රාජපක්ෂ පාලන සමයේ තමන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නීතිපතිවරයා වර්තමානයේ එය නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
ජනවාරි 8 හා අගෝස්තු 17 පැවැති මැතිවරණවලින් ජය ලබා බලයට පත්වූ යහපාලන රජය ඒ අනුව වර්තමානයේ ක්‍රියා නොකිරීම ගැන ජනතාව බලවත් කලකිරීමට පත්ව ඇතැයිද ඒ මහතා කීවේය.
බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසූ ෆොන්සේකා මහතා යුද්ධය කළේ තමන් බව කියමින් ඇතැමුන් පසුගිය කාලයේ අර වෝර් මේ වෝර් නමින් පොත් ලියූ බවත් එම යුද්ධයේ සැබෑ තතු හෙළිකරමින් ඉදිරියේදී තමන්ද පොතක් ප්‍රකාශයට පත් කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමල්, පිවිතුරු ඔලුවවත් වහගෙන ඉන්නේ. මේ සමහරු රට පාවාදෙන්නේ රෙදි ඇඳගෙනද? මෙතන ඉන්නේ ප්‍රබුද්ධ හොඳ ශාක්ෂරතාවයක් තිබෙන බුද්ධිමත් පාඨකයෝ. වරද දැක දැක පුරුද්දට සුදු හුණු ගාලා වැඩක් නැහැ (නි)
හොඳයි, ඒකත් කරලා බලන්නකෝ. (නි)
ඔබ තුමා රටට ආදරයකරන උතුම් මිනිසෙක්. ඔය බල ලෝභී දේශපාලනෙන් අයින්වෙලා රටට සේවය කරන්න. මුළුරටම ඔබට ආචාර කරාවී (බ)
ජාතික වීරයෙක් වන ජෙනරාල්ව වෙනත් අය එක්ක සංසන්දනය කරන්න යන්න එපා (නි)
බලනකොට හැමතැනම ප්‍රශ්නනේ! (නි)
ජාතික වීරයෙක් වගේ ඉන්න තිබුනා දිරච්ච ලණු නොකා නුවණක්කාරව හිතුවා නම් (නි)
මැතිවරණයට පෙර වගකීමෙන් කියපු සියල්ලම ඔප්පු කරලාම පෙන්වන්න. (නි)
මේ මහත්තයා ජනතාව තමන්ට දුන් පණිවුඩය තේරුම් අරගෙන නැහැ වගෙයි තාම. (නි)
පිවිතුරු යහපාල වගේ අයට ලෝකේ මොනපිට පෙරලුනත් වැටහෙන්නේ එක දෙයයි. ඒක නිසා අනුකම්පා කරන්න ඕනෑ. වැරදි කළ අයට දැන් දඬුවම් ලැබෙමින් පවතිනවා. (නි)
පිවිතුරු යහපාල, ඒ වගේම ඔයාගේ මහින්ද මහත්තයාට ජනතාව දුන් පණිවුඩය තේරුම් අරගත්තේ නැහැ නේද දෙපාරක්ම? (නි)
විටෙක නමට පමණක් සීමාවූ සියලුම ජනතා සංවිධාන සහ බහුතරයක් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවා ගත් යහපාලන ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ සාධකය ප්‍රබල තරඟයක් දුන් බව අමතක කරන්න එපා.එජාපය හෝ අනෙකුත් දේශපාලන සංවිධාන කෙරෙහි ජනතාවගේ ගැඹුරු අවධානයක් ලබා ගන්න නොහැකිවීම මහින්ද සාධකයේ බරපතල බලපෑමක් බව තේරුම් ගන්න.