ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව ගබිසා පෙති 250 ක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික රෙදි වෙළෙන්දෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම ගබ්සා පෙති සියල්ල රාජ සන්තක කිරීමට නියෝග කළේය.
මොහු නිතර නිතර ඉන්දියාවට යන එන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු බවත් අත්අඩංගුවට ගනු ලැබූ ගබ්සා පෙති වල වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් බවත් රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරු ජෙට් ගුවන්සේවයට අයත් 9ඩබිලිවි 252 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණ ඇත. පසුව ඔහු රේගුවට භාන්ඩ කිසිවක් ප‍්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමින ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ ගනිද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු මෙම පෙති අඩංගු පැකට් 50 ගමන් මල්ලේ ඇදුම් අතර සගවා ගෙනවිත් තිබූ බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමේදී ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපොළේදී කිසියම් පුද්ගලයෙකු අදාල බෑගය මෙරටට ගෙන එන ලෙස ලබා දුන් බවත් එහි ගබ්සා පෙති ඇති බවක් තමා නොදන්නා බවත් පවසා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන්වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ සහ දීපාල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන හර්ෂ ජයතිලක, රංජිත් අල්විස්, චන්දන විජේසේකර සහ නියෝජ්‍ය රේගු අදිකාරීවරුන් වන එම්.අයි රාෂික් සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ශ‍්‍රී ලාල් විජේවර්ධන, එම්.එම්.එස්.සී කුමාර යන නිලධාරිහූ සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන අපරාදයක්ද (දී)
මෙවන් වැඩ වලට නිතිය අකුරටම ක්‍රියාත්මක කරන්න ඕනේ (දී)
ගෙනාපු එක්කෙනා ? (අ)
මෙයා රෙදි ඇඳගෙනද මේ ජාවාරම් කරන්නේ ? (අ)
මෙහෙම අමානුෂික මිනිස්සු ඉන්නවාද මේ රටේ (දී)
ඉන්දියාවෙන් ආනයනය කරන ඖෂධ වල ප්‍රමිතිය පිළිබඳව හරි හැටි සොයා නොබලන නිසා පූර්ව අනුමැතියක් නොතිබුනත් කමක් නැහැ කියලා හිතන්න ඇති. (නි)
මෙය සුළු වශයෙන් තැකිය හැකි සිද්ධියක් නොවේ. මෙවන් සිද්ධි මිට පෙර වාර්තා වී තිබියදීත් බලධාරීන් කුමන පියවර ගත්ත දැයි කියන ප්‍රශ්නය මතුවේ. මේවා ගෙන්වීමේ අරමුණ තාම රටට හෙළිදරවු කරගැනීමට බලධාරීන් කටයුතු කර නැත. ගබ්සාවක් කරගැනීමට අවශ්‍ය කාන්තාවකට අමතරව ගැබිණි මවකගේ නොදැනුවත්කමින් අහාර වේලකට මිශ්‍ර කර දීමටද අවස්තාවක් ඇත. මෙම සිද්ධි නිවැරදිව රටට හෙළි නොකිරීමෙන් මුස්ලිම් ජනතාව සහ ඔවුන්ගේ වෙළඳ ජාලය කෙරෙහි සැකයක් යොමුවීම වැළක්විය නොහැක. (ස)
ෂුවර් එකටම මුස්ලිම් ජාතිකයෙක් වෙන්න ඇති (නි)
හරිම තොන්ත බබා. මුකුත්ම දන්නේ නැහැ. (ස)
මේවායින් හරි අඩක් මේවා ගෙනා අයටම ගිල්ලවන්නයි තිබුණේ (නි)
මේ පෙති මෙයාගෙ බිරිඳට ගෙන්නුවද දන්නෙනෑනෙ. අපි කලබල වියයුතුනෑ. (ස)
මේවා නම් අල්ලනවා. ඒත් අර එතනෝල් ටැංකි දෙකට මොකද වුණේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
ඔව් රෂීඩ් සිංහලයන් තමා ලංකාවේ ඉන්න පැරණිතම හා ශ්‍රේෂ්ටතම ජාතිය. අපි කාගේවත් රටක් අල්ලන්න කොහෙවත් ගිහින් නැහැ. අනෙක වෙළඳාමේ ගිහින් කොහෙවත් ලගින්න ගියේ නෑ. අන්න ඒකයි.(නදී) වෙනස...
