කොළඹ නිදහස් චතුරස්‍ර ශාලාවේ පියගැට පෙළ අසලින් විකෘති කරන ලද සිංහ කොඩි 25කට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

නිදහස් චතුරශ්‍ර ශාලාවේ අද (10) පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීකට මේවා ගෙන එන්නට ඇතැයි සැකකරන බව කියති.

එහි දේශපාලන ස්වරූපයේ රැස්වීමක් පවත්වන්නට යතියි සංස්කෘතියේ අමාත්‍යංශයේ ලේකම් අනූෂා ගෝකුල මහත්මියට ලැබුණු තොරතුරක් අනුව රැස්වීම නතර කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියයි.