අසත්‍ය චෝදනාවක් මත ගොකරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිරගත කිරිමෙන් තම කිර්තිනාමයට සිදුවු හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දි ඉල්ලා කුරුණෑගල අධිකරණයේ නීතිඥ වසන්ත ධම්මික ගමආරච්චි මහතා ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ඇතුළු විසිදෙනෙකුට එරෙහිව කුරුණෑගල දිසා අධීකරණයෙහි නඩුවක් ගොනු කර ඇත.
ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ආනන්ද අබේරත්න සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත සොයිසා , පොලිස් කොස්තාපල් (44353) බණ්ඩාර, පොලිස්පති සහ නිතිපති මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
තම පෞද්ගලික වත්තක සේවය කළ අඹුසැමි යුවළක් ඔවුන්ගේ කල් ක්‍රියාව යහපත් නොවිම හේතුවෙන් වත්තේ සේවයෙන් ඉවත් කළ බවද, ඔවුන් පසුදින තමන්ට එරෙහිව ගොකරැල්ල පොලිසියට අසත්‍ය චෝදනාවක් කර තිබු බවද පවසන පැමිණිලිකරු තමන් ඔවුන් දෙදෙනාට පහරදි තුවක්කුවකින් සහ පිස්තෝලයකින් අහසට වෙඩි තබා තර්ජනය කොට එම යුවළේ කාන්තාව ඇදගෙන ගොස් කරදරකර පසුව ඇයට පහරදි එළවා දැමු බව එම පැමිණිල්ලේහි සඳහන් කර තිබු බවද පැමිණිලිකරු තම පෙත්සමෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වසර විස්සකට අධික කාලයක් විවිධ අධිකරණවල නිතිඥවරයකු ලෙස කටයුතු කරමින් දැනට කුරුණෑගල නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඉතා විශිෂ්ට කිර්තියක් සමඟ උසස්
සමාජ තත්ත්වයක් දරන තමන් හට බලවත් අපකීර්තියක් අපහාසයක් බරපතල ශාරිරික හා මානසික පිඩාවක් ගෙන දුන් බවද පැමිණිලිකරු ප්‍රකාශ කර සිටියි.
මෙම පුවත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල පළවීම හේතුවෙන් සිදුවු කිර්තිනාමය, අපහාසය සහ මානසික පිඩාව වඩාත් තීව්‍ර වු බවත් කියා සිටින පැමිණිලිකරු ඉහත කී පැමිණිලිකරුවන් ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11,12 සහ 13 වන වගන්තියේද සහ අන්තර්ජාතික සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සම්මුතිය ප්‍රකාරව පැමිණිලිකරුට ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් පිඩාවට පත්කර ඇති බවද පෙත්සමෙහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතීඥයන් ගැන නොදන්න අය එක එක අදහස් පළ කරල තියනව. නීතීඥයන් කියා පිරිසක් සිටියෙ නැත්නම් වෙන දේ සිතන්නට බැරි තරම් භයානකයි. කෙනෙක් මිනියක් මරල ඔබේ වත්තට පිහිය විසිකරනව. පොලීසියෙන් ඔබව අල්ලගෙන ගිහින බාල්කෙක එල්ලල වාරද පිළෛගන්න කියල ගහනව. ඔබ වරද පිලිගන්නව. මාධ්‍ය මගින් ඔබව සමාජය ඉදිරියෙ වැරදිකාරය කරනව. ඔබව එල්ලා මරන තුරු ඔබවත් දන්නෙ නෑ. නීතීඥයන් ඇත්ත බොරු කරන්නෙ නෑ. පොලීසියෙන් දාන බොරු නඩු නීතීඥයන් විසින් හෙළිදරවු කරනවා . ඒකෙනුයි ඔය ඇත්ත බොරු කරන කතාව එන්නෙ. (අ)
