IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්

     SAN_0496-cover  

 

මෙයාට දැන් වැඩි දෙනෙක් කතා කරන්නෙ ‘රෝසා’ කියලයි. එච්.ආර්. ජෝතිපාල ශූරීන් ගැයූ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතය සිරස සුපර් ස්ටාර් සයවැනි අදියරේ තරගකාරියක ලෙස ඇය ගායනා කිරීම ඊට හේතුවයි. ඉන්පසුව ටෙහානි සහභාගී වූ සෑම ප‍්‍රසංගයකදීම වාගේ හැමෝම ඇයට ආරාධනා කළේ එම ගීතය ගැයීමටයි. ‘ටෙහානි ඉමාරා’ රෝසා වූණේ අන්න ඒ විදිහටයි. සිරස සුපර් ස්ටාර් 6 වැනි අදියරේ අවසානයේදී තුන්වැනි ස්ථානය දිනාගත් ඇය ගැන අද වැඩිදෙනා කතා වන්නේ දැන් පැවැත්වෙන සිරස සුපර් ස්ටාර් තරගය මනුරංග සමඟ එක්වී නිවේදනයෙන් මෙහෙයවන නිසයි. මේ ටෙහානි උපන්නේ කොහේදීද කියලා ඔබ දන්නවාද? අතීත නත්තල් සැමරුම් සමඟ ටෙහානි අපට ඒ ගැන කියන්නෙ මේ විදිහටයි.

 

SAN_0547

 

 

  •  ටෙහානි, මේ දිනවල මොනම විදියකින්වත් ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැලූ. ඇයි ඒ?

මගේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙනවා. අලෙවි කළමනාකරණ අංශයෙන් උපාධිය සඳහා නියැලී සිටින නිසා, ෆෝන් එක එක්ක සෙල්ලම් කරxකර ඉන්න වෙලා නැහැ.

 

 

  •  සිරස සුපර් ස්ටාර් තරග නිවේදන කටයුතු කිරීමට කාලය තිබෙනවද?

ඇත්තටම ඒක හරියට හීනයක් ඉටුවීමක් වගෙයි. කවදාහරි මියුසිකල් වැඩ සටහනක් නිවේදනය කිරීමේ අදහස තිබුණා. නමුත් ලොකුම ප‍්‍රශ්නය වුණේ සිංහල භාෂාව හරියට කතා කරන්න බැරිවීමයි. ඒත් මගේ අම්මා, මනුරංග සහ නිෂ්පාදන කණ්ඩායම මට ගොඩාක් උදව් කළා. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න පුළුවන් වුණා.

 

SAN_0516

 

 

 

  •  නත්තලට ගීතයකුත් ගායනා කළා නේද?

ටෙහාන් පෙරේරා සහ සංගීත් ඉද්දමල්ගොඩ එක්ක ‘නත්තල් ගී’ දෙකක් නිර්මාණය කළා. ඊට අමතරව මගේම ගී නිර්මාණයක් එළිදැක්වීම සඳහා සූදානම් වෙනවා. ප‍්‍රසංගවලදී බිලි ප‍්‍රනාන්දු ගායනා කළ චූටි නමැති ගීතය සැපයීමට එයා මට අවසර දුන්නා. ඒ නිසා දැන් හැමෝම මට කියන්නේ චූටි කියලයි. ඒ වගේම ජෝතිපාල මහත්මයාගේ රෝසා ගීතය ගැයීම නිසා සමහරු රෝසා කියලත් මට කතා කරනවා.

 

 

  •  නත්තල් දින මුල්ම මතකය ගැන සිහිපත් කළොත්?

කුඩා කාලයේදී නත්තල් සීයා, නත්තල් පප්පා කියන්නේ අපේ අම්මාට සහ තාත්තාට කියලයි මම හිතාගෙන හිටියේ සවුදියේදී එච්චර ජයට නත්තල් සැමරීමේ අවකාශය තිබුණෙත් නැහැ. කොහොම වුණත් එක් නත්තල් දිනයකදී අම්මායි තාත්තායි මට පුංචි ඉබි පැටියෙක් ගෙනැත් දුන්නා. එච්චරටම මම සතුන්ට ආදරෙයි. ඒ නිසා තමයි ඉබි පැටියෙක් මට ගෙනැත් දුන්නේ. හැබැයි මගේ පොත්ගොඩ ඉබි පැටියා උඩට වැටිලා එයා මැරුණා. ඒ අවස්ථාව මට දරාගන්න බැරි වුණා. එච්චරටම දුකයි. මම අදටත් ඒ ගැන දුක්වෙනවා.

