රුපියල් තිස් නම ලක්ෂ හතලිස් දහසක් වටිනා නිම නොකළ රන් ආභරණ 21 ක් පැළඳගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකාරියෝ කොළඹ පදිංචි ඥාති පවුලක නැන්දනිය සහ දියණියන් දෙදෙනෙකු බව රේගුව කියයි.
මාල, වළළු ඇතුළු නිම නොකළ රන් අබරණ 21 ක් මොවුන් ශරීරයේ තැන් තැන් වල පැළඳ සිටි බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබු රන් අභරණ වල බර ග්‍රෑම් හත්සිය අසූ අටකි.
මොවුන් ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 002 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.
මේ පිළිබඳව රේගු පරීක්ෂනය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතා විසින් එක් අයෙකුට රුපියල් දස දහස බැගින් රුපියල් තිස් දහසක දඩ නියම කොට එම රන් අභරණ රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජනක ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරී අචල චන්ද්‍රසේකර, පී. අරේවත්ත සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.කේ.ආර් සමන්ජිත්, ඒ.ජී.එ.එස් ගුණසේන යන නිලධාරීහු සිදුකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි? අයියෝ! රත්තරන් රාජසන්තක කළහම ලැබෙන දඩය මදිද? (නි)
දඩ මුදල පොඩ්ඩක් වුණාට කමක් නැහැ. බඩු රාජසන්තකනේ. අපරාදේ! ඒ හැමදේටම යට කළ සල්ලි කියලා දැන් හිතිලා ඇති. (නි)
නැන්දාත් දුවලත් එකට කරන වෙළඳ සංචාරය අවසන් කළානේ අපේ රේගු නිලධාරීන්... ස්තුතියි රේගු නිලධාරින්ට, ඔවුන්ගේ අවංක සේවය වෙනුවෙන් (නි)
පහුගිය මාස තුන ඇතුළත මේ මාද්‍ය හරහාම නිම නො කළ රන් භාණ්ඩ අපේ රටින් පිට කරන්ට ගිහිං රේගුවට අහුවෙච්ච බව මං කියෙව්වා. එහෙව් එකේ මේ මනුස්සයෝ මේ විදිහට අහිංසක නොදරුවොත් ඇන්න මෙහෙම ගමන් යන්නේ හිරේ ලගින්ටම හිතානවත්ද? කොහොම උනත් මෙව්වා පිටිපස්සේ කවුරුහරි ජාවාරම් කාරයෙක් දෙන්නෙක් ඇති. උන්ව අල්ලලා කුදලාගෙන ඇවිත් බරපතල දඬුවම් කරන්ට නං ඕනෑ කියලයි මං නං හිතන්නේ. (නදී)
දැන් ලංකාවේ රත්තරන් පැළඳගෙන යන්න තියෙන අනතුරුදායක තත්ත්වය නිසා, තියෙන සබ්බ සකලමනාවම පැළඳගෙන පිටරට යන්න හිතුවාද ? (නි)
මෙය රාජසන්තක කීරීමට නීතියක් නොමැති බවයි මම නම් කියන්නේ. (නි)
මේ ගහන දඩ මුදල හරිම සොච්ච්මක්නේ.නියම කරන්න ඕනේ දඩ මුදල ගෙවා ගන්න බැරි ගානක්.ඊට පස්සේ මාසයක් දෙකක් ඇතුලට යන්න වුනාට පස්සේ තේරෙයි රත්තරන් හොරෙන් ගෙනියන එකේ රගේ. (ස)
මොකද දන්නෙ නැහැ අර සමහරු වගේ පශ්චාත් පැත්ත ප්‍රයෝජනයට නොගෙන ඇඟ පුරා රත්තරන් පැළඳ ගෙනයන්නෙ? (නි)