මේ සියලු ශක්තින් මහින්ද වෙත ලැබුනේ වසර 30 වැඩි කාලකන්නි යුද්ධය අවසන් කල නිසාමය. ශක්තිමත් දේශපාලන නායකත්වයක් නොමැතිව කිසිදු සෙනෙවියකුට යුද්ධය ඉදිරියට මෙහෙවිය නොහැකිය.කිසිවිටෙක යුද්ධය පිළිගත් සිද්ධාන්ත අනුවම කල නොහැකිය. ෆීල්ඩ් මාර්ෂල් තුමා යුද්ධය ගැන කෙතරම් පොත් ලියුවත් මහින්දගේ රැස් වළල්ලට සුළු හෝ කැළලක් කළ නොහැක. 30 වසරක යුද්ධයේ අධම බලපෑමෙන් ජනතාව මුදා ගත්තේ මහින්ද බව කිසිම කෙනෙකුට අමතක කරවීමට නොහැක. (බ)
පිවිතුරු යහපාල උන්නැහේ ජාපාල ගහලා වගෙයි! (බ)
මේ කතා කියවනකොට අපේ මිනිස්සු මොනවගේද කියලා හිතාගන්න පුළුවන්. මීට පෙර කියූ පාලන අතර යහපාලනයත් අපි රවටපු වචනයක් විතරයි (නි)
පිවිතුරු යහපාල නම් හිටපු ජනපතිතුමාට නියමෙට ගැළපෙන මොළකාරයෙක්. එතුමා ඔයා වගේ අයව තමා ඒ කාලෙ ළං කරගත්තෙ. (නි)
අපේ රටේ ඉතින් හරියට වැඩක් වුණේ කවදද? (නි)
අපි නම් මේවට පුදුමවෙන්නේ නැහැ (නි)
රොහාන්ගේ නියම උත්තරේට පිවිතුරු යහපාල වහ බොයිද මන්දා? (බ)
නීතීපතිගේ ක්‍රියාකලාපයේ අවුලක් තිබෙන බවනම් මුළු රටම දන්නවා. (බ)
ජනතාව මහින්ද මහත්තයට දීපු පණිවුඩයයි මෙයාට දීපු පණිවුඩයයි දෙක අතර වෙනස තේරුම් ගන්න බැරි තරමට ඔබ තුමා අඳ බාලයෙක් කියල මම හිතුවේ නැහැ..ආයේ මොන්ටිසෝරියේ ඉදල ස්කොලේ යන්න..මහින්ද මහත්තය නෙමෙයි ඒ පණිවිඩේ තේරුම් නොගත්තේ ඔහෙලගෙ යහපාලන ලොක්ක. (බ)
නීතිපති මහින්දගෙ මිනිහෙක්....යහපාලනේට ඇයි ඒක නොපෙනෙන්නෙ?? (බ)
එතකොට රාජපක්ෂලා ජාත්‍යන්තර පෝරකයට යන්නත් ඔබ තුමාලා ලකුණු දාගන්ත් මාර වැඩක්නේ මේක.ජනතාවට මේව තේරෙන්නේ නැහැ. (බ)
කාට කාටත් කරුනු කාණා තේරුම් යනකොට ප්‍රමාද වෑඩිවෙයි. සරත් ෆොන්සේකා මෑතිතුමාත් ඔය දේ මුලින්ම තේරුම් ගත්ත නම් මොනතරම් හොදද. (බ)
නිකන් යනවා යන්න (බ)
පණ අදින ජේ.වී.පි. ය මෙතුමාව දේශපාලන මඩගොහොරුවට ඇදල දැම්මේ නැත්නම් එතුමාට දේශීය මෙන්ම විදේශීය ඉතා හොඳ ගෞරවාචාරයක් ලබාගන්න තිබුන. (බ)
මේකට කියන්නේ යහපාලනය කියලද ? අපේ වෙලේ සුදාව වහාම නිදහස් කරනු ! (බ)
මේකට කියන්නේ යහපාලනය කියලද ? අපේ වෙලේ සුදාව වහාම නිදහස් කරනු ! (බ)
හොරු වෙනුවෙන් පෙනීසිටින නීතිපතිව ගෙදර අරින්න . තානාපති පදවි ලබාගන්න ඉඩතියන්න එපා . හරිනම් හොරේට දැක්විය යුතුයි (බ)
පිවිතුරු යහපාල පශු වෛද්‍යවරයෙක් වත් හම්බුවෙලා බැලුවනම් (බ)
චන්ද්‍ර ප්‍රේමට ම කිව්වා නම් ඒ පොතත් ලියවා ගන්න ඇහැකි වෙයි. (බ)
