ත්‍රිකුණාමලය කුමාරපුරම් කිලිවෙඩ්ඩි ගම්මානයේ සාමාන්‍ය වැසියන් 24 දෙනකු මරා දැමීයැයි චොදනා ලැබ සිටි යුද හමුදා කෝප්‍රල්වරුන් හය දෙනා ජූරි සභාවක් මගින් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ ඇපෑල ලබන 22 වැනි දා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා අභියාචනාධිකරණයට ඇපෑල ඉදිරිපත් කළේය.
ඔහු දැනුම් දුන්නේ සිවිල් වැසියන් 24 දෙනකු මරා දමා තවත් 25 දෙනකුට තුවාල සිදු කළැයි යුද හමුදාවේ පිරිසට එරෙහි පැමිණිල්ල සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කර ඇති නිසා ඔවුන් නිදහස් කිරීමට ජූරි සභාව ගත් තීරණය නීතියට පටහැනි බවයි.
ඔවුනට එරෙහිව චෝදනා 101 බැගින් ඉදිරිපත් කර තිබිණි. සැකකරුවන් ත්‍රිකුණාමලය යුද හමුදා කඳවුරේ සිටි අවදියේ ඔවුන්ගේ රාජකාරි ගිනි අවියෙන් නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළ බව සාක්කි විභාගයේ දී කියැවිණි. උතුරුමැද පළාත් බද මහාධිකරණ ඉතිහාසයෙන් විත්තිකරුවකුට එල්ල කළ වැඩිම අධිචෝදනා ගණන වාර්තා වූයේද මේ සිද්ධියේදීය.
නඩු භාණ්ඩ ලෙස ගිනි අවි, උණ්ඩ, යුද හමුදා පිරිසට අවි නිනුක් කර ඇති ලේඛණය, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා 24ක්, අධිකරණ වෛද්‍ය වාර්තා 25ක් සහ රජයේ රස පරීක්ෂකගේ වාර්තාව ඉදිරිපත් කර තිබිණි.
නඩුවේ සාක්කිකරුවන් ලෙස 107 දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.
නඩුව විභාග වූයේ අනුරාධපුර මහාධිකරණයේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අර ලක්ෂ 20ක දඩ නියමකළ හමුදා නිලධාරියා වෙනුවෙනුත් ඇපෑලක් දෙන්න බැරිවුණේ ඇයි? (නි)
රණවිරු ලේබලයට මුවාවී අපරාධ කරන්නට නීතියෙන් ඉඩක් නැහැ. දැන් රටේ නීතිය ක්‍රියාත්මකයි. කලින් තිබු නීතියට අනුව නම් රණවිරු නමින් අපරාධ වලට අවසර තිබුනා. (නි)
රටක් දියුණුවීමට නම් සෑම අංශයක්ම නීතිගරුකව හැසිරිය යුතුයි. ගිය ආණ්ඩුව අපේ රට සෝමාලියාවක් කරන්නට උත්සාහ කළා. ජනතාව ම්ලේච්චයන් පිරිසක් කරන්නට උත්සාහ කළා. (නි)
ඒ කියන්නේ කොහොමහරි කරලා රණවිරුවන්ට දඬුවම් දෙන්නමයි හදන්නේ (නි)
මේ සිද්ධි 2010 ට පෙර වූ දේවල්. හිටපු ලොක්කගෙ කාලේ තමන්ගෙ පාක්ෂීක මන්ත්‍රීලට තිබුන චෝදනා නම් ඉල්ලා අස්කර ගත්තා. ඇයි දන්නෙ නැහැ මේවට එහෙම කරන්න බැරි? (නි)
දැන් අපිට වෙන්නේ අනික් වැඩ පැත්තක තියලා මේ අයට නීතිය කියලා දෙන්න. නඩු විභාගයකට ජූරියක් පත්කරන්නේ දෙපාර්ශයේම අදහස් විමසලා. සැකයේ වාසිය විත්තියට ලැබීමේ මානුෂික ආකල්පයට අමතරව හුදු නීතිමය පැත්තෙන් පමණක් සළකා බලනවිට විත්තියට අසාධාරණයක් සිදුවෙන්න ඇති ඉඩකඩ අවම කරගැනීම සඳහාත් ජූරියේ තීරණය ඉතා වැදගත්කොට සළකනවා. එය එසේනම් ජූරියේ තීරණයට විරුද්ධව රජයේ නිලධාරියෙක්ම ඇපෑලක් ඉදිරිපත් කරනවා කියන්නේ සදාචාරවිරෝධී දෙයක්. (නි)
නිරායුද සිවිල් වැසියන් මරාදමන්න කාටවත් අයිතියක් නැහැ. යුද හමුදාව හෝ කොටි වේවා. සියල්ල සොයා බලා කවදා හෝ දඩුවම් දෙන්න. නැත්නම් දෙවියෝ බලා ගනී. (ම)
ඇයි දෙයියනේ රණවිරුවන්ට මෙච්චර වද දෙන්නේ . (අ)
මර දැමූ සිංහලයන් ගැන හොයන්නේ නැද්ද (අ)
චාමර දේවි දන්නා මගුල (බ)
දවල්ට අයුධ නැති අහිංසකයෝ තම රෑට කොටි වෙන්නේ (බ)
මටනම් පෙනෙන්නේ ඔවුන්ගේ අරමුණ සියලු හමුදා භටයින්ගේ මනස කඩා දමා අරමුණ ඉටුකරගැනීමට තමා මේ සැරසෙන්නේ . (හේ)
උසාවියෙන් නිදහස් කරපු අයටත් මෙයාලා ආයේ නඩු දානවනේ (නි)
රණවිරුවන්ට කරන මේ අපරාධයට කාට කාටත් ළඟදීම ප්‍රතිඵල ලැබෙයි. (නි)
රටක යුද හමුදාවක් ඉන්නේ දේසපාලකයන්ගේ පෞද්ගලික උවමනාවන් ඉටු කිරීමට නොවේ .රට ආරක්ෂා කිරීමටයි. හමුදාව සිවිල් ජනතාව ආරක්ෂා කළ යුතුයි .එම ජනතාව මොන ජාතියට අයත් උවත් හමුදාව ඔවුන් ආරක්ෂා කළ යුතුයි. එසේ නැතිව තුවක්කු අතේ තිබුණු පලියට මිනුසුන් මරා දැම්ම නම් දඩුවන් විදිය යුතුයි .හමුදාව පොලිසිය පවත්වාගන යන්නේ ජනතාවගේ බදු මුදල් වලින් .රණවිරුවන් කියන්නේ හමුදා නීතියට සහ සිවිල් නීතියට අනුව සටන් කළ සෙබළුන්ට මිස අවනිතියට ක්‍රියා කළ අයට නොවේ .(අ)
යුද්ධ කාලෙ මේ නීතිපතිතුමා හිටිය නං ප්‍රභාකරන් මැරෙන්නෙ නෑ (අ)