රන්ජන් ප්‍රසන්නගේ අධ්‍යක්ෂණයෙන් සුසිල නිෂ්පාදනයක් ලෙසින් නිර්මාණය කෙරෙන "නොදත් දේසෙක අරුමවන්ති" අද (24දා) සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට සිරස ටීවී ඔස්සේ විකාශය කෙරේ.
දේවේන්ද්‍ර නිහඬ ගුප්ත ජීවිතයක් ගෙවන තනිකඩ පොහොසත් ව්‍යාපාරිකයෙක්. තමන්ගේ නිවසේ මෙහෙකාර යුවළගේ එකම පුතා වන දර්ශන්ට ඉගෙන ගන්නට වියදම් කළේ දේවේන්ද්‍ර විසිනි. අගනුවර ආශ්‍රිතව ඉංග්‍රීසි පන්නයේ පැරණි රාජසිංහ බංගලාවේ වෙසෙන පිලිප්ට තමා ලියූ පොත් කිහිපයක් දෙමළ බසට පරිවර්තනය කිරීමට පවත්වන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වන දර්ශන් ඉතා ඉක්මනින්ම පිලිප්ගේ සිත දිනා ගන්නවා. පිලිප්ගේ බංගලාවේ නතර වෙන ඔහුට එදින රාත්‍රියේ මුහුණ දෙන්නට සිදුවන්නේ අමුතුම අද්දැකීමකට.
දර්ශන්ට රාත්‍රී අඳුර අතරින් තරුණියකගේ රුව අතුරුදන් වන්නේ දර්ශන්ගේ සිතේ කුහුලක් ඉතිරි කරමින්.
අසේකා යනු පිලිප් ගේ වැඩිමල් පුතාගේ දියණියයි. දිනක් අසේකා සිය කාරය පදවාගෙන යද්දී හදිසි අනතුරකට ලක්වෙනවා. මේ මොහොතේ ඇයගේ ජීවිතය බේරාගන්නේ එතැනට එන දර්ශන්. අසේකා ඒ ගැන දර්ශන්ට ස්තුති කරද්දී ඔහු කියන්නේ තමාව ඒ වෙත ගෙන්වූයේ මායාවී කාන්තා රූපය බවයි.
කෙමෙන් අසේකාගේ සිතේ දර්ශන් ගැන පැහැදීමක් හටගන්නා අතර එය කෙමෙන් ආදරයක් බවට පත්වන්නේ ඔවුන්ටත් රහසේමයි. පිලිප්ගේ ධන බලය හා නිල බලය හමුවේ කාලයේ වැලිතලා අතරේ සඟවා දමන ලද ඛේදජනක කතාවක සුලමුල අසේකා-දේවා සොයා යනු ලබනවා.
නොදත් දේසෙක අරුමවන්ති’ උමයංගනා වික්‍රමසිංහ, ගිහාන් ප්‍රනාන්දු, චමිලා පීරිස්, කාංචන කොඩිතුවක්කු, නිරෝෂන් විජේසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, ඉසුරි නවෝද්‍යා, විරාජ් පෙරේරා යන ජනප්‍රිය රංගන ශිලිපීන්ගේ රංගන දායකත්වය ලබාදී තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd