IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘නීතියට ඉහළින් යන්න කාටවත් බෑ‘

ජීවිතේ තරුණ අවදිය ගෙවන සිසුන් තම අභිලාශ ආවේගශීලීව හා හැඟුම්බරව ඉදිරිපත් කරන බව ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය හා සාමය සුරකින සුහද සමාජයක් ගොඩ නැගීමේ දී රජයත් මහජනයාත් වගකීම් හා යුතුකම්වලින් බැඳී සිටින බව නිතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා කියයි.

උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරණ සිසුනට පසුගිය 29 වැනි දා එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එසේ කීවේය.

ශිෂ්‍ය උද්ඝෝෂණ විසැරවීමේ දී පොලිසිය සීමාව ඉක්මවා කටයුතු කර ඇත්ද යන්න ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි ද   රටේ වැසියනට උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ඇති නමුත් නීතිය හා සාමය කඩවන අවස්ථාවල දී ඉන් සිදුවන බලපෑම් වළක්වා නීතිය හා සාමය රැකීමට පොලිසිය ඇතුළු අධිකාරීනට ලොකු වගකීමක් ඇතැයි ද ඔහු පවසයි.

රටේ සාධාරණ නීතිය පැවැතිය යුතු අතර හැමදෙනාම තරා තිරම නොබලා ඊට ගෞරව කළ යුතු බව ඔහු කියයි.

 



අදහස් (0)

‘නීතියට ඉහළින් යන්න කාටවත් බෑ‘

දහම් Tuesday, 03 November 2015 10:49 AM

මොකක්ද ඒ කතාව? (ස)

:       0       0

විජිත් Tuesday, 03 November 2015 11:05 AM

මෙයා මේ කාටද අඳින්නේ කියල මටනම් තේරෙනවා...ප්‍රශ්නය දුරදිග යනබව රජයට තේරුනා.කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු පලපු, ලේ බලපු, පොලිසිය පිටින් දැන් වරද යවන්නයි හදන්නේ.රජය දන්නවා තරුණ පරම්පරාව එක්ක දැන් සෙල්ලම් බැහැ කියලා. (ස)

:       0       0

මාර පන Tuesday, 03 November 2015 11:11 AM

නීතියට ඉහලින් යන්න කාටවත් බැහැ,,ඒ වුනාට යහපාලනයට මුවාවී අපට පුළුවන් සිසුන්ගේ හතර හංදි කඩන්න.ඒක නීතියට අනුකූලයි.???? (ස)

:       0       0

අජිත් Tuesday, 03 November 2015 11:10 AM

ඔය අන්තිමට කියල තියන එක පාර්ලිමේන්තුව කීදෙනෙක් කරනවද? (ස)

:       0       0

පාලිත ගලපිටිය Tuesday, 03 November 2015 11:26 AM

කිසිකෙනකුට නීතිය අතට ගන්න බෑ. සිසුන් විශේෂ කොටසක් නෙමෙයි. ඔවුන්ට උසස් අධ්‍යාපනයට සහභාගීවීම තහනම් කළ යුතුයි මෙවැනි නීතියට පටහැනි දෑ කිරීම නිසා. නැත්නම් කිසිදාක ඉවරවෙන්නෑ මේක. මේ වගේ මෝඩ වැඩකරලා සමහරු කැපී පෙනිලා උත්සාහ කරනවා අනාගතේ දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ගන්න. (බ)

:       0       0

මංජුල Tuesday, 03 November 2015 12:20 PM

හොදම වැඩේ.. හතර හන්දි කඩන්න ඕනේ (හේ)

:       0       0

කපිල Tuesday, 03 November 2015 12:39 PM

මෙතුමා කියන්නේ ඇත්ත (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 03 November 2015 12:39 PM

සෑම දෙයකම දෙපැත්තක් ඇති බව අප සිතාබැලිය යුතුය (නි)

:       0       0

සරත් විතානාරච්චි Tuesday, 03 November 2015 12:57 PM

ඇතැම් කොමෙන්ටු කියවන විට නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලියි. පාලිත කියනවා බොරුවට ඔහුගේ දැනුමේ හැටියට ඒ අය ගැන අපි අනුකම්පා කරන්න ඕන (බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 04 November 2015 04:53 AM

ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ එදා තිබ්බ සුදුවෑන් සංස්කෘතිය දැන් නැති එක ගැන (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site