ජනතා විමුක්ති පෙරමුණේ අයිතිවාසිකම් වලට හානි කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ප්‍රකාශයට පත්කර බෙදා හළ ‘නැත්ත වෙනුවට ඇත්ත‘ නම් පොත තහනම් කරන්නැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා පැවරූ නඩුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා මැයි 13ට කල් තැබීය.
බුද්ධිමය දේපළ පනත යටතේ මේ නඩුව පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේනක, ඔයාගේ සිහිනය තමයි ජ වී පෙ දියවෙලා යන එක. ඒත් එ්ක එහෙම වෙන්නේ නැහැනේ. බලන්න අයිතීන් උදෙසා පවතින ගොවි සටන්, ධීවර සටන්, ශිෂ්‍යය සටන්, කම්කරු සටන්, පාර්ලිමේන්තු සටන්, දුෂිතයන්ට විරුද්ධ සටන්, දුෂණ හෙළිකිරීම් යනාදී දේ වලදී ඊනියා ඒකාබද්ධ විපක්ෂයට ජ වී පෙ කිට්ටුවටවත් එන්න බැහැනේ. සැබෑ විපක්ෂයේ කාර්යය කරන්නේ ජවීපෙයි. ඒකාබද්ධ විපක්ෂය තමාගේ පුද්ගලික ගැටළු විසඳගන්න දේශපාලනය කරනවා. (නි)
දීපාල්, ඔයා හිතන්නේ මේ පොත ප්‍රකාශකළ අය කියන දේවල් පරම සත්‍යය කියලද? ඒකෙන් තේරෙන්නේ ඔයාට මොනවත් තේරෙන්නේ නැහැ කියලා. මේ පොත් ප්‍රකාශකළ අය ගමන්ගත් මාර්ගය මුළු ලෝකෙම දන්නවා, ඔබ දන්නේ නැතිවුණාට (නි)
දහම්......මේක බුද්ධිමය දේපල අයිතියට අදාල නඩුවක්. එහෙම නැතිව ප්‍රශ්න පත්තරයක් නෙමේ උත්තර බඳින්න.(කෞ)
දීපාල්, ජවිපෙ නෙමෙයි, අපිත් බයවෙලා ඉන්නේ ලංකාවේ මිනිස්සු කරන මෝඩ වැඩ දැක්කහම. ලංකාවට ආපසු යනතුරු බයයි. (නි)
ඇයි මේ ජවිපෙ ඇත්තට මෙච්චර බයවෙලා තියෙන්නේ? (බ)
ප්‍රසන්න හරි. සමහරු කියන ඔය "රතු අලි පැටියා" තමයි ජනතාව පැත්තේ ඉන්නේ. නිල් අලි, ගුරු පාට අලි ඔක්කොම එක පිලේ එකට ඉඳගෙන තම තමාගේ නීතිය ඉදිරියේ තිබෙන ප්‍රශ්න විසඳාගන්න යනවා. (නි)
නැත්ත මොකද්ද ඇත්ත මොකද්ද කියල ගඳ සුවඳ දැනෙන කිරිසප්පයාටත් තේරෙනවා (කුලියාපිටියේ හැර) (නි)
මහා තේජෝ බල පරාක්‍රමයක් සේ විරාජමානව ඉන්ද්‍රඛීලයක් හා සමානව පසුනොබා නැඟී සිටි ජේ .වී.පී. එකේ ඉදිරිගමන මේ අයුරින් දියවෙන්නට පාර කැපුවේ කවුද? (නි)
බලන්න දේශපාලනයට ගියාම තිබෙන වෙනස. එක හැළියේ කෑවත්, බලයට ඕනෑ ජරාවක් කරන්න ලෑස්තියි. මේ කට්ටියම වීරවංශ මහත්තයත් ඇතුළුව ඔක්කොම දේවල් කරන්නේ ජනතාවට ආදරේට නම් නොවේ කියන එක ජනතාව දැනගන්න එක හොඳයි (නි)
ජේ.වී .පි.එක ගැන මිනිස්සුන්ට අමතක වෙලාද?අපිටනම් මතකයි හැත්තෑ එකේ සිටම. (බ)
විමල් වීරවංශ විසින් ප්‍රකාශයට පත්කර බෙදා හැරියා නම් ඉතින් බලන්න දෙයක් නැහැ. තමන්ගේ වයස, නම ගම පවා වෙනස් කරන්න තරම් බොරු කළ පවුල් වල අය රටට අනික් මිනිස්සු ගැන ඇත්තක් කියන්නේ කොහොමද? ඔන්න පාස්පෝට් කතාවේ ඇත්ත නැත්ත කියලා එකක් ලිවුවා නම් සළකා බලන්න තිබුනා. (නි)
දීපාල්, දහම්, ඔය පොතේ තියෙන්නේ ඔක්කොම ජවිපෙට අයත් ලිපි. (නි)
ඇයි තහනම් කරන්න ඉල්ලන්නේ. ඊට වඩා හොඳ නැද්ද ඒකට පිළිතුරු පතක් පල කළානම්. (හේ)