‘මම උසාවිය මගින් සාක්කිකරුට ප්‍රශ්න යොමු කරනවිට පොලිසිය කොඳුර කොඳුරා සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වනවා. මෙම පොලිස් නිලධාරියා ඉතාම කැත විදියට හැසිරෙන්නේ‘ යැයි පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශයේ ජනතාව වැලිවේරිය නගරයේ උද්ඝෝෂණයක යෙදුනු අවස්ථාවේ ඇතිවූ තත්ත්වයන් මත සිදුවූ වෙඩි තැබීමකින් තරුණයන් තිදෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ. ජයතිලක මහතා ඉදිරියේ අද (17) පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නිතිඥ උපුල් දේශප්‍රිය මහතා කීය. .
නීතිඥ උපුල් දේශප්‍රිය මහතා එසේ කීවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් සිටියදීය.
‘මේ සාක්කිකරුගෙන් ප්‍රශ්න අහන විදිය බැලූවිට පෙනී යන්නේ සාක්කි මෙහෙයවන පොලිස් නිලධාරීන් සාක්කිකරුට සාක්කි දෙන විදිය උගන්වන අන්දමයි.‘ යනුවෙන් නීතීඥවරයා කීවේය.
ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල්ද සිල්වා මහතා තමන් එසේ කළේ නැතැයිද තමන්ට සාක්කිකරුවන්ට කිසි දෙයක් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් නැතැයිද කීය.
මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ අතර වෙනත් නඩු සදහා පෙනී සිටීමේ අරමුණෙන් නිතීඥ මේසයේ අසුන් ගෙන සිටි නීතිඥවරු කිහිප දෙනෙකුද නැගිට පොලිස් නිලධාරීන්ගේ හැසිරීම පිළිබදව සිය විරුද්ධවය හා අප්‍රසාදය පල කළහ.
මේ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා දෙපාර්ශවයටම නිහ`ඩවන ලෙස දැනුම් දුන්නේය.
මෙම සිදධියේදී කදුළු ගෑස් උණ්ඩ 94 ක් ද, කඳුළු බෝම්බ 13 ක්ද එල්ල කළ බව කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක රංගන තුෂාර චතුරංග මහතා සාක්කි දෙමින් කීය.
මල්වතු හිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. සමන් බණ්ඩාර මගලේගොඩ සාක්කි දෙමින් යුද හමුදා බ්‍රිගේඩියර්වරයා නිලධාරීන්ද සමග උද්ඝෝෂකයන් අතරට ගිය පසු විශාල හූ හඩක් ද සමග ගල්, පොලූ, බෝතල් ප්‍රහාරයක් එල්ලවු බවත් ඉන් ටිකකට පසු වෙඩි හඩවල් ඇහෙන්න පටන් ගත්තේ යැයිද ඒ අවස්ථාවේදී උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදැයි කීය.
හාර දහසක් පමණ උද්ඝෝෂකයින්ගේ පිටුපසින්ම සිටි පිරිස බීමතින් සිටි බව මා හදුනා ගත්තත් වැලිවේරිය නගරයේ තිබූ විදුලි ලාම්පුවලට හා වයර්වලට සිදුවුනේ කුමක්ද කියා නොදන්නා බවත් වැලිවේරිය නගරයට විදුලි ආලෝකය තිබුණාද කියා තමාට මතකයක් තැනි බවද ප්‍රධාන පොලිස් පරීකෂක මගලේගොඩ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂක ජයලත් හේවා පතිරණලාගේ සුජීව සම්පත් කුමාර මහතා ද සාක්කි දුන් නේය.
වැඩිදුර සාක්කි විභාගය ලබන ඔක්තෝබර 9 වැනි දින දක්වා කල් තැබිණි. සාක්කි ඉදිරිපත් කිඍීමෙන් හා ස්ව කැමත්තෙන් සාක්කි දීමට ඉදිරිපත් වන අයගේ සාක්කි සටහන් කර ගැනීමෙන් පසු වෙනත් සාක්කිකරුවන්ගේ සාක්කි ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් පමණක් සිතාසි නිකුත් කිරීමට පියවර ගන්නා බවද මහේස්ත්‍රාත්වරයා දැන්වීය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා, පොලිස් පරීක්ෂක කෝරළේ මහත්වරුන් සමග සහකාර පොලිස් අධිකාරි නුවන් වෙදසිංහ මහතා පෙනී සිටියේය.
