කොස්ගම පුස්ඇල්ලේ නිවසකින් අත්අඩංගුවට ගත් නිදි පෙති තොගය මත වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට යොදා ගන්නට ඉඩ තිබුණු බවට සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත.
අනවසරයෙන් එම නිදිපෙති දෙලක්ෂයක් පමණ ඔහු ගබඩා කරගෙන තිබූ බවත් එවැනි තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යංශය පවසයි.
කසිප්පු පෙරන්නන් මත වැඩි කර ගැනීම සඳහා නොයෙකුත් ආගන්තුක ද්‍රව්‍ය පාවිච්චි කරන බව සොයා ගෙන ඇත.
කසිප්පුවලින් ද එම ආගන්තුක ද්‍රව්‍ය වලින් ද වන හානිය බොහෝ යැයි වෛද්‍යවරු පවසති.
සැකකරු අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට එම නිදිපෙති තොගය විකිණූ තැනැත්තා සොයා ගැනීමට ද අමාත්‍යංශය වෙහෙසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකයි මේ දවස්වල රියදුරන් නින්ද යාමෙන් අනතුරුවලට භාජනය වන්නේ.(නදී)
සදහටම නිදා ගන්න පුළුවන් වෙයි ඔය කසිප්පු බිවුවොත් (දී)
මිනිස්සුත් කරන වැඩ? (දී)
දැන් හොදට නිදාගන්න පුළුවන් වෙයි (දී)
නිදිපෙති විකුනපු කෙනාව හොයන්න සෞඛ්‍ය අමාත්‍යංශය නම් වෙහෙසිලා පලක් නැතිවෙයි. ඔය මනුස්සයව හවස් වරුවක පොලිසියට බාරදීල උදේට විස්තර ටික ඉල්ලගන්න.(නදී)
ඉස්සෙල්ලාම නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමයි වියයුත්තේ (දී)
ලංකාවේ කරන පර්යේෂණ ඕවා තමයි. ලේලන්ඩ් බස් වලට පිකප් වැඩිකරන්න ඩීසල් වලට පෙට්‍රල් බෝතලයක් කවලම් කරනවා. කසිප්පු රත්කර පෙරනකොට ගෑස් වියදම් වෙනවා. ඒ විතරක් නොවේ ගද එනවා. එයට හොදම ක්‍රමය තමයි කසිප්පු නියමිත පදමට ආ විට සිමෙන්ති කුඩු කවලම් කිරීම. එහිදී සියලුම අපද්‍රව්‍ය සිමෙන්ති සමග තැන්පත් වෙනවා (බර වැඩි නිසා) (දී)
මම නම් හිතුවේ දැන් කසිප්පු පෙරන්නේ නැහැ කියලා ,මොකද මතට තිත නිසා (දී)