මෙරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අතුරුදන්වූවන් ගැන සොයාබලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමක් දිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
මෙම කණ්ඩායම දින දහයක් මෙරට රැඳී සිටින බවත් අතුරුදන්වූවන්ගේ පවුල් වල සාමාජිකයින් සමග කොළඹ,යාපනය,කිළිනොච්චිය,මන්නාරම,මාතලේ,මඩකළපුව,අම්පාර,ත්‍රිකුණාමලය,සහ ගාල්ල යන දිස්ත්‍රික්කයන් බලා ගොස් සාකච්ඡා කරනු ඇති බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මහිෂිනී කොළොන්නේ මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නියෝජිතයෝ අපක්ෂපාතීව කටයුතු කරයි කියලා අපි කොහොමද හරියටම දන්නේ? (නි)
අපි නම් මේවට කියන්නේ ඉල්ලගෙන කනවා කියලා (නි)
අපි බලමුකෝ වෙන්න යන දේ... (නි)
අනේ! ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව ඕනෑ දෙයක් (නි)
අපේ අම්මා අදත් අඬනවා 89 නැතිවුණ එයාගේ මල්ලි ගැන කියලා. ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. ඒ තමයි කළ වරද. අනේ ඔය එන කට්ටිය ඒවා ගැනත් හොයන්න. (නි)
අපේ ෆීල්ඩ් මාර්ෂල්තුමා ගැන අපිට විශ්වාසයි. රටට අවැඩක් වෙන කිසිමදේකට එතුමා ඉඩදෙන්නෙ නැහැ (නි)
අපි බලමු මෙයාලා මොනවා කරයිද කියලා (නි)
88-89 කාලේ ඒවාත් එක්කම හොයන්න. ඒ කාලේ අතුරුදන්වුණෙත් මිනුස්සු තමා. (නි)
ශ්‍රී ලා0කික ජනතාව වෑපිරූ බීජ වල අස්වෑන්න නෙලාගනිමින් සිටිති....(රේ)
මේ තාක් කල් සිංහල අපට උන ආසාදරනකම් බලන්න ලෝකෙන් කවුරුත් ඉදිරිපත් උනේ නෑ. එ්කෙන් පේනව ජාතියක් හැටියට සිංහල අපට ලෝකෙන් තියන තැන. අපේ අයගේ එකමුතුවක් නැති කම . (ස)
ඔය ආරම්භ වුණේ ගිවිසුමට අනුව වැඩ. මේ අයත් එක්ක රජයේ සහ විපක්ෂයේ කණ්වායමකුත් යෙදෙව්වොත් තමා රටට හිතකර. (අ)
ජහපාලනයේ වැඩ පටන් ගනී.. ඉදිරියට අපි බලමු (බ)
එහෙනම් 1989 සිට පටන් ගමු. (බ)
අපි බලමුකෝ... (නි)