අතෘප්තියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හේමමාලි පෙරේරා හා පද්මා අමරතුංග මහත්මීන් සමග නීතිඥ උපුල් දේශපි්‍රය මහතා පෙනී සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා මහතා වැඩ කරන්නේ ආරක්ෂක අංශ වලට අනුයුක්තව කියලා මම කලිනුත් කියලා තියනවා. ඒකයි මේ මහත්තයා දුප්පත් අගතියට පත් පාර්ශව වෙනුවෙන් කතා නොකරන්නේ! (ස)
වරුණ, කොහොමද උරුලෑවා? සනීපෙන්ද? මේ දවස්වල නම් වරුණගේ මොලේ හොඳට පෙගිලා ඇති නොවැ. (ස)
රුපියල් තුන් හාරසීයටත් මරා ගන්න අහිංසකයින්ගේ රීරි මාන්සේම නඩු වලින් හුරලා ගන්න කළු කොට් සංගමේ සත්ව කරුණාව දෝර ගලා පීටාර යනවා. සරත් පොන්සේකාගේ නඩු තීන්දුවේදී උසාවියේ පුටු පොළොවේ ගහලා මේස උඩ නැගලා යකා නටපු මෙයාලා අනෙක් අයගේ හැසිරීම් විවේචනය කරන්නේ කොහොමද? රජයට විරුද්දනම් මෙයාලා ප්‍රබාකරන්ගේ නඩුවකට උනත් ප්‍රබාකරන්ගේ පැත්තට පෙනී ඉදිවී නොමිලේම.(නදී)
අන්න හරි ලින්ටන් බන්දුල පෙරේරලා ,බණ්ඩාරලා වගේ අපතයෝ,එහෙයියෝ මෙ රටේ ඉන්නකම් ඔක්කොටම දෙයියන්ගේම පිහිට තමා. (ස)
මේ බන්දුල කියන දේවලට උත්තර නොදී ඊට වඩා වැදගත් තමන්ගෙ මතය කියන එක.නැතිනම් අපිත් මානසික අමාරු කාරයො ගනයට වැටෙනවා. හුඟක් දුරට අවනීතිය හරි කතා කරලා ප්‍රසිද්ධ වෙන්න කැමති කෙනෙක්.එයා අනිත් අයවත් ඒ තැනට ඇඳගෙන යන්න හදනවා.ඒ පස්සෙ යනවද නැද්ද ඔබලා තීරණය කරන්න. (ස)
මේකත් ඉතින් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කියල නිම වෙයි.(නදී)
ඉතින් ඔය විදියට අපිට පොලිසිය සතේකට විස්වාස කරන්න බැහැනේ. (ස)
බන්දුල පෙරේරා කියන්නේ දුප්පත් අසරණ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් පසු වෙන මානසික ලෙඩෙක්.උපතින්ම මොලේ අමාරුවක් තියෙන මානසික ලෙඩෙක්.මේ මනුස්සයා ඇත්ත බොරුව කරලා, අසාධාරණය සාධාරණය කරනවට සහ සපත්තු ලෙව කනවට මාසේ අන්තිමට හොඳ වැටුපක් ලැබෙනවා.ඒ විතරක් නෙමෙයි සති අන්තයේ ඩවුන් සවුත් වල හොඳ හොටෙල් එකකින් කන්න බොන්නත් ලැබෙනවා.ඔය ඔක්කොම ලැබෙන්නේ මහජන මුලින්ම නිසා ප්‍රශ්නයක් නැහැ.ඔයිට වඩා හොඳ නැද්ද කොලයක් අලලා මහා පාරේ හිඟා කෑවා නම්.ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තේම නැද්ද. (ස)
බංදුවෝ උඹ පහුගිය ආණ්ඩුව කාලෙ කතාකලේ ඒ පැත්තට නේ. දැන් මේ පැත්තට පැනල වගේ. උඹ නම් මාර ගෙම්ඹෙක්. (නදී) .
