කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ තීන්දුවකට එරෙහිව ගොනු කළ ඇපෑලේ වගඋත්තරකරුවන් වන නීතිපතිට හා රහස් පොලිසියට ඔක්තෝබර් 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මිය අද (13) නියෝග කළාය.
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට යතියි ද එය වළක්වන්නැයි ද ඉල්ලමින් පසුගියදා කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කළේය.
මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ඉවත දැමීය. දොස්තර සමරසේකර එම තීන්දුවට එරෙහිව මෙම ඇපෑල ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා දඟලන විදියට මොනවා හරි රහසක් ඇති. (බ)