ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමට යෝජනා කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආශු මාරසිංහ, චතුර සේනාරත්න වැනි අයගේ උසස් අධ්‍යපනය පිළිබඳ අනුකාරක සභා වාර්තාව පිළිගත නොහැකි කියමින් අද (17) පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය ඇතුළු පීඨ කිහිපයක සිසුහු පේරාදෙණිය ගලහ මං සන්දියේදි උද්ඝෝෂණයක යෙදුණහ.
වත්මන් රජය ජනවාරි 31 වැනිදා සිට හොර උපාධි කඩ සඳහා නීතිමය භාවය ලබා දිමට කටයුතු කරන බවත් ඉදිරියේදි නිදහස් අධ්‍යාපනය නැති කර දැමීමට කටයුතු සලසා ඇති බවත් ඔවුහු කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණි, හේතුව කියන්නද? කොතලාවල උපාධියට විරුද්ධවෙලා හදිසියෙන් ආපහු පසුගිය නායකයො බලයට ආවොත් වෛද්‍ය සංගමයට කටඋත්තර නැතිවෙනවා. (නි)
සුගත්, පාර්ලිමේන්තුවේ ඉන්න ලැජ්ජා නම් අවශ්‍ය කෙනෙකුට යන්න පුළුවන්. යූඑන්පී ලිස්ට් එකෙන් වෙන කෙනෙක් දායි (නි)
මේ අයගේ පර්යේෂණ වැඩි කරන්න.. විෂය නිර්දේශ වැඩි කරන්න ඇයි කතා කරන්නේ නැත්තේ. වෛද්‍ය අධ්‍යාපනය විතරක් නෙවෙයි සියලු විෂයයන් යාවත්කාලීන නෑ.. ඒවා යාවත්කාලීන කරන්න... පර්යේෂණ වැඩි කරන්න මේය නිකමටවත් පාරට බහිනවද..? පුහු වැඩ වලට තමයි පාරට බහින්නේ. පෙර පාසලේ ඉදල උසස් පෙළ දක්වා අධ්‍යාපනය සල්ලිවලට තමයි වැඩි වශයෙන් යන්නේ. (ර)
මේ උදවිය බෝඩිමේ බෙඩ්ෂිට් එකේ සිට සියළුම දේවල් මහජනයාගේ බදු මුදලින් බලාපොරොත්තු වුණාට කමක් නැහැ කියමුකෝ. ඉන්පසු වාහන පර්මිට් එකේ සිට ළමයාට ජනප්‍රිය පාසලුත් බන්දේසියේ තබා පිරිනමාවී කියා සිතන එකනේ වැරැද්ද (නි)
තිලක් ඉන්දික මහතා ලංකාවේ නෙමෙයි වගේ ඉන්නේ ? (බ)
අන්න කට්ටියක් නවක වදයට විරුද්ධව පාරට බැහැලා... (නි)
නුඹලගේ අධ්‍යාපන වියදම් දරන්නේ රටේ මහජනතාව. අපට තවදුරටත් එය කරන්න බැහැ. වැඩිදුර ඉගෙනගන්නවා නම් නුඹලාගේ වියදමින් එය කරගන්න (නි)
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගත් අයෙක් නිදහස් අධ්‍යාපනය රැකගන්න පාරට බහින එක පුහු වැඩක් යැයි පැවසීම වැරදිය (නි)
නිදහස් අධ්‍යාපනය කෙසේ වෙතත්, ලංකාව ඇයි ඔච්චර ලෝකෙට ණය? ණයට ඉගෙන ගෙන ණය ගෙවන්නවත් ඉගෙනගන්නේ නැතිකමද? (බ)
එතකොට කොතලාවල වෛද්‍ය උපාධිය කොලිටිද පුතාලා.. දන්නෙ නැති නිසා අහන්නේ.. මොකද ඔයාලා ඒ හැමදේම ගැන ජාතික හැඟීමකින් හොයලා බලනවනේ..(බ)
ජනතාවගේ මුදලින් පිනට උගන්වන උසස් අධ්‍යාපන ක්‍රමය ලංකාවේ අහෝසි කළයුතුයි කියලා අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා. එංගලන්තයේ ක්‍රියාත්මක වෙන විදිහේ, පොළීරහිත සහනදායි ණය ක්‍රමයක් සිසුනට හඳුන්වා දී ඔවුන් රැකියා කරනවිටදී නැවත අයකර ගැනීමේ ක්‍රමවේදයක් ඇති කළයුතු යැයි අපි රජයට යෝජනා කරනවා. විභාගය සමත්වෙලා සරසවියට ඇතුළු වුණා කියලා ලොකුවට හිතාගෙන ඔලුවේ අං දාගෙන ඉන්න අය අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරීම නවත්වන්න යැයි ජෝජනා කරනවා නම්, ටියුෂන් කඩ, ජාත්‍යන්තර පාසල්, සියලුම පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කළයුතුයි. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල වලට බහුතරයක් කැමතියි. මේවා පුළුවන් තරම් අරඹා දොස්තරලාගේ ගෙම්බර් බස්සවන ඕනෑම කෙනෙකුට ඊළඟ ඡන්දය උඩින්ම දිනන්න පුළුවන්. (නි)
නිදහස් අධ්‍යාපනය අවුරුදු හැත්තෑවක් පමණ කරලත් උගත් අය කරන පෙරලි අර්බුද දිහා බලනවිට ඒ කිසි දෙයකින් වැඩක් වී නැති බවයි මෙයින් පෙනෙන්නේ. මේ අයගෙත් කිසි අධ්‍යාපනයක් නැති උදවියගේත් හැසිරීමේ කිසි වෙනසක් නැති හැඩයි (නි)
එට්කා ගිවිසුම හරහා ඉන්දියන් වැඩකාරයෝ ටික ආවාම තේරෙයි ළිඳ ඇතුළේ ඉන්න ගෙම්බෝ ඉන්නේ කොතනද කියලා. පිටරට දොස්තරලා ගෙනල්ලා මේ වෙද මාෆියාව නැතිකළ දාට තමයි මේ රට ගොඩ එන්නේ. (නි)
ආශු මාරසිංහ වගේ උගත් මහත්වරුන්ටත් ලැජ්ජා වෙන්න වෙනවා නූගත් අයත් එක්ක එකට වැඩකරන්න වීම නිසා (නි)
ලංකාවේ ඉගෙනගන්න ජාත්‍යන්තර පාසල්වල ළමයින්ට උසස් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් නැහැ. මේ ගැන කවුරුත්ම කතාකරන්නෙ නැහැ. ඒ ළමයි අපේ රටේ අය නේද? (නි)
මටත් තේරුම්ගන්න බැරි කොතලාවල වෛද්‍ය උපාධිය ගැන කිසිම විරෝධයක් ඉස්සරවත් නොකළ මේ අය මේකට විතරක් විරුද්ධ මොකද කියලයි. (නි)