කොටි සංවිධානයේ මුල් පෙළේ නායකයකු හැටියට සැළකෙන පෙරියබනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් ශ්‍රි ලංකාවට භාර දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වෙත ලිපියක් යැවීමට ජාතික හෙළ උරුමය කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ සිදුව ඇති ත්‍රස්ත කටයුතු වලට නෙදියවන් සහය දක්වා ඇතැයි ලිපියේ දැක්වෙන අතර ශ්‍රී ලංකාවට හා ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව කර ඇති අපරාධ සම්බන්ධයෙන් ඔහුට නැගී ඇති චෝදනා විභාග කිරීමට නෙදියවන් ශ්‍රී ලංකාවට භාර දෙන්නැයි ලිපියේ සදහන් වේ.
ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියන ආකාරයට නෙදිවන් නෝර්වෙහි ඔස්ලෝ නුවර නිදහස් පුරවැසියකු ලෙස ජීවත් වෙයි. ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටර්පොල් රතු වරෙන්තුවක් නිකුත් කර තිබියදී පවා ඔහු ශ්‍රී ලංකාවේ ත්‍රස්ත කටයුතු සිදුකිරීම සදහා සහය දක්වමින් සිටින්නේදැයි පසුගිය මාසයේ එල්.ටී.ටී.යේ නැවත නැගිටීමක් සම්බන්ධයෙන් වුණු සිදුවීම් දාමය පසුපස සිටින්නේත් නෙදියවන් යැයි පරික්ෂණ වලින් තහවුරු වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.
ශ්‍රී ලංකා රජය පසුගිය මාසයේදී විවිධ සංවිධාන 16 පුද්ගලයින් 422 දෙනෙක් අසාදු ලේඛන ගතකිරීමට කටයුතු කළ අතර මෙම සංවිධාන හා කිහිප දෙනෙක් නෝර්වේ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වෙයි.
තහනම් කරනු ලැබූ සංවිධාන හා පුද්ගලයින්ගේ තොරතුරු විදෙස් රටවලට ලබා දීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගෙන් යුධ සමයේ ලබාදුන් තොරතුරු පිටටදීමේ තේරුමක් නැහැ. (ස)
නෙදියවන් ඔබ එන්න ලංකාවට ඔබ මොන වැරදි කර තිබුනත් ඔබට සමාව දෙන්න තරම් සිංහල මිනිසා සහ ලංකාවේ සිටින අප කාරුණික වෙමු. රණ්ඩු වේවි යාලු වේවි ඉමු අපි එකට. (නදී)
නෙදියවන් නොර්වේ ඉදන් දුක් විදිනවා බලන් ඉන්න බැරුව ඔය ඉල්ලන්නේ මෙහෙට ගෙනත් ඇමති පට්ටමක් දීල සැප දෙන්නයි. (නදී)
ආයුධ පෙන්නන්න එක්ක යන්නද, ඇමතිකමක් දෙන්නද? (ස)
ඔය නොර්වේ රට නම් විස්වාශ කරන්න බැහැ. නෙදියවන් පෙන්න පෙන්න මොන ගැටයක් ගහවිද දන්නේ නැහැ.(නදී)
හා හා සුනිල් එහෙම කියන්නත් එපා මම හිතන්නේ කේ පි ට සලකපු විදිය දැකල සතුරාටත් මෛත්‍රි කරන පක්ෂයක් ඉතාම සද් භාවයෙන් කරපු ඉල්ලීමක්. (අ)
