වෘත්තිය කටයුතුවල යෙදෙද්දී අනියම් අයුරින් කරන බිය වැද්දීම් තරයේ හෙළ දකින බවට අද (10) ඇඹිලිපිටිය නීිතිඥ සංගමයේ සංවත්සවර රැස්වීමේදී යෝජනාවක් සම්මත විය.
එවැනි බිය වැද්දීම් කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක විය යුතුයැයිද යෝජනාවක් ඒකමතිකව සම්මත විය.
නිතීඥ සංගමයේ සාමාජිකයෙකු වූ විජිත ජි පුංචිහේවා මහතාගේ වෘත්තිය නාමපුවරු පසුගිය 08 දා රාත්‍රී කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් ගල් ගසා කඩා දමා තිබුනි. පොලිසිය හා ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටීමට එරෙහිවූ පාර්ශවය නීතීඥවරයා බිය වැද්දීමේ අරමුනින් මෙය කරන්නට ඇතැයි නීතීවරු සංගමය සැකකරයිි. ඒ නිසා මෙම ක්‍රියාව හෙළා දකිමින් ගෙනෙන ලද යෝජනවා ඒකමතිකව සම්මත විය.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ගේ විවේකාගාරයේ මෙම සංවත්සර රැස්වීම පැවැත්විණි.
නව නිලමුඩුල්ල තෝරාපත් කර ගැනිමෙන් පසු නිතීඥ නීතීඥ ඩී.එස්.බී. දසනායක මහතා මෙම යෝජනාව ගෙනෙනු ලැබීය. හිටපු ලේකම් නිතීඥ සුමිත් පතිරණ මහතා එය ස්ථීර කළේ ය.
මෙම සිද්ධිය සම්බනධයෙන් නීිතීඥ විජිත ජී පුංචිහේවා මහතා ඇඹිලිපිටිය කොට්ටාසය බාර වත්මන් සහතාර පොලිස් අධිකාරී අනිල් ප්‍රනානදු මහතාට දුන් ලිඛිත පැමිණිල්ල අනුව ඊයේ (10) දින විමර්ශන ඇරඹිමට නියමිතව තිබුනි.
කුමන පාර්ශවයකට වුවද නීතීය සමානව ක්‍රියාත්මක වියයුතු බව මෙම රැස්වීමේදී තීරණය විය. ඇඹිලිපිටිය නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ රුවන් රණසිංහ මහතා ද, ලේකම්වරයා ලෙස නීතීඥ අරවින්ද සමරසිංහ මහතා ද, භාණ්ඩාගාරික ලෙස නීතීඥ සුජිව ගමඇතිගේ මහතාද තේරි පත්විය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘නීතීඥවරුන් බිය වැද්දවීම හෙළා දකිනවා‘
දහම් Wednesday, 10 February 2016 12:30 PM
ඉතින් අර කොළඹ මහාධිකරණය ඉස්සරහ කලකට පෙර ඩෙඟා නැටුවේ නීතීඥ කල්ලියක් නේද? (බ)