බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මාධ්‍ය නිදහස සීමාවීම, ගොවි සහන කප්පාදුව ආදී අසාධාරණයන්ට විරෝධය දක්වමින් හා ආගමික නිදහස අහිමි කරන තත්ත්වයක් තුළ මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට නිදහස පතා දේව කන්නලව්වක් කරමින් මෝදර කෝවිලේ පොල් ගැසීමට අද (4) බන්දුල ගුණවර්ධන මහතා එක්විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 62 ජන්දය දීල පත්කරගත්ත රජය! යහපාලනයක් සඳහා අන්තිමට දෙවියන් තම යදින්න වුණා!(ම)
දැන් බලය නැතුව ඉන්න නිසා පොල් ටිකක්වත් ගහමු නැවත බලය ලැබෙන්න කියලා (නි)
මොනවද මේ වැඩ. (ර)
..මිත්‍යා දෘෂ්ටිකයෙක්.(හේ)
මේ වගේ මිනිස්සුනේ අපි පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ. (හේ)
මොනවද හැබෑට මේ වැඩ? (නි)
අනේ දෙවියනේ, දෙවියන්ටම පෙනීයන් මේ දේවල්. කපුටෙකුටවත් ඉහට ඉහළින් පියාඹන්න බැරි තරම් බලයකින් අවුරුදු දහයක් පාලනය කළ මේ අයට ඒ කාලේ ඉෂ්ටසිද්ධ කරන්න බැරිවුණ දේවල්නේ මේ පොල් ගගහා කියන්නේ. අපිට නම් ලැජ්ජාවේ බැහැ (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මිනිසකුට තවත් මිනිසකුට සේවය කිරීම සඳහා අවශ්‍ය වන්නේ තමාගේ සිත තුල ඇතිවන මෛත්‍රිය කරුණාව දයාව ආදරය වගේ දේවල්. වෙනත් අයකුට අකටයුත්තක් කිරීමට,විනාසයක් කිරීමට පිටස්තර බලවේග වල පිහිට අවශ්‍ය වෙනවා. (හේ)
කාටහරි කියලා හොඳ කළටි ගෙඩියක් ඔලුවේ ගහගත්තා නම් හරි (නි)
මෝඩකමට බේත් නෑ කිව්වට මෝඩකම පෙන්නන්න නම් හොඳ බේතක් තමයි මේ "ගහන පොල්" (ර)
මෙන්න නියම ආදර්ශමත් පුද්ගලයෙක්. රුපියල් 7500/ක් අරන් හොදට කාලබිල (ඇග දැක්කම කාටත් පේනවනේ) පොල් ගහන්නත් සල්ලි ඉතුරු කරගෙ න . (කෞ)
මේ වෙලා තියන දේවල් මදිවටද තව පොල්ගහන්නේ...(හේ)
ඉතින් මෙහෙම පොල්වලට වියදම් කරන්න ගියාම අර ඔබ තුමා කියපු පවුලකට මාසෙට "ප්‍රමාණවත් රුපියල් 7500" මදි වෙයිනෙ මාසයක ඉන්න. ඒ මදි පාඩුව පියවගන්නත් කීයක් හරි දෙන්න කියලා පොල් ගහමුද? (ර)
සිංහල, දෙමල, මුස්ලිම් ඇතුළු හැම දෙනෙකුටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් විය යුතු, ජිවත් විය හැකි , ආගමික නීති වලට මේ රටේම ජනතාව යටත් නොකරන ,නොවෙන, රටක් බිහි කල හැකි කොන්දක් තියෙන නායකයෙක් යටතේ ඔබතුමාලා ඇමතිකම් කරන කාලයේ මේ කිසිවක් මතක් වුයේ නැද්ද? එතුමාට කියල මේවා කරවන්න හැකියාවක් තිබුනේ නැද්ද.? (ර)
අපේ සහයෝගය. (ර)
පොල් මිල තව ඉහල යයි. (ර)
අපේ ජාතික ධනය හොරාකාපු අය භංගවෙලාම යන්න කියලත් ගහන්න පොල් (නි)
