නත්තල් සතුට අහිමි කුඩා දරුවන් වෙනුවෙන් සංවිධානය කළ අමුතුම ආකාරයේ අරමුදල් එක්රැස්කිරීමක් පසුගියදා කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැත්විණි.
රතු පැහැති නාන ඇදුම් වලින් සැරසුණු 70 ක පමණ කණ්ඩායමක් අධික සීතලද නොතකා නගරයේ විදි වල දිවයනු දැකගත හැකි විය.
‘‘සිසිල් අභියෝගය‘‘ යැයි නම් කෙරී ඇති මෙම අරමුදල් එක්රැස් කිරීමේ වැඩසටහන වසරක් පාසා පැවැත්වෙන්නකි.මෙවර එය පැවැත්වුනේ 8 වැනි වරටය.
එක්රැස් වන මුදල් සියල්ල කුඩා ළමයිගේ සුභසාධන කටයුතු සදහා යෙදවේ.
මෙවර ඩොලර් 32000 (රුපියල් 3921610) කට ආසන්න ආධාර මුදලක් එක් කර ගැනීමට හැකිව ඇති බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd