ලබන සතියේ එළැඹෙන නත්තලට අලුත් ඇදුම් ආයිත්තම් සොයා පැමිණි අයගෙන් පිට කොටුව මහ වීදිය අද (17) පිරී ඉතිරී ගියේය.
නත්තල් සැරසිලි, පාවහන් , ඇදුම් පැළදුම්, විදුලි බුබුලු ආදිය මිලදී ගැනීමට බාල තරුණ මහලු විශාල පිරිසක් එහි වූහ.
පාවහන් , ඇදුම් පැළදුම් ආදිය වැඩියෙන් විකිණෙන අතර සේල් සේල් යනුවෙන් සැම තැන බෝඩ් එල්ලා ඇත.
රුපියල් සීයේ සිට දහස පමණ දක්වා විවිධ ගණන් වලට ඇඳුම් අලෙවි වේ.
නත්තල් සැරසිලි වල මිල ඉහල ගිහින් ඇති බව වැඩි දෙනාගේ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් එනවා ලංකාවට බඩු ගන්න.(නදී)
සාමය සතුට සෞභාග්‍ය පිරුණු ප්‍රීතිමත් සුභ නත්තලක් වේවායි මගේ පැතුම වේ.(නදී)
දැන් ලංකාවේ අවුරුදු,වෙසක්,සහ නත්තල් ආදී වූ මේ සියල්ලම සමරන්නේ අප නොව චීනයයි.(නදී)
සාමය සපිරි සුභ නත්තලක් වේවා.(නදී)
සාමය සතුට සපිරි සුභ නත්තලක් වේවා ලොවටම. (නදී)
සුභ නත්තලක් වේවා....!! (නදී)
සුභ නත්තලක්! (නදී)
නත්තල් කාලේ නට්ටන් වෙන්න එපා. සුභම සුබ නත්තලක් වේවා! (නදී)
කොපමණ නැති බෙරි උනත් අපි බලන්නේ අපේ දරුවන්ට නත්තලේ සතුටින් ඉන්ට මාර්ගයක් සලසන්ට. පොඩි උන් දන්නේ නැහැනේ අපිට තියෙන ප්‍රශ්න. ඒවා පොඩි උන්ට වැඩකුත් නැහැ. පුළුවන් විදියට නත්තල සමරමු. හොරකම් නොකර අනුගේ දේවල් කඩා වඩා ගන්නේ නැතිව නත්තල සමරන එක තමා මනුස්සයගේ වගකීම. සුබ නත්තලක් හැමෝටම.(නදී)
සුභ නත්තලක් වේවා! (නදී)
මගේ නත්තල දුගියා බත් කනදාටයි. ගරු.මර්සේර්ලින් ජයකොඩි පියතුමාගේ පැතුම කවදා ඉටුවේද ?(නදී)
ගුණරත්න-ඩුබායි මම ඔබේ අදහසට ගරු කරනවා(දිල්)
කළ දුටු කළ වල ඉහගන්න වෙළෙන්දෝ උත්සව කාලවලදී බහුලව ඉන්නවා. හොඳින් පරීක්ෂා කර බලා භාණ්ඩ මිලදී ගැනීම ණුවනට හුරුයි.ඒවගේම මුදල් ගෙවන විට වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු වලින් ගෙවන්නේ බලා ගෙනයි.(දිල්)
ලංකාවේ අයට සල්ලි නැහැ කියන්නේ බොරුනේ. අනවශ්‍ය දේවල් වලට මෙච්චර වියදම් කරන්න කොච්චර සල්ලි තියෙන්න ඕනෙද?(දිල්)
මේවා දැක්කම අපිටත් අපේ රටට එන්න හිතෙනවා. මෙහෙත් හරියට සැරසිලි තියෙනවා. අපිට දුකයි අපේ රට දාලා මෙහෙ ඉන්න එක. ඒත් ඈත දුරක හිටියත් නත්තල සතුටින් සමරනවා. ජේසු තුමාගේ උපන් දිනය සමරන මේ නත්තල සුභ නත්තලක්.(නදී)
පිටකොටුවෙන් රෙදිපිලි මිලදී ගන්නාවිට ප්‍රවේශම් වන්න. මෙහි විකිනීමට ඇති රෙදිපිලි ගොඩක් ඒවා අපිරිසිදු රෙදිපිලි වන අතර රෝග කාරක විෂ බීජයන්ද පැවතිය හැක.(නදී)
මිතුරෙක් නොවන කෙනෙක් සමග, නැත්නම් අසල්වැසි දුප්පත් පවුලක් සමග නත්තලට බත් ටිකක් කන්න හැකි නම් එයයි ජේසුස් වහන්සේ දුන් නියම නත්තල. (අ)