මුස්ලිම් කඩේකින් කෑම කන්නත් බයයි... මොනවද මේ වෙන්නේ? (නි)
මොන කෙනා ඔය වඳ බෙහෙත් ලංකාවට ගෙනාවත් ඒවා පොවන්නේ සිංහල කෙල්ලොන්ට. දෙමල කෙල්ලොවත් මරක්කල අයවත් ඕවා බොනවද? පාකිස්තානෙන් මරක්කල අය ගෙනාපු ඒවා තොග පිටින් කී වතාවක් අහු වුනාද? (නි)
මේවා ගෙන්නපු එක වැරදියි. ඒත් ඒවා ගෙන්නලා ඇත්තේ රට පුරා ඇති හොර වෛද්‍ය මධ්‍යස්ථාන වලට. අනවශ්‍ය විදියට ගැබ් ගෙන, ඒක ඉවත් කරලා දෙන්න කියලා හොර වෛද්‍ය මධ්‍යස්ථාන වලට යන්නේ බහුතරයක් සිංහල ගැහැණු තමයි. මෝඩ සිංහලයන්ට ඕවා තේරෙන්නේ නැහැ. ඕවා අහුවුනාම එයාලා කියන්නේ සිංහල ජාතිය නසන්න මුස්ලිම් ව්‍යාපාරිකයෝ කරන දේවල් කියලා. (නි)
මේ නම් අපේ එක්කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
ලංකාදීප කියවන අයගේ අදහස් දිහා බැලුවම තේරෙන එක දෙයක් තමයි, සිංහල මිනිස්සු කොච්චර මෝඩයි ද කියලා. එයාලා හිතන් ඉන්නේ, ලෝකේ ශ්‍රේෂ්ටතම ජාතිය තමන් බවත්, ලොව අනෙකුත් ජාතීන් තමන්ට අකුල් හෙලමින් සිටින බවත් ය. (නි)
මේ ගණන් අනුව පෙත්තක් රුපියල් 600 යි. සමහරවිට පෙති කීපයක් වුවමනා ඇති එක වරකට. එතකොට ලොකු මුදලක්. මේකෙන් අතුරු ආබාධ සමහරවිට ජීවිත හානියක් පවා ඇති නොවන බවට මොකක්ද සහතිකය? මේ අවදානම් සියල්ල දරාගෙන මේවා ගන්නේ කවුද? ඉල්ලුමක් තියෙන නිසානේ ගේන්නෙත්. අපි විශාල සමාජ ප්‍රශ්නයක මුල නේද මේ දකින්නේ? අපේ කාන්තාවන්, සමහරවිට බාල වයස්කාර දැරියන්, අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් මිදෙන්න අප්‍රසිද්ධියේම දරන උත්සාහයේ ඉඟියකුයි නෙමෙයිද මේ. මේක කිසියම් පිරිසක කුමන්ත්‍රණයක් කියලා හිතනවට වඩා ජාතික ගැටළුවක් වශයෙන් හිතලා විසඳුම් සෙවිය යුතු දෙයක්. (නි)
චන්දිමට හැම එකටම මුස්ලිම් කට්ටිය ගාව ගන්නේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ. මේ ළඟකදී ඉඳන් තමා මේ ලෙඩේ බෝ කළේ, ඔයගොල්ලන්ට අර කට්ටිය. මොනවා කරන්නද? මේවට බෙහෙත් නැහැ කොහෙවත් (නි)