(නිමල කොඩිතුවක්කු)
නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට (23) සිට ක්‍රියාත්මක බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්ත මහතා පැවසීය.
ඒ අනුව නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 08ක් ධාවනයට එක්කරන බවත් සෙනෙවිරත්ත මහතා සඳහන් කළේය.
කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියන් 3ක් කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන විශේෂ දුම්රියක් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන විශේෂ දුම්රියක් ධාවනය සඳහා මෙලෙස එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මෙයට අමතරව සෙසු දුම්රිය ගමන්වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් ඔහු තවදුරටත් කීවේය.

2025 දෙසැම්බර් මස 16
100
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
901
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නත්තල වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්