පොලිස් කතක කට උත්තරය ලියා ගනිද්දී ඔක්කාරය හැදී ඇතැයි පවසමින් වැසිකිලියට යන මුවාවෙන් පලා ගිය පුද්ගලකුගේ සිරුරක් අද ලඳු කැලෑවකින් සොයාගත් බව පොලීසිය කියයි. පොලීසිය පවසන්නේ ඔහු ගෙල වැලලාගෙන සියදිවි නසාගන්නට ඇති බවයි. හෝකන්දර කාන්තාවක නාන කාමරයේ නාමින් සිටිය දී එහි ඇතුළු වූ වා යැයි සැකකරන මේ පුද්ගලයා පැනගිය නමුත් යතුරු පැදි අංකයෙන් ඔහු අත්අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් කටඋත්තරයක් ලියා ගනිද්දී පලා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර කතා මේවා. හැම තැනම නැහැ. ලංකාවේ පමණයි ඇත්තේ.(නදී)
උසාවියේ රාජකාරි පොලිසියේ කරන රටක් මේක. මිනිස්සු මරල නීතියට ගැලපෙන විදියට බොරු ගොතනවා.(නදී)
අබුද්දස්ස කාලේ (දී)
වැඩ නැද්ද? (නදී)
ආයුධ හොයන්න අරන් ගියේ නැහැ නේද? (නදී)
මේ මිනිහට අප්පිරිය හිතිලා තියෙන්නේ ලියපු කෙනා දැකලද? ලියපු අකුරු දැකලද? නැතිනම් නාන කාමරයේ දැකපුවටද? පොලිසියේ පොත් වල තියෙන්නේ අමුතුම අකුරු ජාතියක් , ඒවා ලියපු කෙනාටවත් නැවත කියවන්න අපහසුයි.(නදී) .
මම නම් හිතන්නේ නානකාමරයේ තරුණ කතක් නානවා කියලා හිතාගෙන මේ මිනිහ ඔලුව දාන්න ඇති. බලනකොට මහලුම මහලු කාන්තාවක් වෙන්න ඇති. ඒකෙන් ආපු අප්පිරියාවට එල්ලිලා මැරෙන්න ඇති. (නදී)
මේ ක්‍රමය හොඳය එල්ලුම් ගහ ලංකාවට අවශ්‍ය නැහැ කුඩු කාරයෙක් පතලක් මිනි මරුවෙක් අහුවුනොතින් ආයුද පෙන්නන්න එක්ක යන්න තියෙන්න අපේ (අ)
පැනල ගිය එක අල්ලාගෙන ආවලු.අයෙත් පැනල ගිහින් ලනුවක් හොයාගෙන ගහට නැගල මද්දක් ගහගෙන එල්ලෙනතුරු පොලිසිය මොකස්ද කරේ ? (අ)
පලා යාම, ගෙල වැළලා ගැනීම, අතුරුදන් වීම, මල සිරුර ලඳු කැලා වලතිබී සොයා ගැනීම, අවි ආයුද පෙන්නන්න ගිහින් වෙඩි හුවමාරුවකදී මිය යාම, සිර මැදිරිය තුලදී දිවි නසා ගැනීම, නිතරම අහන්න දකින්න ලැබෙන දේවල්. මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. මෙච්චර ගුණ යහපත් පොලිසියක් තියෙද්දී.(නදී)
මගේ අම්මෝ ඔළුව දාලා බේරුනා ඇති.(නදී)
පොලිසියමොකද කළේ (අ)
වරද කරුවන්ට කවදා කොහේ හෝ කොතනකදී හෝ වරදට දඩුවම් ලැබෙනවා (දී)
ඇයි මෙතනදී පොලිසියේ වැඩ ගැන හිතුවේ නැත්තේ. ඇත්ත දැන ගෙන මිසක් ප්‍රතිචාර දාන්න එපා. (නදී)