පොතට නම දාමු සුදු කොඩි සහ පවා දෙන්නෝ කියල..මේ මහත්තය ජනතාව තමන්ට දුන් පණිවිඩය තේරුම් අරන් නැහැ තාම..පොදුවේ මුළු රටේම සම්මාදමෙන් මහින්ද මහත්තයාගේ සහ ගෝඨාභය මහත්තයගේ දේශපාලන නායකත්වයෙන් ත්‍රිවිද හමුදාව පොලිසිය ග්‍රාමාරක්ෂක සේවය වගේ සියලු ආරක්ෂක අංශවල සහභාගිකත්වයෙන් ගත් යුධ ජයග්‍රහණයට හොර ඔප්පු හදල එන්ජිඕ කාරයොත් එක්ක හිටගෙන යුධ ජයග්‍රහණය විකුණලා රටේ ඉහල තැනකට එන්න තමන් ගත් උත්සහයේ අවසාන ප්‍රතිපලය පාර්ලිමේන්තු මන්ත්‍රීකමවත් නැතිවීමයි.දැන්වත් ඔය සිරුර පුරා දුවන කුහක කම වයිරය ඉර්ශයාව වගේ නුහුගුන අත ඇරලා මනුස්සයෙක් වෙන්න උත්සහ ගන්න..මහින්ද මහත්තයයි ඔහෙයි අහසට පොලොව වගේ..ඔහුට සමාන වෙන්න ඔහුට අභියෝග කරන්න තමුන්ට කවදාවත් බැහැ..(බ)
කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)
අපි ඉවසලා බලමු මහත්තයෝ (නි)
තාමත් ඉස්සර වගේමයි (නි)
පිවිතුරු යහපාල කියන්නේ ඇත්ත. මෙතන ඉන්න ෆේස්බුක් වීරයින්ට ඇත්ත තේරෙනකොට ප්‍රමාද වැඩියි (නි)
අපි ඉතින් මොනවා කියලා කරන්නද මහත්තයෝ? (නි)
ජෙනරල්තුමනි, අපේ රටේ අසරණ මිනිසුන්ට බදුපිට බදු ගහලා ගසාකාපු මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් ගැන කෙරෙන පරීක්ෂණ ඉක්මන් කරන්න.ඒ මුදල් ජනතා සතුකරලා මදි. හොරුන්ට දැඩි දඩුවම් දෙන්න. සමස්ත ජනතාවම බලා ඉන්නවා. (නි)
දකුණේ නීතිපති වැඩකරන්නේ නෑ උතුරේ අවි නීතිය රජකරනවා..පතිවත රැකගෙන හිටපු අවුරුදු තිස් ගණන්.මව් වරු කෙලෙසීමේ වරදට(සාක්ෂි ඇතිව හෝ නැතිව )යුද බිමේ ඔබගේ අනසක යටතේ හිටපු සිංහල සොල්දාදුවන් වසර විසිගණන්.සිරගතවෙද්දී වින්ද්‍යා දුෂණය කර මරාදාපු මිනීමරුවන් තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන රටක,පොලිසියට ගසා ගමෙන් පැනගොස් පොලිසියටම හසුවී ලිස්සා යන මිනී මරුවන් කොටුකර ගත නොහැකිව ...නොකළ වරදකට පාසල් දරුවන් ,අහිංසකයන් නිරුවත්කර එම අහිංසකයන් මතට වරද බලෙන් පටවන්නට බලකරන රටක.තව කොහෙද සෙන්පති තුමෝ.... නීතියක් හරි හැටි ක්‍රියාත්මක වෙනවකියල හිතන්නේ. (අ)
අපි නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
සරත් ෆොන්සේකා මැතිතුමා විශිෂ්ට යුද සෙන්පතියෙක්. අසාර්ථක දේශපාලනඥයෙක්. අකමැත්තෙන් හෝ ඒ සත්‍ය බාර ගත යුතුයි. (අ)