ඔය දෙගොල්ලොම එකයි. මිනිස්සුන්ව හූරාගෙන කනවා. (නි)
තව ඒක හරි කියලත් කියනවනේ? (නි)
මගේ උපන් භූමිය ගම්පහය . මට ලැබෙන ආරංචි අනුව බොහෝ දෙනෙක් කියන්නේ මෙම රතුපස්වල සිද්ධිය මුල් කරගෙන සමහර ජරාපත්වූ බංකොලොත් වූ දේශපාලන පක්ෂයක් පසු පස සිටි වගය . ඔවුන් පැමිණ ඇත්තේද . මිනිස් ජිවිත බිල්ලට දී තමන්ගේ පටු අරමුණු ඉටුකර ගැනිමටය . මොවුන් 1971 දශකයේත් අහිංසක මිනිස් ජිවිත නැති කරපු කොටසක්ලු. (ස)
"මට දක්‌නට ලැබුණා යම් කලහකාරි පිරිසක් විශාල ඝෝෂාවක් කරමින් පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්ට ගල් සහ බෝතල්වලින් ප්‍රහාර එල්ල කරනවා. ඔවුන් එල්ල කළ යම් ද්‍රව්‍යයක් හේතුවෙන් ඒවා පොළොව මත පතිත වී ගිනි ගැනීම්ද සිදු වුණා. මා ඉදිරියට ගොස් කලහකාරි ලෙස හැසිරෙන අයවලුන්ට ජල ප්‍රහාරයක් එල්ල කළා". .........මහත්තුරුනේ මේ තියෙන්නෙත් සාක්කි තමයි..කළු කෝට්කාරයෝ හදවපු රූකඩ සාක්කි නෙමෙයි ..අපිත් මාධ්‍ය වල දැක්ක සත්‍යය එළිපිටම පේන සාක්කි.. වෙඩි නොතියා තුවක්කු දාලා දුවන්නද කියන්නේ.. (ස)
හාරදහසක් සෙනග හිටපු තැන පිටිපස්සෙම හිටපු අය බීල හිටිය එක අදුන ගත්තලු. සෙනග හාරදහසක් කියන්නේ අඩුම තරමේ කිලෝමීටර බාගයක් දුර කියල ගත්තත් මේ මහත්තයට පුදුම ඇස් දෙකක්නේ තිබිලි තියෙන්නේ. කරුමේ කියන්නේ මෙච්චර හොඳ ඇස් දෙකක් තිබිලත් හමුදාව ගහපු වෙඩි තියපු කුණුහරුපෙන් බැනපුවා කව්රුවත් දැකලත් නැහැ ඇහිලත් නැහැ. මාරම මාරයි නේද ?(නදී)
මුදලට කන්ද කෙන්ද කරලා කෙන්ද කන්ද කරන පෙරකදෝරුවෝ.(නදී)
සේරම් පැරිස්, අනේ සේරම් මහත්තයෝ ඔය මහත්තයා ගම්පහ වෙන්න ඇති. ඒත් පැරිස් ඉදන් නෙවෙයි පුලුවන්නම් ඇත්තටම රතුපස්වලට ගිහින් ඇත්ත දැනගෙනම කතා කරනවානම් තමා හොද ? තුවාලේ වේදනාව දැනෙන්නේ තුවාලේ තියන අයට විතරයි මහත්තයෝ. පැරිස් වලවත්, සෞදි වලවත් ඉදන් ප්‍රතිචාර දාන අයට නෙවෙයි. ඒ ගමේ ඉන්න එදා වේල හොයන්න මහන්සි වෙන අහිංසකයන්ට ඉන්ටෙර්නෙට් නෑ, ඔයාල මේ දමන අසාදාරන අදහස් වලට උත්තර දෙන්න.(නදී)
පෙරකදෝරුවෝ නඩු කතා කරන්නේ නැහැ. (නදී)
