ශීත කාලයේ ආරම්භයත් සමග දෙසැම්බර් මාසයේ පායන පුන් සඳ හඳුන්වන්නේ සීතල සඳ යනුවෙනි. මේ හඳේ ඇති විශේෂත්වය වන්න් පුන්සඳ ඇති රාත්‍රියේ නත්තල උදාවිමයි. මෙවර නත්තල් දිනට පෙර දින උඳුවප් පුන් පොහොය යෙදී ඇත. ලොව රටවල් ගණනාවකට එදින රාත්‍රී පුන්සඳ දක්නට ලැබෙයි. පුන්සඳ රාත්‍රී අහසේ පායා ඇති විටෙක නත්තල උදාවීමක් අවසන් වරට සිදුව ඇත්තේ 1977 වර්ෂයේ දී ය. මෙවර එවැන්නක් සිදුවීමෙන් පසු යළි එවැනි අවස්ථාවක් උදාවන්නේ 2034 දී බව තාරකා විද්‍යාඥයෝ කියති.
මෙලෙස සඳ දක්නට ලැබීම නත්තලට ලැබෙන තෑග්ගක් ලෙස කිතුනුවෝ සමරති.
2015 වර්ෂය සඳ සම්බන්ධයෙන් සුවිශේෂී වසරක් විය. සැප්තැම්බර් මාසයේ පොහොය දිනයේ දී ඉතා කලාතුරකින් දැකිය හැකි ආකාරයෙන් සුපිරි සඳක් දක්නට ලැබිණි. ඒ සඳ එදින පෘථිවියට ඉතා අසන්නනේ ගමන් කිරීම හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නත්තලට තෑග්ගක් වූ උඳුවප් සඳ
කුමාර Wednesday, 23 December 2015 05:52 PM
සුබ නත්තලක් වේවා ඔබ සැමට! (නි)
අබරන් Wednesday, 23 December 2015 09:12 PM
යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ එකම දිනයක සමරන්නට අපේ ඇත්තන්ට වාසනාව තියෙනවා. (ස)
දිසා Wednesday, 23 December 2015 09:31 PM
සද කොහොමත් ලස්සනයි. (ස)
වසන්ජය Wednesday, 23 December 2015 10:17 PM
පුන් සඳ මෙලොව ජීවීන් හැඟීම් බර කරාවි. (ස)
නන්දලාල් Wednesday, 23 December 2015 11:00 PM
නත්තලට තෑග්ගක් වූ පුන් සඳ......බොදු, කිතුනු බැතිමතුන්ගේ සහජීවනය පෙන්නුම් කරන උතුම් සංකේතයක් වේවා. (ස)
චමල්කා Thursday, 24 December 2015 01:26 AM
සැමට සුබ නත්තලක්! (නි)
කසුන් Thursday, 24 December 2015 02:21 AM
ඔබ සැමට වාසනාවන්ත නත්තලක්! (නි)
කුරුප්පු Thursday, 24 December 2015 03:42 AM
ඔබ සැමට සුබ නත්තලක් වේවා (කෞ)
හංස Thursday, 24 December 2015 04:09 AM
පුන්සඳ පායා ඇති මේ නත්තල ඔබ සැමට සුබම සුබ එකක් වේවා! (නි)
ජයාත් Thursday, 24 December 2015 04:11 AM
පුන්සඳ කිව්වහම මට මතක්වුණේ මේ ගීතය. අහලා බලන්න මොනතරම් යථාර්ථයක්ද මේ කියන්නේ කියලා. " අකුරුසතර කරන පුතුට සඳ දෙවියෝ රැස්හෙලූහ... රෑ තනියට ළඟ ඉන්නට සිය තරු දරුවන් එවූහ..." (නි)
ජනනාත් Thursday, 24 December 2015 04:38 AM
සුපුන් සඳ සමග,ඔබ සැමට සුබ නත්තලක් අපි පතනවා.