IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නදීකා ලක්මාලි හෙල්ල විසි කිරීමේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවයි

සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන යුද හමුදා ස්වේච්ඡුා බල සේනා මලල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 60.64) පිහිටු වීමට නදීකා ලක්මාලි සමත් වූවාය.

යුද හමුදා කාන්තා බලකායේ සාජන් මේජර්වරියක් වන ඇය මීට දින 10කට පෙරත් ඉන්දියාවේ ‘පුනේ’ නගරයේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූයේ එහි පැවති 20 වැනි ආසියානු ශූරතා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමෙනි.

මෙම දස්කමත් සමග ඇය ලබන අගෝස්තු 10 වැනිදා රුසියාවේ ‘මොස්කව්’ නගරයේදී ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා හූරතාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.

මෙම ඉසව්වේ ලෝක ශුරතා මට්ටම වන්නේ ‘බී’ හේ‍්‍රණියෙන්  ඕවර 60.00කි. ‘එ’ හේ‍්‍රණියෙන් මීටර 62.00කි. මේ වන විට මොස්කව් ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ගණන දෙකකි.

අනෙත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාව වන්නේ මීටර 400 කඩුලූ පැනීමේ ශූරිය වන දැනට ඇමරිකාවේ පදිංචි කි‍්‍රෂ්ටීන් සොනාලි මෙරිල්ය. ශ්‍රී ලංකා සහය දිවීමේ පිරිමි කණ්ඩායමද (මීටර 4ඞ400* මේ වන විට මොස්කව් ලෝක තරගාවලියට ‘බී’ ශ්‍රේනියෙන් සුදුසුකම් ලබා සිටියි.

නදීකා ලක්මාලි වසර 2008 ‘බීජින්’හීදී පැවති ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත්තේ යුද හමුදා ස්වේච්ඡුා සේවා තරගාවලියේදී වීම කැලී පෙනේ. ඇය ආසියානු ශූරතා සාක් කී‍්‍රඩා ඇතුළු අන්තර් ජාතික තරග කිහිපයකදී පදක්කම් දිනා ගත් ප‍්‍රවීන කී‍්‍රඩිකාවකි.



අදහස් (0)

නදීකා ලක්මාලි හෙල්ල විසි කිරීමේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවයි

පහන් Thursday, 18 July 2013 12:53 PM

තව මීටර දෙකක් විසිකරන්න පුලුවන්නම් රන් පදක්කම නදීකා අතේ. යෝධ බලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

දසුන් Thursday, 18 July 2013 01:06 PM

ඔබට දෙවි රැකවරණයි අක්කේ. ඔබ ඔලිම්පික්වත් යන්න කොහොම හරි (නි)

:       0       0

අනුර Thursday, 18 July 2013 10:52 AM

නදීකා ඔබට සුභපැතුම්.(නදී)

:       0       0

සමන්ත Thursday, 18 July 2013 03:06 PM

ඔබට සුබ පැතුම්.ඔය කටින් බතල කොළ හිටවන ඇමතිවරුන්ටත් එයාලගේ ගෝලයන්ටත් ඔය විදියට ක්‍රියාවෙන්ම උත්තර දෙන්න.ඔයාගේ අනාගතය ඉතාම පැහැදිලියි.ජයවේවා (අ)

:       0       0

අනුර Thursday, 18 July 2013 11:24 AM

දුවේ නුඹට බුදුසරණයි! දෙවි පිහිටයි! (නි)

:       0       0

සුජාතා Thursday, 18 July 2013 04:50 PM

ඔබට තව තවත් ඉදිරියට යාමට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site