ශීත කාලයේ ආරම්භයත් සමග දෙසැම්බර් මාසයේ පායන පුන් සඳ හඳුන්වන්නේ සීතල සඳ යනුවෙනි. මේ හඳේ ඇති විශේෂත්වය වන්න් පුන්සඳ ඇති රාත්‍රියේ නත්තල උදාවිමයි. මෙවර නත්තල් දිනට පෙර දින උඳුවප් පුන් පොහොය යෙදී ඇත. ලොව රටවල් ගණනාවකට එදින රාත්‍රී පුන්සඳ දක්නට ලැබෙයි. පුන්සඳ රාත්‍රී අහසේ පායා ඇති විටෙක නත්තල උදාවීමක් අවසන් වරට සිදුව ඇත්තේ 1977 වර්ෂයේ දී ය. මෙවර එවැන්නක් සිදුවීමෙන් පසු යළි එවැනි අවස්ථාවක් උදාවන්නේ 2034 දී බව තාරකා විද්‍යාඥයෝ කියති.
මෙලෙස සඳ දක්නට ලැබීම නත්තලට ලැබෙන තෑග්ගක් ලෙස කිතුනුවෝ සමරති.
2015 වර්ෂය සඳ සම්බන්ධයෙන් සුවිශේෂී වසරක් විය. සැප්තැම්බර් මාසයේ පොහොය දිනයේ දී ඉතා කලාතුරකින් දැකිය හැකි ආකාරයෙන් සුපිරි සඳක් දක්නට ලැබිණි. ඒ සඳ එදින පෘථිවියට ඉතා අසන්නනේ ගමන් කිරීම හේතුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ නත්තලක් වේවා ඔබ සැමට! (නි)
යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ එකම දිනයක සමරන්නට අපේ ඇත්තන්ට වාසනාව තියෙනවා. (ස)
සද කොහොමත් ලස්සනයි. (ස)
පුන් සඳ මෙලොව ජීවීන් හැඟීම් බර කරාවි. (ස)
නත්තලට තෑග්ගක් වූ පුන් සඳ......බොදු, කිතුනු බැතිමතුන්ගේ සහජීවනය පෙන්නුම් කරන උතුම් සංකේතයක් වේවා. (ස)
සැමට සුබ නත්තලක්! (නි)
ඔබ සැමට වාසනාවන්ත නත්තලක්! (නි)
ඔබ සැමට සුබ නත්තලක් වේවා (කෞ)
පුන්සඳ පායා ඇති මේ නත්තල ඔබ සැමට සුබම සුබ එකක් වේවා! (නි)
පුන්සඳ කිව්වහම මට මතක්වුණේ මේ ගීතය. අහලා බලන්න මොනතරම් යථාර්ථයක්ද මේ කියන්නේ කියලා. " අකුරුසතර කරන පුතුට සඳ දෙවියෝ රැස්හෙලූහ... රෑ තනියට ළඟ ඉන්නට සිය තරු දරුවන් එවූහ..." (නි)
සුපුන් සඳ සමග,ඔබ සැමට සුබ නත්තලක් අපි පතනවා.