IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිපුන් කරුණානායක (185) විශිෂ්ට පිතිහරඹයක

අන්තර් සමාජ වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ (2013) පළමු වැනි කොටසේ තෙවැනි සති අන්තයේදී මුවර්ස් සහ සී. සී. සී. කණ්ඩායම් පිට පිටම සති තුනකදී තමන්ගේ තුන්වැනි පූර්ණ ජයග‍්‍රහණයත් වාර්තා කිරීමට සමත් වූහ. බ්ලූම්ෆීල්ඞ්, ද්‍රවිඩ සංගම් සහ මොරටුව ක‍්‍රීඩා සමාජය තෙවැනි සතියේ පූර්ණ ජය ලැබූ සෙසු කණ්ඩායම් වේ. 

බ්ලූම්ෆීල්ඞ් පිලේ නිපුන් කරුණානායක සතියේ පිතිකරු බවට පත්වෙමින් ලකුණු 185 ක් රැස්කිරීමට සමත් විය. ද්‍රවිඩ සංගම් පිලේ ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වූ නිසල තාරක ලකුණු 89 කට කඩුලූ 9 ක් දවා ගත්තේය.


එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී සී. සී. සී. පිලට ලකුණු 16 ක ජයක්

සී. සී. සී. පිල පළමු ඉනිම 151 (දිනුක් ජයසිංහ 49, ලසිත් අබේරත්න 47, රමිත රඹුක්වැල්ල 26/6, අම්රිත් ශ‍්‍රිමහන් 18/2) සහ දෙවැනි ඉනිම 142 (මොහොමඞ් අස්ලාම් 38, ලසිත් අබේරත්න 32, මධුක ලියනපතිරණ 21, තරිඳු කෞෂාල් 36/6)

එන්. සී. සී. පිල පළමු ඉනිම 178 (ළහිරු උදාර 57, දුලීක තිස්සකුට්ටිගේ 39, ලක්‍ෂාන් රංගික 62/5, මධුක ලියනපතිරණ 36/4) සහ දෙවැනි ඉනිම 99 (ළහිරු උදාර 30, ලක්‍ෂාන් රංගික 40/6, මධුක ලියනපතිරණ 37/3)


මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී මුවර්ස් පිලට ලකුණු 104 ක ජයක්

මුවර්ස් පිල පළමු ඉනිම 373 (අෂාර්ඞ් බොර්හම් 175, කෞෂල්‍ය ගජසිංහ 79, අරවින්ද පේ‍්‍රමරත්න 33, සමීර වනිගසේකර 70/3, කවිඳු පෙරේරා 65/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 9 ට 266 (ඕෂද ප‍්‍රනාන්දු 79, අෂාර්ඞ් බොර්හම් 63, කෞෂල්‍ය ගජසිංහ 50, ෂෙහාන් ජයසූරිය 32, ඇන්ජලෝ ජයසිංහ 49/4, හසිත වික‍්‍රමසිංහ 39/3, සොහාන් රංගික 56/2)

ගුවන් හමුදා පිල පළමු ඉනිම 260 (ටී. නදීර 75, නිපුන් පවිත‍්‍ර 52, ඇන්ජලෝ එම්මානුවෙල් නොදැවී 60, චමත් ගුණසිංහ 65/4, කෞෂල්‍ය ගජසිංහ 74/4) සහ දෙවැනි ඉනිම 247 (ටී. නදීර 73, විශ්ව කංචුක 70, කවිඳු පෙරේරා 57, ඇන්ජලෝ එම්මානුවෙල් 38, නිර්වන්ත තීක්‍ෂල 28/4, කෞෂල්‍ය ගජසිංහ 91/4)


මීගමුව කදිරාන ක‍්‍රීඩාගංණයේදී බ්ලූම්ෆීල්ඞ් පිලට ඉනිමක සහ ලකුණු 61 ක ජයක්

මීගමුව ක‍්‍රිකට් සමාජය පළමු ඉනිම 203 (මල්ෂාන් ගුණසිංහ 52, ශිහාන් අනුරුද්ධික 35, ඉරංග විජේසූරිය 33, ෂෙහාන් මධුසංඛ 28, විශ්ව ප‍්‍රනාන්දු 57/4, රුවින්ද ශාමේන් 29/3, අදීෂ නානායක්කාර 12/2) සහ දෙවැනි ඉනිම 168 (ළහිරු වික‍්‍රමිසිංහ 28, උවීන් බණ්ඩාර 20, විශ්ව ප‍්‍රනාන්දු 48/4, කොෂාන් ධනුෂ්ක 32/3, අසන්ත සිංගප්පුලි 49/2)

