සොරකම්කර හෝ කොල්ලකා කොටස්කර පෙට්ටිවල තැන්පත්කර ඇඳුම් සහ ආහාරයයි පවසමින් බහාලුම් මාර්ගයෙන් ලංකාවට යවා එහිදී නැවත යතුරැපැදි වශයෙන් සකස්කොට විකුණන බවයි.
පසුගිය දිනක උදෑසන හයයි තිහට පමණලොරියකින් විශාල පෙට්ටි කිපයක් බහාලුමකට තැන්පත්කරනු දුටු පොලීසියට මෙම සොරකම අල්ලාගැනිමට හැකිවීඇත. මෙහිදී ලාංකිකයා විසින් සේවකයෙකුට යූරෝ දෙසීයක අල්ලස් දී ඇති බවද සඳහන්වේ. අසුවියැති ඉතාලි ජාතිකයා නිවාස අඩස්සියේ තබා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නාස්ති වෙන්නේ නැහැනේ. කුඩු නෙවයිනේ. (ත)
ලංකාවේ නම කනවා. රටටම කැළලක්... (ත)
එහේ බයිසිකල් කෑලිත් අල්ලනවද ? ලියුම් ආවේ නෑ? (නදී)
බයිසිකල් කොටස් වලට ඒ වෙලාවේම ඉතාලි ජාතිකයෝ අත් අඩංගුවට ගත්තද?අපේ රටේ නම් හෙරොයින් කන්රෙනර් ගණන් ගෙන්වූ අයත් යහතින් ඉන්නවා.ඉතාලියේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. (ත)
මේක අමාත්‍යංශ ලේකම් කෙනෙක් හරහා රේගුවට ලිපියක් යොමුකරලා නැතිනම් දුරකථන ඇමතුමක් දීල ගොඩින් බේරා ගන්න තිබුනනේ. මේ ක්‍රම දන්නේ නැත්නම් අපේ රටෙන් ඉගෙන ගන්න තිබුනනේ. (ත)
ෂා..වැඩේ මාට්ටු නේද? (නදී)
ඔය වැඩෙන් වෙන්නේ ලංකාවේ අයට ඉතාලි යන්න විසා ගන්න අමාරු වෙන එකයි.(නදී)
බෝට්ටුවෙන් හෝ කන්ටේනරෙන් ගිය කෙනෙක් වෙන්න ඇති. ඇයි ඉතින් මෙහෙ තැරවූකාරයින්ට ගෙවපු මුදල් හොයන්නත් එපායැ. (නදී)
ඉතලියේ සිට ලංකාවට එන හැම කන්ටේනරයකම ඔය දේ සිද්ද උනා. දැන් දිගු කලයක සිට විස්කි ආවේ පෙට්ටි ගණන්. ලංකාවේ රේගුවේ සමහර අයට සල්ලි දුන්නම ඕන දෙයක් එලියට ගන්න පුළුවන් .(නදී)
ජරා වැඩ කර ලංකාවේ නම කනවා. මේවගේ වැඩ කරන නිසා අපේ මිනිස්සු ගැන බලන්නේ වැරදි විදියට. (ත)
ලංකාවේ නමට හොඳ නෑ. නීත්‍යනුකූලව කරනවා නම් හොදයි. (ත)
කන්ටේනරයටම රේගුවේ සමහර අය ගානක් කියනවා. මත් පැන් ටයර් වැනි දේවල් තියෙනවනම් ගාන ටිකක් සැරයි. එය දුන්නම කන්ටේනරය උඩින් පල්ලෙන් පරික්ෂා කර නිදහස් කරනවා. බැරි වෙලා වත් 'ලොක්කෙක්' අල්ලාගෙන රේගුවෙන් සහනයක් ගන්න හැදුවොත් මේ අය උදහස් වී නීතිය 'අකුරටම' ක්‍රියා කරනවා. එවිට විශාල මුදලක් බදු ලෙස ගෙවන්න වන අතර හිතා මතා පරක්කු කිරීම මගින් විශාල ලෙස ගුදම් ගාස්තුද ගෙවන්න වෙනවා. (නදී)