අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරාම සංකීර්ණයක් තිබූ බවට සැලකෙන හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පුරාවිද්‍යා ස්මාරක වලට හානි වන අයුරින් විශාල වළක් හාරා ඇති බවත් සැකකරුවන් කොබෙයිගනේ, නිකවැරටිය පොල්ගහවෙල ආදී ප්‍රදේශවල පදිංචි කරුවන් බව ද පොලිසයි පවසයි. ඔවුන පැමිණි සුඛෝප භෝගී මොටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යයා,හැමවෙලේම පොලිසිය ගැන ඔහොම හිතන්න එපා.අද ලංකාවේ පොලිසියේ නිලධාරීන් කොච්චර අපරාධ අල්ලාගෙන තියෙනවද? ඒ අය කරන හොද දේ පේන්නෙම නැද්ද ඔයාලට? නරක දේවල් විතරමද පෙනෙන්නේ. (නි)
චන්ද්‍රා , ඔක්කොටම කැමතියි කියමුකෝ , ප්‍රශ්නේ තියෙන්නේ බාගේ දෙන්න ඔස්ට්‍රේලියා එන්න වෙන එකනේ ? (නදී)
හැමදේටම 'සේනාවට' අඩගහන්නේ ඇයි? ශාසනේට රටට නායකයෝ නැද්ද? පිට ඉඳගෙන මේවා බලනකොට හරි කණගාටු හිතෙනවා රටට වෙන විනාශයට. මිනිස්සු එකතුවෙලා දේශපාලකයන්ට එයාලගේ වගකීම් මතක් කරදෙන්න. ඒවා මගහරින එකේ ආදීනව සංඝයා සියල්ලෝම එකතුවෙලා කියලා දෙන්න ඕනෑ (නි)
කෝ සේනාව?(දිල්)
හොඳ වැඩේ රජ පව්ලේ අයගෙන් අවසර නොගෙන නිදන් හාරන්න ආවට.(දිල්)
හෙට දවස වෙනකොට මේ පොලිසියේ මහත්වරුන්ව කොහෙට මාරු කරලා තියෙයිද දන්නේ නැහැ. අන්තිමට කියයි කා ර් එකේ බොරු අංක තහඩුවක් තිබුනේ කියල.(දිල්)
මේවා පොඩි මිනිස්සු හාරනකොට අල්ලනවා,හමුදා ආරක්ෂාව සහිතව නිදන් හාරන කොට කවුරුත් අල්ලන්නේ නැහැ,නිදන් හැරිම හරිම වැරදියි තමයි .ඕව ලංකාවේ සියලුම දෙනාට අයිති දේවල්.(දිල්)
පළාතේ පොලිටික්කෙක් හෝ බල පුළුවන් කාරයෙක් මේක මෙහෙ යවන්න ඇති.එම තැනැත්තා කොටු කර ගත්ත නම් හොඳයි.(දිල්)
අනේ දෙවියනේ පුරාවස්තු ටික සේරම දැන් ඉවරයි. පොලිසියෙන් අල්ලන්නේ නැතුව කොච්චරනම් මහා පරිමාණයෙන් නිදන් හාරනවද ? අනේ ඔය මිනිස්සුන්ට නම් කවදාවත් හොදක්නම් වෙන්න එපා.(දිල්)
නිධන් හොරුන් විසින් හාරා ඇති වල ඔවුන් පස් දෙනාම පණපිටින් වළලන්න තරම් ගැඹුර ඇත්දැයි සොයා බලන්න. (ස)
නිරංජලා ඔබගේ වදන් ඉතාමත් සංවේදීයි. සත්‍යයෙන් පිරි ප්‍රකාශයක්. එත් විසඳුම කොහිද?. ජනතාවගේ ඇස් ඇරෙන්නේ ව්‍යාසනයේ අවසන් අදියරයේද? (ස)
දැන් වසර තුන හතරක සිට රටේ දේශප්‍රේමීන් යයි කියා ගන්න පිරිස බහුල වුනා.මොවුන් සිංහ කොඩිය ඉබීන්නටත්,මව් බිම වෙනුවෙන් වහසි බස් දොඩන්නටත් පටන් ගත්ත.මේ නිසා හැම විටම දේශප්‍රේමී,දෙශිතය්ශී,දේශමාමක, යන වචන නිතරම අහනා ලැබුන.මෙය රටේ මතු පිටින් පෙනෙන්න තිබුණු ලක්ෂණයයි.නමුත් හැමෝටම නොපෙනුන ලක්ෂණය නම් මහා පරිමාණ දව ජාවාරම්,ස්වභාවික වනාන්තර එලි පෙහෙළි කර විකිණීම්,මහා පරිමාණ වැලි ගොඩ දැමීම්,පුරා වස්තු මංකොල්ල කෑම,නිධන් හැරීම්,යන දේශය විනාශ කරන ක්‍රියාවන්ය.ජනතාව ද මේ සියල්ල ඉදිරියේ ගොළුවන්,බිහිරන් සේ හැසිරීම පුදුම සහගතය.(දිල්)
තොරණේ ඉහළ මාලයේ පළමු පින්තුරයෙන් පෙන්වන්නේ "දවසක මේ වගේ වාහනයක් ගන්න රාජකාරියෙන් බැහැරව හෝ අපටත් වාසනාව ලැබේවා" කියන සිතුවිල්ල. දෙවෙනි මාලයේ ඇති පින්තුරයෙන් පෙන්වන්නේ "කැලෑ ටාසන්" චිත්‍රපටයේ කැලෑ දර්ශන රුප ගත කිරීම ට ගිය නළුවන් පිරිසක්. 3 වන මහලයේ ඇති පින්තුරය නිධන් ගත්තත් නැතත් අවසානයේ උරුම වන බිම් කඩයි. 4 පින්තුරය පෙන්නුම් කරන්නේ වළ වහන්න පස් ගේන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නය නිරාකරණ කරන්න වෑයම් කරන ආකාරයයි. සාදු..සාදු ! (ස)
5 දෙනෙක් ඇවිල්ල තියනවා කිව්වට ෆොටෝ එකේ ඉන්නේ 4 දෙනානේ (අ)
නිදන් හාරන්න ඔහොම බෑ. වාහනෙත් සුඛෝපබෝගී මදි. (අ)
ඔවු දයා, අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල දාපු මිනිස්සු වගේ මේ ගොල්ලොත් පරණ වළක් දිහා බලා ඉන්නවා. අපේ පොලීසියත් හරිම දක්ෂයි නිධාන අරන් ගියාට පස්සේ හාරපු වල පරිස්සම් කරන්න. (ස)
නිදන් වදුල නමැති පොත මා ළඟ ඇත. රට ඇතුළේ තාමත් පවතින මෙම නිදන් පිළිබඳ විස්තර හා සිතියම් මෙම පොතේ ඇත. සොයා ගත් වස්තුවෙන් භාගයක් මට අවශ්‍ය අතර දිය යුතු බිල්ල ඔබ විය යුතුය. (නි)
පොලීසිය එනතුරු මේ අය නිදාගෙන ඉදලද ? (ස)
දයාපාල 5 දෙනෙක් ඇවිල්ලා උඩම ෆොටෝ එකේ ඉන්නේ.(නදී)
මේක බොරුවක් ද? බලන්න වලේ වල් බිහි වෙලා.(නදී)
මේක පරණ වලක් නේද? (නදී)