බ්ලූම්ෆීල්ඞ් පිල පළමු ඉනිම කඩුලූ 9 ට 432 (නිපුන් කරුණානායක 185, චරිත් කුමාරසිංහ 52, අදීෂ නානායක්කාර 100, සජීව සල්ගාදු නොදැවී 32, මල්ෂාන් ගුණසිංහ 133/6, ළහිරු වික‍්‍රමසිංහ 70/3)


කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 9 ක ජයක්

කෝල්ට්ස් පිල පළමු ඉනිම 96 (දුෂාන් හේමන්ත 22, චතුරංග කුමාර 21, නිසල තාරක 35/5, තිනිත් මනිෂ්ක 48/4) සහ දෙවැනි ඉනිම 294 (සුපේෂල ජයතිලක නොදැවී 156, අකිල ධනංජය 50, භානුක රාජපක්‍ෂ 41, නිසල තාරක 54/4, තිනිත් මනිෂ්ක 59/2)

ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 279 (කිත්රුවන් විතානගේ 82, මනෝජ් සරත්චන්ද්‍ර 43, චාමිකර එදිරිසිංහ 23, නිසල තාරක නොදැවී 46, අකිල ධනංජය 67/4, චතුරංග කුමාර 83/3, නුවන් කරුණාරත්න 49/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 112 (දර්ශන මහවත්ත 27, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 53, රුමේෂ් බුද්ධික නොදැවී 26)


මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී මොරටුව ක‍්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 17 ක ජයක්

මොරටුව ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම කඩුලූ 7 ට 432 (සංගීත් කුරේ 125, කසුන් ප‍්‍රනාන්දු 73, ශානුක දුලාජ් 70, හේෂාන් කුමාරසිරි 53, ධනුක මධුෂාන් 50, හසිත ලංකා 29, මාලිංග ද සිල්වා නොදැවී 23, බුද්ධික ද සිල්වා නොදැවී 20, දුෂාන් විමුක්ති 154/4, තේනුක ධනංජය 86/2)

මීගමුව ලියෝ පිල පළමු ඉනිම 189 (දමිඳු හෂාන් 50, මාධව නිමේෂ් 29, දුෂාන් විමුක්ති 29, අසංග ගිහාන් 27, අරුණ ධර්මසේන 20, ජනිෂ්ක පේ‍්‍රමසිංහ නොදැවී 20, මාලිංග ද සිල්වා 62/7, සිදත් විමුක්ති 66/2) සහ දෙවැනි ඉනිම 226 (මාධව නිමේෂ් 54, දමිඳු හෂාන් 47, පුබුදු හංසක 35, උදාර මුණසිංහ 27, සංගීත් කුරේ 71/4, සිදත් විමුක්ති 40/3, මල්ෂාන් මෙන්ඩිස් 50/2)


ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තරගය විසඳුමකින් තොරයි

යුද හමුදා පිල පළමු ඉනිම 153 (නවෝද් ඉලූක්වත්ත 49, ලක්‍ෂිත මධුෂාන් 47, මධුරංග ප‍්‍රියදර්ශන 25/4, රමේෂ් මෙන්ඩිස් 65/4, දුමින්ද කන්නංගර 25/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 8 ට 289 (ලක්‍ෂිත මධුෂාන් 82, ජනිත් ද සිල්වා 84, නවෝද් ඉලූක්වත්ත 27, ප‍්‍රියංක කුමාර 25, දුලාජ් විජිතකුමාර 22, සචික උදාර 57/4, රමේෂ් මෙන්ඩිස් 101/3)

අම්බලන්ගොඩ සිංහ ක‍්‍රීඩා සමාජය පළමු ඉනිම 161 (රමේෂ් මෙන්ඩිස් 38, උදේෂ් ප‍්‍රියංග 28, චලිත හැළඹගේ 26, ඉසුරු චතුරංග 20, ලක්‍ෂාන් මධුසංඛ 41/4, ජනිත් ද සිල්වා 43/3, ලක්‍ෂිත මධුෂාන් 10/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 235 (රමේෂ් මෙන්ඩිස් 82, චලිත මධුෂාන් 37, හසිත මධුෂාන් 28, සිතාර ගිම්හාන් 23, නිමන්ද මධුසංඛ 20, ලක්සුත මධුෂාන් 81/3)

 



අදහස් (0)

නිපුන් කරුණානායක (185) විශිෂ්ට පිතිහරඹයක

සමන් Tuesday, 16 July 2013 03:29 PM

ලාංකීය නව බලාපොරොත්තුව! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site