නීතීඥයන් ගැන නොදන්න අය එක එක අදහස් පළ කරලා තියනවා. නීතීඥයන් කියා පිරිසක් සිටියෙ නැත්නම් වෙන දේ සිතන්නට බැරි තරම් භයානකයි. (ර)
කාගේ කාගේත් හැටි අපි දන්නවා (නි)
දෙවිවරුවන් හොඳ සාධාරණ නීතීඥයන්ද සිටිනවා. නමුත් බහුතර අය මින්ස්සුන්ව ගසා කනවා. කල්මරනවා බොරුවට. ඒවාට කවුරුන් හො මනුස්සයෙක් වන්දි ගෙවන්නේ තම ජීවිතයෙන්. සමහර ඉඩම් නඩු නිසා ඇත්ත අයිතිකාරයො මැරෙන්නෙත් දුකෙන්. මේක බොරුයි කියලා කිසි කෙනෙකුට කියන්න බැහැ. (බ)
දෙන්න පුළුවන් ගානක් ඉල්ලන්නකෝ !! අන්තිමේදී ආදායම් බදු දෙපාර්තමේන්තුව දෙන්නම අල්ලාගෙන යනවනේ !! (බ)
චන්ද්‍ර වීරසිංහ, මේ වන්දිය ඉල්ලන්නේ නීතිඥතුමෙක්.? ඒකයි ගාන සැර. (ර)
මේකට හැබෑට මොනවා වෙයිද? (නි)
පොලිසියේ ඉන්නේ බබ්බු නේ (බ)
පොලිසියට මේ ගණන ගෙවන්න පුලුවන්ද? (නි)
මේ නීතිය සාධාරණව ඉටුකිරීමේ භාර දුර ක්‍රියාවට දිවුරුම් පිට දිවුරුම් දී ඒ රාජකාරියේ ගරුත්වය රකින්න ඉන්නා මේ අය.. සදහටම අසරණයට යුක්තිය ඉටුනොකර අයුක්තියට කත් ඇද මහා ධනස්කන්දයක් අසාධාරණ මුදල්වලින් ගොඩගසාගෙන විදින සුර සැපයෙන්..ඒ අයට සිදුවුණු කළු පැල්ලම..ගැන ගොඩාක් කම්පාවෙලා ...කීර්තිනාමයට සිදු වුණු කැළල වෙනුවෙන් මිලියන 500ක් නම් මේ මිනිස්සු ඇත්ත බොරු කරලා අසරණයන්ගේ රීරීමාංශ ගිල දමපුවාට කවුද වන්දි ගෙවන්නේ ...? ස්වභාව ධර්මය දඩුවම් දෙන්නේ ඒකයි ...මේ මිනිසුන්ට ..? අනික මේ මිනිසුන්ට අලුතින් නීතිය උගන්වන්න ඕනේ දියුණු රටවල වගේ, වෙනස් වෙන රටේ අලුත් පනත් සහ නීති ක්‍රම සම්පාදනයන් මේ මිනිසුන් මොකවත් දන්නේ නැහැ ..දැන් පොලිසියද මෙයාට විරුද්ධව පැමිණිලි කළේ (බ)
ගොකරැල්ල පොලිසියේ එතරම් මුදලක් කොයින්ද? කරුණාකර ඉවසන්න!! (නි)
ඇත්ත නැත්ත කරලා, තියෙන ගේ ඉඩම උගස් කරලා ගාස්තුව අයකරගන්න තැනට වැඩ සිද්ධකරන සහ නඩු අවුරුදු ගණන් ඇදගෙන ගිහිල්ලා අසරණ මිනිසුන්ගේ ජීවිත වලට ගෙවන්න බැරි විදියේ පාඩුකරන සමහර අයට මිනිස්සු පොල් ගහනවා. ශාප කරනවා. (නි)
රුපවති, ඔබ නීතිය ගැන අබමල් රේණුවක තරම් දැනුමක් ඇති අයෙකු නොවන බව ඉතා පැහැදිලිය. (ර)
වන්දි ඉල්ලිය යුත්තේ පොලිසියට පැමිණිලි කල අයගෙන් මිසක් පැමිණිල්ල විභාග කල පොලිසියෙන් නොවෙයි. (ස)
අසත්‍යය පැමිණිල්ලක් කළ පැමිණිලිකරුගෙන් වන්දි ලබා ගැනීම මිස පොලිසිය චුදිතයා කිරීම කැකිල්ලේ රාජ සභාව සිහිගන්වයි. (බ)
මෙයාගේ බල පුළුවන් කාර කමට ඒ වගේ දෙයක් කළාද කව්ද දන්නේ? ඇත්තටම එහෙම කළානම් ඒ අහිංසක මිනිස්සුන්ට පිහිට වෙන්නේ කව්ද? (බ)