හොර පොල් නෙවේ නේද මේවා????(හේ)
අපරාදේ පොල් ටික . නැති බැරි කාට කාට හරි දීලා පොල් සම්බෝලයි බතුයි කාල කුසගිනි නිවාගන්න සැළස්වුවා නම් ලොකු පිනක්. (ර)
මෙහෙමත් හරක් රැලක්.(හේ)
මමත් ඔබ තුමාට ඡන්දෙ දුන්න ඔබෙන් ඉගනගත්තු කෙනෙක් දැන් නම් ඔබ කරන දේවල් ගැන කිසිම පැහැදීමක් නැහැ (හේ)
අසරණ මිනිසුන්ට බදු පිට බදු ගහල,දඩ ගහල,...එකතු කර ගත්තු දනස්කන්දය හොරාකාපු කම්බා හොරුන්ව භංග වේවා කියලත් පොල් ගහන්න.(හේ)
හරි හොඳයි තව ගහන්න. හැබැයි මතක තියාගන්න ප්‍රතිඵලත් එනවා ඒ වගේම (නි)
බොරු වැඩ (හේ)
කම්බා හොරුන්ව භංග වේවා කියලත් පොල් ගහන්න (හේ)
මෙතුමන්ලා බෞද්ධයෝ වුනා නම් මෙහෙම කරන එකක් නැහැ. එහෙනම් "අප තුල පවතින සිල්වත්බව, අපි විසින් යහපත් දිවි පැවැත්මක් ගෙනයන බව සත්‍ය නම් ඒ සත්‍යයේ බලයෙන් අපගේ අපේක්ෂාවන් ඉටු වේවා" කියා සත්‍යක්‍රියා කරනු ඇත.(කෞ)
ඇමති කමට තට්ටු වෙලා, දැන් හොඳටම උමතුවෙලා.. (ර)
වරුණ..... මොකද අමතකද ......බ්‍රේස්ලට් ...බෙදුවේ.....තුමා සමහර අයට ඔබට ලැබුනේ නැත්ද...වැඩිපුර ගත් කට්ටිය මුදුත් හදවාගෙන,,කාටද ආඩම්බර..... පුහ්... (බ)
අනේ මෙහෙමත්... (ර)
සමස්ථ ලංකා ඒකාබද්ධ පොල් සංගමය. (ර)
දේව බැල්ම ඇති ප්‍රසිද්ධ දේවාල වල ඉදිරියේ මෙසේ මෙම අගන පොල්ගෙඩි තලා නාස්ති කිරීමෙන් දේව ශාපය වනාවා විනා දේවාශිර්වාය නොවන බව මෙම උගතුන් කවදා වටහාගනීද දන්නේ නැත. ඔවුන් තායිලන්තය වැනි රටකට ගියා නම් පොල් වතුරෙන් පවා විදෙස් විනිමය උපයන අන්දම දැකගත හැකිය (නි)
ටිකක් පරෙස්සම් වෙන එක හොඳයි. පොල් ගහපු කූඩුවට බන්දුල අත දාගෙන ඉන්න විදිය නම් එච්චර හොඳ නැහැ. (නි)
පොල් වෙනුවට දෙල් ගැහුවානම් නරකද?(හේ)
පොල් ගැහුවා කියලා මේ දේවල් නතර වෙයිද?(හේ)
මෙහෙමත් විකාර වැඩ.(හේ)
මේ 21 වන ශත වර්ෂය ගල් යුගයේ වැඩ කරන්න එපා මහත්තයෝ .(හේ)
බන්දුල ගුනවර්ධනම නේද කිවේ සක්කරයාගේ පුතා වයිමා ආවත් බඩු මිල අඩුකිරීම වගේ දේවල් කරන්න බැහැ කියා. බලය තියන කොටත් එහෙම නම් දැන් බලය නැතිවුනාට පස්සේ පොල් ගහනවා ,පොල් ගානවා ,පොල් බොරු ඇදබානවා වගේ දේවල් තමයි කරන්න හිතෙන්නේ. රටට පලදායක වැඩක් කරන්න හිතෙන්නෙම නැද්ද? (ර)
බ්‍රේස්ලට් හා මුදු ටික දැක්කම කොතරම් මහජන සේවයකට කැප වෙලා හිටියද කියලා හිතාගන්න පුළුවන්. (ර)
හැබැයි මේ දේවල් පිළිගන්නේ නැතුව ඉන්න බැ මේ වෙන දේවල් වල හැටියට. (ර)
ඒකාබද්ධ විපක්ෂය කියාගන්නා මේ අය මෙහෙම පොල් ගහන්න ගියොත් ළඟදීම පිටරටින් පොල් ගෙන්නනත් වෙනවා.(ම)