බණ්ඩාරගම අත් බෑග් කඩයකට පැමිණි ගැබිණි කතක ඇතුළු කාන්තාවන් තිදෙනෙකු බෑග් මිලදී ගන්නා මුවාවෙන් රුපියල් 4000ක් පමණ අත් බෑග් දෙකක් සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
සේවකයා නොමග යවා ඇත්තේ ගැබිණි කාන්තාව බව කියති.අත් බෑග් ඉනේ සගවා ගන්නා අයුරු සීසීටීවී කැමරාවේ සටහන් වී තිබිණි.
මෙම කාන්තාවන් සම්බන්ධයෙන් තොරතුරක් දන්නේනම් 071-8591081 දුරකථන අංකය හරහා බණ්ඩාරගම පොලිස් සථානාධිපති රොෂාන් අමරසිංහ මහතා දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ලිප් එක බලාගෙන ඉන්නත් ලජ්ජය්. මේ මිනිස්සු තමුන් අදුනන කට්ටියට කොහොම මුහුණ දෙනවද මන්දා මේක පේන කොට. (අ)
හොරකම් කරනවා කියල පවුල් පිටින් හොරකම් කරන ක්‍රමයක් දැක්කේ අද තමයි. දැන් ඉතින් වහ බොන්න තමයි වෙන්නේ මුළු ලංකාවටම මුහුණු ගිහින් ඉවරයි (අ)
මේවා බලන අපිටයි ලජ්ජා . අද රට පාලනය කරන මහා තැන ඉදලම උගන්වන්නේ මේ දේ තමයි. ඉතින් ඒ අය ඔය ලස්සනට හැම දෙකම ඉස්සරහට ගිහින් ඇදබාන බයිලා වලටත් අප්පුඩි ගහන අයත් ඉන්න එකේ මේවා මොනවාද (අ)
අයියෝ විලි ලැජ්ජාවක් අප්පා. (අ)
හොරාකාපු කෑම ඇඟපතින් හොඳට පේනවා. (නි)
මේ වැඩ වලින් මේ අය තමන්ගේ පවුල් වල අයටත් මොන ලැජ්ජාවක්ද කළේ? (නි)
උපදින්න ඉන්න ළමයටත් දැන්මම උගන්නනවා වගෙයි රස්සාව! (නි)
රජකාලෙ දඬුවම් දෙන්න ඕනෑ ගැහැණුකම පැත්තක තියලා. (නි)
අනේ මෙහෙමත් අම්මලා! (නි)
තමන්ට මව් පදවියේ අනුහසින් සමාජයෙන් ලැබෙන අනුකම්පාව ප්‍රයෝජනයට අරන් මෙහෙම වැඩ කරන අයත් අප අතර ඉන්නවා. කිසිම කෙනෙක් ගර්භනී කතක් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා හිතන නිසා මෙවැනි අයට හරිම වාසියි. (නි)
උපදින්න ඉන්න කෙනත් කම්බ හොරෙක් වෙයිද එහෙනම් ! (නි)
මේවා උප්පත්තියෙන් එන දේවල්, මේවට දැඩි දඬුවම් දෙන්න ඕනේ පින්තුරේ පත්තරේ දාල , පුළුවන් තරම් ලජ්ජා කරන්න ඕනේ , මේ වගේ ජරා වැඩකරන අය කුඩුවකට දාල ප්‍රසිද්ද තැනක තියන්න ඕනේ හැමෝටම බලාගන්න , අන්න එතකොට ඔය ජරා වැඩේ නවතීවි (අ)
සම තැන දෙන්න කියල කියන්නේ මේ වගේ අයටද (අ)