හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා 2010 දී අත්අඩංගුවට ගැනීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උපවාසයක් කළ භික්ෂූන් 12 නමක් වසර තුන හමාරකට පසු නිදහස ලැබීය.
තව දුරටත් නඩුව පවත්වාගෙන නොයන බව නීතිපති අධිකරණයට දැන්වීය.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඒ අනුව හිමිවරුන් මුදාහළේය.
නීතිය හා සාමය කඩ කළ නිසා හිමිවරුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවත් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි පොලිසිය හිමිවරුන් බලෙන් රැගෙන ගිය බව විත්තියේ නීතීඥවරු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ හිමිවරු අත්අඩංගුවට ගත්තා වගේ හික්කඩුවේ සහ හෝමාගම ආගමික ස්ථාන විනාශ කළ සියලුම දෙනා ඇයි අත් අඩංගුවට නොගන්නේ. ජාත්‍යන්තරය නිවැරදි කරගන්න කියන්නේ මේවා නොවේද? (ත)
කාට කාටත් අමතක වෙච්ච දොළොස් නමක්! (ත)
පුදුමයි (ත)
එහෙම දේවලුත් වෙලා තිබුනද, දැන් ජිනීවා උන හැම තැනම. (ත)
මෙම හිමිවරුන් පොලිසියට විරුද්ධව නඩු මගට යනවද? (දිල්)
රංජුල කිව්වා වගේ,අර හික්කඩුවේ පල්ලිය කඩාපු අයවත් වහාම අත්අඩංගුවට ගන්න.(නදී)
මෙම සංඝයා වහන්සේලා දොලොස් නම ඉදිරි මැතිවරණ කට යුතු වලට සහෝගය දෙවි නේද? (නදී)