 

SAN_0467

 

  •  ඉන්පසු කලෙක ඔබට ලැබුණු අමතකම නොවන නත්තල් තෑග්ග මොකක්ද?

මීට අවුරුදු දොළහකට විතර පෙරදී, අපේ අම්මායි-තාත්තයි මට ගිටාර් එකක් ගෙනැත් දුන්නා. ඒ තෑග්ග මගේ ජීවිතයේ වෙනසක් කළ බව කියන්න පුළුවනි. එතැන් සිට ගිටාර් වාදනය ප‍්‍රගුණ කරන්න පටන් ගත්තා. ඒක ඇත්තටම මට අමතකම නොවෙන නත්තල් තෑග්ගක්. 


හැබැයි මම සවුදියේ උපත ලබා ලංකාවට ආවේ අවුරුදු 12 සම්පූර්ණ වූ පසුවයි. එවිට නැන්දලා, මාමලා, සීයා-ආච්චි හැමෝම එක්ක නත්තල සමරන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාව මට ගෙන දුන්නේ ලොකු සතුටක්. ඇත්තටම ලංකාවට ආවාම මට ඇතිවුණේ ලොකු සතුටක්. සිංහල භාෂාව බැරිකම මුල්කාලයේදී ලොකු අපහසුතාවක් වුණා. ඒත් දැන් ඔක්කොම හරි.

 

 

  •  මොනවද ඔබ කැමති නත්තල තේමා කරගත් ගීත.

සයිලන්ට් නයිට් ගීතයට හරිම කැමතියි. ඒ වගේම මාරියා කේරී ගයන "All I want for Christmas is you" ගීතයටත් ගොඩාක්ම ආසයි. මෙරට බිලී ප‍්‍රනාන්දු ගායනා කළ ‘සීතල සුළඟ හමයි’ ගීතයටත් හරිම ආසයි. 

 

SAN_0455

 

 

 

  •  නත්තල් දා මුහුණදුන් අමතක නොවන තවත් සිදුවීම් තියෙනවාද?

සංගීත ප‍්‍රසංගයකට දායකවීම සඳහා ප‍්‍රථම විදෙස් සංචාරයකට ආරාධනා ලැබුණේ නත්තල් දිනයකදීයි. ඩුබායි බලා ගිය ඒ මොහොතත් කවදාවත් මට අමතක කරන්න බැහැ.

 

 

  •  ඔබ නත්තල මොන විදියට ද සමරන්නේ?

දෙසැම්බර් 24දා රාත‍්‍රී 11.30 වෙද්දී ගෙදර අය එක්ක පල්ලියට යනවා. ගිහින් පූජාවලට සහභාගී වී, තාත්තාගේ මහගෙදර යනවා. ගිහින් වැඩිහිටියන් එක්ක තෑගි බෙදා ගන්නවා. 25 වැනිදා දිවා අහාරයට අපේ ගෙදරට නැන්දලා මාමලා සහ හිතවත් අය ඔක්කොම එකතු වෙනවා. හැබැයි මේ සියල්ල අතරේ දාන-දීම සහ දුප්පත්ම මිනිසුන්ට සංග‍්‍රහ කරන්නත් උපකාර කිරීමටත් අමතක කරන්නෙ නැහැ. අනිවාර්යෙන්  ඒවා කරනවාමයි.

 

පසුතලය - Hayleys Cafe Fixel

SAN_0446

SAN_0473

 

sadun-gamage

 

 



අදහස් (0)

නත්තල් තෑග්ගට ලැබුණේ ඉබි පැටියෙක්

නිවන්තක Wednesday, 30 December 2015 07:41 AM

කොහොමත් ගොඩක් අයට ලොකුම ප්‍රශ්නයක් තමයි සිංහල භාෂාව කතාකරන්න නොහැකිවීම (නි)

:       0       0

පීටර් Friday, 08 January 2016 06:12 AM

ඉබි පැටියා විතරද ලැබුනේ සිංහල බාෂාව කනවා. (බ)

:       0       0

ප්‍රසාද් Sunday, 27 December 2015 03:44 PM

මේ අය තමයි සිංහල භාෂාව කන්නේ (බ)

:       0       0

කසුන් Tuesday, 22 December 2015 07:59 AM

කිරි කල යට යයි .ගොම රිටි මතුවේ ...(බ)

:       0       0

දනුක Tuesday, 22 December 2015 09:19 AM

ලස්සනයි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site