කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සිංහල කොටස හැළී ඇත.
දැනට එහි ඇත්තේ සිංහල ඉස්පිලි කිහිපයක් සමග දෙමළ හා ඉංග්‍රීසි නාම පුවරුව පමණි.
කොළඹ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නාම පුවරුවේ සිංහල කොටස හැළී ඇත.
දැනට එහි ඇත්තේ සිංහල ඉස්පිලි කිහිපයක් සමග දෙමළ හා ඉංග්‍රීසි නාම පුවරුව පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තහඩු 4න් එකක් ගලවගෙන වැටිලා. කොහොමත් දැන් කොයි පක්ෂෙත් සිංහලෙනුයි, බුදු දහමෙයි දෙකෙන්ම නිදහස්. එනපාර අපේ ඡන්දෙනුත් නිදහස්. කැලයක් කපාගෙන තොප්පියක් දාගෙන හිටිය නම් ෆුල් සැලකිල්ල. (බ)
ගයාන්ගේ අදහස නම් හරියටම හරි. (බ)
යකාගෙ හෑටියටලු විමානේ. ඕකෙ සිංහලෙන් නම ගහන්න ගිහින් ජාතිවාදී ලේබලේ අලවගන්න කව්ද කැමති වෙන්නේ. (ම)
කවුරුහරි උවමනාවෙන්ම මේක ගැළෙවුවාවද්ද? (නි)
ඔය පුවරුව සිංහලවිරෝධී කාර්මිකයෙක් සවිකළ එකක්ද දන්නෙ නැහැ (නි)
ඔව් ඉතින් කාලෙකට උඩදී එක ප්‍රදේශයකදී 'ශ්‍රී' අකුර හැලුනා. ඊටපසුව ලංකාවෙන්ම වාහනවල ශ්‍රී අකුර ඉවත්කළා. තව ටික කලකදී ලංකා කියන කෑල්ලත් නොදැනීම හැළේවිද දන්නෙ නැහැ. ඒවා ආරක්ෂා කරන්න ඕනෑ අය පක්ෂ,පාට වලට බෙදිලා කුළල් කාගනිද්දී අනිත් අය ඉබිගමනින් තම වටපිටාව හදාගෙන යනවා. (නි)
නාම පුවරුව විතරක් සිංහලෙන් තිබුණා කියලා වැඩක් නැහැනේ (නි)
තව මොන මොන දේවල් ඉදිරියේදී වෙයිද දන්නෙ නැහැ (නි)
සමහරවිට අලුත්වැඩියා කරන්න ඉවත්කළා වෙන්න බැරිද? (නි)
මේකත් අර මී හරකා සහ එළ හරකා එක හීයේ බැන්ඳා වගේ වැඩක් (නි)
මොකක්ද දන්නෙ නැහැ හේතුව? (නි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සිංහල විතරක් නෙමෙයි සිංහල පාක්ෂිකයිනුත් පහුගිය ඡන්දෙන් පස්සේ සම්පුර්ණයෙන් හැළිලා. (නි)
සැබෑ තත්වයේ වෙන්න ඇති දැන් තිබෙන්නේ. (නි)
මේ මොනවද වෙන්නේ? (නි)
මේක නම් අහම්බෙන් වුණ දෙයක් වෙන්න බැහැ. කපලා ඉවත් කරලා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
අනේ හැබෑට මෙහෙමත් වැඩ! (නි)
එක්කෙනෙක් නම් කිව්වලු ලංකාවේ ඉපදුනා කියන්න ලැජ්ජයි කියලා. සමහරවිට සිංහල නම තියන්නත් ලැජ්ජා ඇති. (නි)
මම හිතන්නේ හොද වැඩක් කාලයකට පස්සේ. (ර)
සිංහලෙන් මුද්‍රණය කළ තීරුව හුළගට ගැළවුණා වෙන්න බැරිද? (නි)
සැබැ තත්වය පිලිබිඹු වෙනවා (බ)
මේ පුවරුවට ඉදිරියෙන් සිංහල අකුරු ටික වහලා වගෙයි මට පෙනෙන්නේ. මොකද්ද මේ වෙන්නේ? ඇයි මෙහෙම කරන්නේ? (නි)
මම මෙය දකින්නේ ස්වභාව ධර්මය ඇත්ත ඇති සැටියෙන් පෙන්වීමක් ලෙසයි (නි)
හරි පක්ෂ නායකයෙක් නැති පක්ෂයක් මොකටද. (බ)
කරන දෙයම හරියටම පෙන්වලා, එච්චර. සිංහලකමට තව ඉදිරියේදී හොද හොද දේවල් වේවි, එ්කටනේ මෝඩයෝ ටික දැගලුවේ, දැන් ඉතින් කාපල්ලා. (බ)
මේ තියෙන්නේ ඉංග්‍රීසි - දෙමළ හයිබ්‍රිඩ් ක්‍රමයට හදල ගහල තියන නාම පුවරුවක්. (බ)