සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන යුද හමුදා ස්වේච්ඡුා බල සේනා මලල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 60.64) පිහිටු වීමට නදීකා ලක්මාලි සමත් වූවාය.
යුද හමුදා කාන්තා බලකායේ සාජන් මේජර්වරියක් වන ඇය මීට දින 10කට පෙරත් ඉන්දියාවේ ‘පුනේ’ නගරයේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූයේ එහි පැවති 20 වැනි ආසියානු ශූරතා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමෙනි.
මෙම දස්කමත් සමග ඇය ලබන අගෝස්තු 10 වැනිදා රුසියාවේ ‘මොස්කව්’ නගරයේදී ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා හූරතාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.
මෙම ඉසව්වේ ලෝක ශුරතා මට්ටම වන්නේ ‘බී’ හේ‍්‍රණියෙන් ඕවර 60.00කි. ‘එ’ හේ‍්‍රණියෙන් මීටර 62.00කි. මේ වන විට මොස්කව් ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ගණන දෙකකි.
අනෙත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාව වන්නේ මීටර 400 කඩුලූ පැනීමේ ශූරිය වන දැනට ඇමරිකාවේ පදිංචි කි‍්‍රෂ්ටීන් සොනාලි මෙරිල්ය. ශ්‍රී ලංකා සහය දිවීමේ පිරිමි කණ්ඩායමද (මීටර 4ඞ400* මේ වන විට මොස්කව් ලෝක තරගාවලියට ‘බී’ ශ්‍රේනියෙන් සුදුසුකම් ලබා සිටියි.
නදීකා ලක්මාලි වසර 2008 ‘බීජින්’හීදී පැවති ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත්තේ යුද හමුදා ස්වේච්ඡුා සේවා තරගාවලියේදී වීම කැලී පෙනේ. ඇය ආසියානු ශූරතා සාක් කී‍්‍රඩා ඇතුළු අන්තර් ජාතික තරග කිහිපයකදී පදක්කම් දිනා ගත් ප‍්‍රවීන කී‍්‍රඩිකාවකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මීටර දෙකක් විසිකරන්න පුලුවන්නම් රන් පදක්කම නදීකා අතේ. යෝධ බලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)
ඔබට දෙවි රැකවරණයි අක්කේ. ඔබ ඔලිම්පික්වත් යන්න කොහොම හරි (නි)
නදීකා ඔබට සුභපැතුම්.(නදී)
ඔබට සුබ පැතුම්.ඔය කටින් බතල කොළ හිටවන ඇමතිවරුන්ටත් එයාලගේ ගෝලයන්ටත් ඔය විදියට ක්‍රියාවෙන්ම උත්තර දෙන්න.ඔයාගේ අනාගතය ඉතාම පැහැදිලියි.ජයවේවා (අ)
දුවේ නුඹට බුදුසරණයි! දෙවි පිහිටයි! (නි)
ඔබට තව තවත් ඉදිරියට යාමට සුභ පැතුම්! (නි)