අවශ්‍ය සාක්ෂි නොමැතිව පැවරුණු නඩු, කාලයක් ගිහිල්ලා නඩු ගාස්තුත් එක්ක විසිවෙන හැටි අපි ඕනෑතරම් පහුගිය කාලේ දැක්කා.දේශපාලන පළිගැනීම් තමන්ට පාරාවළල්ලක් වෙන බව කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි (නි)
දේශපාලන භේදයකින් තොරව මෙතුමාගේ ප්‍රකාශය පිළිගත යුතුය.හොරු ගැන කියපු අයට ලැජ්ජාව නොමැති වුණත් අහපු අපිට නම් ලැජ්ජාවක් දැනෙනවා ඇත. (නි)
ඔබතුමාගේ වැඩ හරි නැත කියල මැතිවරණ ගණනාවකින්ම ඔප්පු වුනා නේද (බ)
පිවිතුරු යහපාල,සරත් ෆොන්සේකා මහතා නොහිටින්න අද අපිට වට වන්දනාවේ යන එක හීනයක්. සෝමාවතිය, නාගදීපය, සේරුවාවිල බිමට සමතලා කරලා (නි)
මේ යුධ වීරයාගෙන් කවුරුන් හෝ පළිගැනීමක් කරන්නේ නම් එය ජාතියම හෙළාදැකිය යුතුය (නි)
අපි ඔබතුමා සමඟ ඉන්නවා (නි)
ඔබ තුමා 2010 ජනාධිපතිවරණ ඇත්ත ප්‍රතිපල අනුව 2016 ජනවාරි වෙනකම් ජනාධිපති නේද? ජනවාරි අට වෙනිදායින් පස්සේ නඩු මගට ගියානම් ඔබට අඩු තරමින් තව මාස 3ක් ඉතිරිව තියෙනවා නේද ??? මේ ඔක්කොම සිදු වුනේ අර හිටපු මැකෝ දයානන්ද දිසානායකට ට කල අකරතැබ්බය නිසා නේද ? නිහඬව ඉන්න එපා මොකද රටේ නීතිය තවම වල් වැදිලා වගෙයි පෙනෙන්නේ ! (අ)
ජනතාව දෙන පණිවිඩවලට වැඩ කලොත් එහෙම හොරුයි මංකොල්ල කරොයෝයි. ස්ත්‍රී දුෂකයෝයි කුඩු කරයෝයි. විතරයි පාර්ලිමන්ට් එකේ ඉන්නේ. (අ)
දේශපාලන බේදයකින් තොරව ඔබතුමා අපේ රටේ සැබෑ වීරයෙකි.ඔබතුමාට අපි සැමදා ගරුකරමු (නි)
ඔබතුමා ඔය කියන පොත හොදට කියවල බලන්න.. ඒ කේ ඔබතුමාගේ නම සහ ඔබතුමා කරපු සේවය ගැන පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා...ඔබතුමාගේ පොතේ නම් ඉතින් ඔබතුමා ගැන විතරක් තියෙයි..(අ)
කවුරුන් කුමක් පැවසුවත් යුද්ධය ගැන හරියට පොතක් ලිවිය හැක්කේ ඔබතුමා ඇතුළු රණවිරුවන්ට පමණි. (නි)
නිමල් ලාලිත, යුද්ධය කියන්නේ සංග්‍රාම භූමියේ සටන් කියලා විතරක් හිතන, යුද්ධය ගැන මෙලෝ හසරක් නොදන්නා අයට නම් ඉතින් එහෙම හිතන එක ගැන අපිට පුදුම නැහැ. ජර්මානු නාසි පරාදකිරීමේ ගෞරවය ගියේ, රුසියාවේ ස්ටාලින්, ඇමරිකාවේ රූස්වෙල්ට්, බ්‍රිතාන්‍යයේ චර්චිල්ලට. පුළුවන්කමක් තිබ්බොත් චර්චිල් දෙවන ලෝක යුද්ධය ගැන තම අත්දැකීම් ලියපු පොත කියවන්න (නි)
