(නිමන්ති රණසිංහ)
මහබැංකුවේ අවසරයකින් තොරව නිතිවිරෝධී අන්දමින් මහ ජනතාවගේ මුදල් තැන්පතු ලබා ගෙන රුපියල් කෝටි ගණනින් ගනුදෙනු කළ පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (17) නියෝගයක් නිකුත් කළාය.
මොවුන් විදෙස් ගතවීමට උත්සාහ දැරීමේදී හෝ විදෙස් ගතව සිට පැමිණීමේදී හෝ වහාම අත්අඩංගුවට ගෙන ආරක්ෂක අංශ වෙත භාර දෙන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරිය ආගමන විගමන පාලකවරයාට නියෝග කළාය.
මෙලෙස විදෙස් ගමන් තහනම් වූයේ කිරුළපන පාර, කොළඹ 05, ‘ස්මෝල් ඇන්ඩ් මීඩියම් වෙල්ත් මැනේජ්මන්ඩ් ලිමිටඩ් පුද්ගලික ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ඒකකය විසින් කරනු ලැබූ පෞද්ගලික පැමිණීල්ලකට අදාළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd