
(යොහාන් භාසුර)
පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
නිදහස් දින උළෙල සම්බන්ධ සංවිධාන කටයුතු, ආරක්ෂක වැඩපිළිවෙළ සහ ඉදිරිපත් කරන සංස්කෘතික අංග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
නිදහස් දින උත්සවය පෙබරවාරි මස 4 වැනි දින කොළඹ 07, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ආචාර්ය ඒ.එච්.එම්.එච් අභයරත්න, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු , කුමාර ජයකොඩි, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, ලේකම්වරු වන ආලෝක බණ්ඩාර, නාලක කලුවැව සහ එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොත්තා යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංදර්ශන වලින් ජෙබයියෝ චූන් කරන හැටි කියලා දෙන්න...
රටේ සල්ලි විනාශ කරපල්ලා ජෝගි නටලා.