ඕනෙම හමුදාවේ කෙනෙකුට තියෙන තරු-පටි ඔබ තුමාටත් නොඅඩුවම තියෙනවා.ඒකට යහපාලනයෙන් ඔයාට සැලකුවනේ .. අවුරුදු 30 ක් යුද්ධ කලේ ඔයා තනියම නෙමෙයි නේ. අනිත් හමුදා නිලදාරීන් ව අයින් කරලා ඔබ තුමා තනියම ලකුණු ටික දා ගන්න හදන එක සාදාරන නැහැ නේද ??? ඔයාට තනියම නම් මේ රටේ දේසපාලනයට එන්න හම්බවෙන එකක් නැහැ.ප්‍රධාන පක්ෂ දෙකින් එකකට හේත්තු වුනොත් නම් චාන්ස් එකක් තියෙයි. (අ)
රනිල් මහත්ත්ටයටත් 29 පාරක්ම ජනතාව කීව දේ තේරුනේ නෑ නේද රොහාන් (අ)
ඔව් සම්පත් මහතා , රනිල් 29 වතාවක් පරාද කලේ සිංහල ජනතාවයි , කවුද කියන්නේ මහින්ද පරාදයි කියලා , පැරදුනේ මහින්ද නොවේ අපියි , මේ රට යි , දිවි පරදා සටන් කල රණ විරුවනුයි . දින්නේ රනිල් හෝ මෛත්‍රී නොවේ , ඩයස්පෝරාව ඇතුළු බටහිරයි , මේක තමා තිත්ත ඇත්ත , මේ ඇත්ත පිවිතුරු හැමදාම කිව්වා , දකිනවා . ජන 8 දින්නේ අල්ලපු රටේ ඡන්ද ලක්ෂය හයා මාරෙන් . අගෝස්තු 17 මහින්දව පරාද කලේ පක්ෂ නායකයා වන අති ගරු ජනාධිපති තුමා ,ඇයි දැක්කේ නැද්ද එතුමා ම කිව්වා එතුමා බය වුනේ මහින්ද දිනලා එතුමාව අයින් කරයි කියලා . ඇයි මේවා පෙන්නේ නැද්ද ? කමක් නැහැ එකට නම් . එත් ජිනීවා පාවා දීම ගැන කෝ මෙතුමා ගේ ප්‍රතිචාරය ? මහා දවල් මහා බැංකුව මංකොල්ල කාල අවු 30 වෙනකන් පැන්ෂන් එක හදා ගත්තා දෙතුන් දෙනෙක් කෝ මෙතුමා ඒවා ගැන කියන්නේ නැත්තේ පටි ගැලවෙයි කියලද ? අද හමුදාපති වරු 5 දෙනෙක් ප්‍රශ්න කරන්න යනවා ඩයස්පෝරාව සතුටු කරන්න ජාත්‍යන්තරේ ඉල්ලීම් අනුව . කෝ මෙතුමා ප්‍රතිචාර ? ඔබතුමා ගේ පොත කෙසේ වෙතත් , තනිවම යුද්ද කලේ මමයි කියා කියා ගියේ කවුද කියා මුළු රට ම දනනවා . ඔබතුමා යුද වීරයෙක් බව ඇත්ත , නමුත් දිරච්ච ලනු කාල සවුත්තු වුණා . දැන්වත් ජනතාව දුන් පණිවිඩය තේරුම් අරන් රට වෙනුවෙන් විශේෂයෙන් සහෝදර හමුදාව වෙනුවෙන් පෙනී සිටින්නේ රට පාවා දෙන්නන්ගේ සාක්කු වලට නොවැටී (අ)
ඔබ තුමා පොතක් ලීවොත් මුල හිටන් අග වෙනකම් ඔබතුමා කල දෙය පමණක් ලියයි. (අ)
මාල්, 2010 ජනාධිපතිවරණයෙන් නම් මහින්ද දිනුවා. එදා යුධ උණුසුම එක්ක යුද්ධයට සහාය නොදුන් විපක්ෂයට ජනතාව සහාය දුන්නෙ නැහැ. බිම් මට්ටමේදි ඒක අපි දැක්කා. 2015 දි මෛත්‍රී මහතාට තිබුණ රැල්ලත් අපි දැක්කා.2010 දි ගම්වල යූඑන්පී අය සන්ධානෙට හැරුනා. 2015 දි ඒකෙ අනික් පැත්ත වුණේ.හැබැයි යුද්ධයේ වැඩි ගෞරවය නම් යන්න ඕනෑ මෙතුමාට. ඒකට හේතුව මේකයි. මෙතුමා හමුදාපති වුණ හැටියෙම කළේ දූෂණය පිටුදැකීම. (නි)
පිවිතුරු යහපාල, ඔබේ හිස පමණක් වසා ඇඟ එළියේ ඇතුවා වගෙයි (නි)