(නිමන්ති රණසිංහ)
පුද්ගලයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණ වූයේ යැයි කියන සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමකින් තොරව නඩුව අවසන් කිරීමට නීතිපතිවරයාගේ ස්ථාවරය සඳහා ලබන මැයි මාසයේ 4 වන දින දක්වා නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(03) නියෝග කළේය.
මෙම සිද්ධියේ 9 වන චූදිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිද්ධියට අදාළව වරද පිළිගැනීමකින් තොරව අවසන් කරගැනීමට හැකියාවක් තිබේදැයි අසා දැනගැනීම සඳහා ඉදිරි දිනයක් දෙන ලෙසට ඇයට නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද පිළිගැනීමකින් තොරව.............? එතකොට මෙච්චරකල් නටපු නාඩගම? අපුරුයි. මේක නම් ඉන්නම හිතෙන රටක් තමයි.
මෙච්චර කාලයක් යහපාලනය ඇතිකරගෙන තියෙන්නේ මෙයාලට සැප විදින්න මිසක් රටට සැප දෙන්න නෙවෙයි. මෙයා සජිත් හොඳයි කිය කියා මැරෙන්න හැදුවෙත් නීතිය අවනීතිය කරගෙන මොවුන්ගේ බලය ව්‍යාප්ත කරන්න බව මේ සිදුවීමෙන් හොදින් පැහැදිලි වෙනවා.
රටට ලෝකෙට පේන්න විරුද්ධවාදීකම් පෙන්නුවට මේ ඔක්කොම එක පැත්තක අය.
බලන්න අපේ හැදියාව.................
නෝනා, නෝනා ඇදගෙන නාන්නේ නැතිව ආණ්ඩුවට හේත්තු වෙන්න.
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කල යුතුයි
තාත්තාගේම දුව. ගොඩක් අය දන්නැති වුනාට තාත්තත් මෙහෙමයි