වෘත්තිය කටයුතුවල යෙදෙද්දී අනියම් අයුරින් කරන බිය වැද්දීම් තරයේ හෙළ දකින බවට අද (10) ඇඹිලිපිටිය නීිතිඥ සංගමයේ සංවත්සවර රැස්වීමේදී යෝජනාවක් සම්මත විය.
එවැනි බිය වැද්දීම් කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක විය යුතුයැයිද යෝජනාවක් ඒකමතිකව සම්මත විය.
නිතීඥ සංගමයේ සාමාජිකයෙකු වූ විජිත ජි පුංචිහේවා මහතාගේ වෘත්තිය නාමපුවරු පසුගිය 08 දා රාත්‍රී කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් ගල් ගසා කඩා දමා තිබුනි. පොලිසිය හා ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටීමට එරෙහිවූ පාර්ශවය නීතීඥවරයා බිය වැද්දීමේ අරමුනින් මෙය කරන්නට ඇතැයි නීතීවරු සංගමය සැකකරයිි. ඒ නිසා මෙම ක්‍රියාව හෙළා දකිමින් ගෙනෙන ලද යෝජනවා ඒකමතිකව සම්මත විය.
ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ගේ විවේකාගාරයේ මෙම සංවත්සර රැස්වීම පැවැත්විණි.
නව නිලමුඩුල්ල තෝරාපත් කර ගැනිමෙන් පසු නිතීඥ නීතීඥ ඩී.එස්.බී. දසනායක මහතා මෙම යෝජනාව ගෙනෙනු ලැබීය. හිටපු ලේකම් නිතීඥ සුමිත් පතිරණ මහතා එය ස්ථීර කළේ ය.
මෙම සිද්ධිය සම්බනධයෙන් නීිතීඥ විජිත ජී පුංචිහේවා මහතා ඇඹිලිපිටිය කොට්ටාසය බාර වත්මන් සහතාර පොලිස් අධිකාරී අනිල් ප්‍රනානදු මහතාට දුන් ලිඛිත පැමිණිල්ල අනුව ඊයේ (10) දින විමර්ශන ඇරඹිමට නියමිතව තිබුනි.
කුමන පාර්ශවයකට වුවද නීතීය සමානව ක්‍රියාත්මක වියයුතු බව මෙම රැස්වීමේදී තීරණය විය. ඇඹිලිපිටිය නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ රුවන් රණසිංහ මහතා ද, ලේකම්වරයා ලෙස නීතීඥ අරවින්ද සමරසිංහ මහතා ද, භාණ්ඩාගාරික ලෙස නීතීඥ සුජිව ගමඇතිගේ මහතාද තේරි පත්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අර කොළඹ මහාධිකරණය ඉස්සරහ කලකට පෙර ඩෙඟා නැටුවේ නීතීඥ කල්ලියක් නේද? (බ)