ඔප්පු ලිවීමේදී රුපියල් ලක්ෂ 15ක මුද්දර ගාස්තු වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම නීතීඥවරියක අත්අඩංගුවට ගැනීමට කළුතර මහේස්ත්‍රාත් උසාවිය 21 වැනි වරෙන්තුව ද නිකුත් කර ඇතැයි උසාවි ආරංචි කියයි.
ඔප්පු ලිවීමේදී රුපියල් ලක්ෂ 15ක මුද්දර ගාස්තු වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බණ්ඩාරගම නීතීඥවරියක අත්අඩංගුවට ගැනීමට කළුතර මහේස්ත්‍රාත් උසාවිය 21 වැනි වරෙන්තුව ද නිකුත් කර ඇතැයි උසාවි ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරෙන්තු තුන හතරක් තිබුන සැකකරුවන් රටේ ප්‍රසිද්ධ උත්සව වල ආරාධිතයන් හැටියට වේදිකාවේ හිටපු යුගයක් තිබුන අපිට මේක අලුත් දෙයක් නොවෙයි (නි)
අපේ රටේ ඊටවඩා රට සල්ලි වලින් කෝටි ගණන් පිල්ලි ඇරපු නීතීඥවරු ගැන පහුගිය දවස් වල කතාවුණා නේද? (නි)
මේගොල්ලොත් එක්ක ගනුදෙනු බොහොම පරිස්සමින් (නි)
නීතීඥවරියක් වෙලත් මෙහෙම නම් අන් අය ගැන කවර කතාද? ඔප්පු ගාස්තු අයකළත් ඔප්පුව ලියාපදිංචියට නොයවා ඒ සල්ලි තමන්ගෙ අතේ තියාගන්න අය ඉන්නවා. කාලයක් ගියාමයි තේරෙන්නේ තමන්ගෙ ඔප්පුව ලියාපදිංචි කරලා නැහැ කියලා. (නි)
එයාගේ නමත් දාන්නකෝ (නි)
නම දාන්න. නැත්නම් අපිත් මෙයාට අහුවෙන්න පුළුවන්. (නි)
මුද්දර ගාස්තු වංචා හරියට වෙනවා. මේවා සොයලා බලනවා නම් වටිනවා. (නි)
මෙවැනි වංචා කරන, නොසැළකිල්ලෙන් කටයුතු කරන කළු කබා අය අද ඕනෑතරම් ඉන්නවා. ඒ අයට අනෙක් මිනිසාගේ ජිවිතයට වන හානිය, වැයවෙන සල්ලි කාලය ගැන හිතන්න වෙලාවක් නැහැ. නඩු ගණනාවක් දිනකට කතා කරනවා. එකක්වත් හරියට කරන්නෙ නැති තත්ව ඕනෑතරම් දකින්නට තියෙනවා. හැම පැත්තෙන්ම තැලෙන්නෙ නීතිය දන්නෙ නැති අසරණ මනුස්සයායි. (නි)
නිිතඥයො සල්ලි හරියට ගැනලා ගත්තට, නඩුවෙ ලියකියවිලි වල දින, නම් ගම්, අංක හරියට වරද්දලා උසාවියට භාරදෙනවා. කිසිම සැළකිල්ලක් නැහැ. ඒකෙන් තව තවත් නඩු ඇදෙනවා. ඒකෙනුත් වාසිය ඒ අයටමයි. (නි)
නීතිය දන්න අයම තමයි එහි ඇති හිඩැස් දන්නෙත්. ඒකයි මෙහෙම කරන්නේ. අහුවෙන්නෙ එහෙමත් එකක්. තව දස දහස් ගණනක් මෙහෙම ඒවා අපේ රටේ තියෙනවා. අසරණ මිනිසුන්ව හැම අතින්ම ගසා කනවා. (නි)
ඇයගේ නම දැමීම අපිට ලොකු උදව්වක් වේවි (නි)
නීතිය දන්න අයත් මෙහෙම නම්?? (නි)
මුද්දර ගාස්තු අයකළත් ඔප්පුව ලියාපදිංචියට නොයවා ඒ සල්ලි තමන්ගෙ පුද්ගලික වැඩ වලට යොදවමින් කල්මරනවා. දිගින් දිගටම ඇහුවොත් තමයි මේවා ලියාපදිංචියට යවන්නේ. මෙහෙම කරන අය ඉන්නවා. (නි)
ඔය වගේ හයියක් තියෙන්නේ ඇමති කෙනෙක්ගේ නංගි කෙනෙක්ම වෙන්න ඇති.(හේ)
මෙයාලා ඉතින් චේතිය රජ්ජුරුවන්ගේ පරපුරේ අයනේ (නි)
අනිවාර්යයෙන්ම මෙයා ආණ්ඩුවට සම්බන්ධ කෙනෙක් වෙන්න ඇති. (නි)
හොර නීතිඥයෝ රට පුරාම. (නි)
අද අධිකරණ ඇමතිට බැරිද මේ නීතියේ තියෙන හිඩැස් වසා මහජනයාට සෙතක් සළසන්න? ඔප්පුව ලියාපදිංචියට නොයවා ඒ සල්ලි තමන්ගෙ පුද්ගලික වැඩ වලට යෙදවීම බොහෝ කලක සිට වෙන දෙයක්. රජයක මෙවැනි දේ සිදුවීම වැළැක්වීමට හැකියාවක් තිබිය යුතුයි (නි)
මුද්දර ගාස්තුයි, ස්ටෑම්ප් ගාස්තුයි, මුද්දරයි ඒ කාලේ ගම්බද ජනතාවගෙන් කොච්චර නම් කියලා අයකළාද ඒ කාලේ ඔයගොල්ලෝ. (නි)