නෙදියවන් ලංකාවට ගෙනත් දඩුවම් කිරීම හොදයි. ඒ වගේම කේපීට, කරුණට, පිල්ලෙයාන්ටත් දඩුවම් දීම වඩාත් හොදයි. (නදී)
නොර්වෙකාරයා දෙපිටකාට්ටුවෝ, තවමත් දෙමල සිංහල අය කෙටවීමේ දෙබිඩි පිළිවෙතේ ඔහුන් ඉන්නේ (නදී)
ආණ්ඩුව නේද නොර්වේ රටින් නෙදියන්ව ඉල්ලන්න ඕනා. අනේ මන්දා.(නදී)
මොකද ගෙනල්ලා ඇමති කමක් වත් දෙන්නද අනිත් කොටියන්ට වගේ.(නදී)
සරසි නෙදියවන් මෙහෙට ගෙනත් ඇමති පට්ටමක් දීල සැප දුන්නහම මොකද? (නදී)
දැන් මෙයා ගෙන්නලා කේ.පී. ගෙ උදව්වට දාන්නද යන්නෙ?(දිල්)
මොන මෝඩ කතාද? නොර්වේ රටේ තියෙන්නේ යහපාලනයක් පවතින ඉතාමත් අපක්ෂපාති අධිකරණයක්. ඔය නෙදියවන් කියන ත්‍රස්තවාදියා නොර්වේ පුරවැසියෙක්. කවමදාකවත් ලංකාවට නම් භාරදෙන්නෙම නැහැ. කියන ඕනෑම වරදකට නොර්වේ රටේම නඩු අහල වරද කරුවෙක් නම් නිසි දඬුවම් දෙන්න වුනොත් දෙනවාමයි. හැබැයි නොර්වේ වල....! මේ බව අපේ අයත් දන්නවා. ඔය කරන්නේ ප්‍රචාරක කටයුතු. පක්ෂය ජනප්‍රිය කරවගන්න. (අ)
හෙළ උරුමයෙන් ඔහුව ගෙන්වා ගැනීමට උත්සහ කරන්න අවශ්‍ය නැහැ. ඇයි ආරක්ෂක අංශ ඉන්නේ? (නදී)
සරසි" ඔබ දන්නේ නැද්ද ඇමති සැප විඳින අය ගැන. මගේ නම් අදහස නෙදියවන් නොර්වේ ඉදන් දුක් විඳින්න අවශ්‍ය නැහැ ඔය නොර්වේ රට නම් විස්වාශ කරන්න බැහැ ඔබ එන්න ලංකාවට ගන්න සැප අපි තරහ නැහැ. (අ)
මෙයාට දඬුවම් දිය යුතුයි. (ස)
හෙළ උරුමෙට බඳවගන්න වෙන්න ඇති. (නදී)
දැන් ඉතින්ම් ඉල්ලගෙන මොනවා කරන්නද? (දී)
කවදාවත් දෙන්නේ නෑ..නෝවේ අපේ හැමදාම හතුරෙක්. (දී)
දුටුගැමුණු, කරුණාගෙන් යුද්දේ අවසන් කාලයේ ගොඩක් වැඩ ගත්තා. කේ.පී ගෙන් ඉස්සරහට වැඩ ගන්න තියෙනවා. කොහොමත් කලින් කරපුවට දඬුවම් දෙනවනම් 88-90 කරපුවට ජේ.වී.පී එකටත් දඬුවම් දෙන්න වෙනවනේ.(නදී)
ගෙන්වා ගෙන ආයුධ පෙන්නෙන්න එක්කගෙන ගියා නම් හරි (දී)
හෙළඋරුමය ජෝකර් වෙන්න හදනවද නැත්නම් ලකුණු දාගන්න හදනවද? කෙසේවෙතත් මේක සමාන වෙන්නේ "බල්ලගෙ වැඩේ බූරුවා කරන්න යාමකටයි. (දී)
ඇයි? ගෙන්නලා ඇමති කමක් දෙන්නද? (මේ අය එහෙම ආයුධ පෙන්නන්න එක්ක යන්නේ නැහැ). (නදී)
ඊට කලින් කේ පී සහ කරුණා කරපු දේවලට මොකද කතා කරන්නේ නැත්තෙ(දී)
අපගේ රහස් ඔත්තු සේවයට නොහැකිද එහෙදීම එතුමාට ආයුධ පෙන්නන්න එක්කන් යන්න (නදී)