ජීවිතේ තරුණ අවදිය ගෙවන සිසුන් තම අභිලාශ ආවේගශීලීව හා හැඟුම්බරව ඉදිරිපත් කරන බව ද, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය හා සාමය සුරකින සුහද සමාජයක් ගොඩ නැගීමේ දී රජයත් මහජනයාත් වගකීම් හා යුතුකම්වලින් බැඳී සිටින බව නිතිය හා සාමය ඇමැති තිලක් මාරපන මහතා කියයි.
උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරණ සිසුනට පසුගිය 29 වැනි දා එල්ල වූ පොලිස් ප්‍රහාරය ගැන ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් එසේ කීවේය.
ශිෂ්‍ය උද්ඝෝෂණ විසැරවීමේ දී පොලිසිය සීමාව ඉක්මවා කටයුතු කර ඇත්ද යන්න ගැන පරීක්ෂණයක් අරඹා ඇතැයි ද රටේ වැසියනට උද්ඝෝෂණ පැවැත්වීමේ අයිතිය ඇති නමුත් නීතිය හා සාමය කඩවන අවස්ථාවල දී ඉන් සිදුවන බලපෑම් වළක්වා නීතිය හා සාමය රැකීමට පොලිසිය ඇතුළු අධිකාරීනට ලොකු වගකීමක් ඇතැයි ද ඔහු පවසයි.
රටේ සාධාරණ නීතිය පැවැතිය යුතු අතර හැමදෙනාම තරා තිරම නොබලා ඊට ගෞරව කළ යුතු බව ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඒ කතාව? (ස)
මෙයා මේ කාටද අඳින්නේ කියල මටනම් තේරෙනවා...ප්‍රශ්නය දුරදිග යනබව රජයට තේරුනා.කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු පලපු, ලේ බලපු, පොලිසිය පිටින් දැන් වරද යවන්නයි හදන්නේ.රජය දන්නවා තරුණ පරම්පරාව එක්ක දැන් සෙල්ලම් බැහැ කියලා. (ස)
නීතියට ඉහලින් යන්න කාටවත් බැහැ,,ඒ වුනාට යහපාලනයට මුවාවී අපට පුළුවන් සිසුන්ගේ හතර හංදි කඩන්න.ඒක නීතියට අනුකූලයි.???? (ස)
ඔය අන්තිමට කියල තියන එක පාර්ලිමේන්තුව කීදෙනෙක් කරනවද? (ස)
කිසිකෙනකුට නීතිය අතට ගන්න බෑ. සිසුන් විශේෂ කොටසක් නෙමෙයි. ඔවුන්ට උසස් අධ්‍යාපනයට සහභාගීවීම තහනම් කළ යුතුයි මෙවැනි නීතියට පටහැනි දෑ කිරීම නිසා. නැත්නම් කිසිදාක ඉවරවෙන්නෑ මේක. මේ වගේ මෝඩ වැඩකරලා සමහරු කැපී පෙනිලා උත්සාහ කරනවා අනාගතේ දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ගන්න. (බ)
හොදම වැඩේ.. හතර හන්දි කඩන්න ඕනේ (හේ)
මෙතුමා කියන්නේ ඇත්ත (නි)
සෑම දෙයකම දෙපැත්තක් ඇති බව අප සිතාබැලිය යුතුය (නි)
ඇතැම් කොමෙන්ටු කියවන විට නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලියි. පාලිත කියනවා බොරුවට ඔහුගේ දැනුමේ හැටියට ඒ අය ගැන අපි අනුකම්පා කරන්න ඕන (බ)
ඇත්තටම අපි සතුටු වෙන්න ඕනේ එදා තිබ්බ සුදුවෑන් සංස්කෘතිය දැන් නැති එක ගැන (ම)