හොඳ හොඳමමයි කවුරු කෙරුවත් .. හොඳ දැකීමෙන් සතුටු වේවා ... වරද වරදයි කාට වුවත් .. සියලු දන නෙත් කන් ඇරේවා.. භෞතිකකව දියුණුව වගේමත්.. අපේ සරු දම් සුරැකි වේවා.. මිනිස්කම ළඟ පාට , පක්ෂය .. පයෙහි දුහුවිල්ලක්ම වේවා.. (නදී)
ඕවා පොලිසියේ අතේ රෝල් පොලිසිය ගොරක දඩමස් කරන්න හරි දස්සයි නේ?දැක්කනේ ඊයේ පෙරේදා අතුරුගිරිය පොලිසියට භාර දීල තිබුණු හෙරොයි ග්‍රෑම් 700 රස පරීක්ෂක ගාවට යනකොට පාන්පිටි වෙලා තිබුන හැටි?(අ)
නිතිඥ උපුල් දේශප්‍රිය මහතා ඉතා දක්ෂ ලෙස අගතියට පත්වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම ගැන අගය කළයුතුයි. (නි)
උසාවියට අපහාස කළා කියලා කූඩුවට දාන්න තිබුනේ.(නදී)
සේරම් මහතයෝ, පැරිසියේ උද්ඝෝෂණය කරන මිනිස්සුන්වත් හමුදාවෙන් වෙඩි තියලා මරනවද ? මාධ්‍යවේදීන්ට තර්ජනය කරමින් පහර දෙනවද ? ඔබතුමා එම ක්‍රියාව සාධාරණිකරණය කරනවද? ඔය නරකයි කියලා කියන දේසපාලන පක්ෂය සමඟ එකතුවෙලා තමයි අපේ ජනාධිපතිතුමා බලයට ආවේ. (ස)
පැමිණිල්ලෙන් දෙන සාක්කිය කොහොමත් පොලිස් පොතේ ලියවිලානේ තියෙන්නේ. පැමිණිල්ල මෙහෙයවන නිලධාරියා ඒක බලාගෙනනේ සාක්කි මෙයෙහවන්නේ. සාක්කිරු එන්නෙත් තමන් දුන් මුලික කට උත්තරය හොඳට බලලයි. ඉතින් මෙතැනදී පැමිණිල්ල මෙහෙයවන නිලධාරියට සාක්කි දෙන හැටි තමන්ගේ සාක්කිකාර පොලිස් නිලධාරියාට කියාදෙන්න තිබුන උවමනාව මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. අනික, විනිසුරුතුමා ඉදිරිපිට ඒකට ඉඩකුත් නැහැනේ. මේක වෙන පටලැවිල්ලක් වෙන්න ඇති. (ස)
ඩුබායි තිලක් මහත්තයා අර අසත්‍යයි පුංචි ටිකිරියි එක්ක උතුරට පා කරවපු වැලිවේරියෙන් අතුරුදන් වුනු අයගේ මිනී ගැන කවුරුවත් සාක්කි දෙන්නේ නැහැනේ..මොකද තිලක් මහත්තයෝ එහෙම දෙයක් වෙලා නැද්ද..ඔබතුමා ඩුබයි ඉඳන් ඇහින් දැක්කා වගේ කියලා තිබුනේ..ඔය වගේ චේතියලගේ සාක්කි තමයි පහුගිය දවස් වල ඔය කළු කෝට් කාරයෝ තියාගෙන පට්ට ගැහුවේ..ඔබතුමා වගේ චෙතියලට ඕන ඕන හැටියට මේක පාළු ගෙදරක් කරගෙන වලන් බිදින්න බැරි වෙනකොට අපි ගැන හරියට තරහ යනවා නේද..? (ස)
බන්දුල, ඔයාගේ රැකියාව මොකක්ද කියලා කියනවද? ඔය වැටුප් නොගෙනද වැඩ කරන්නේ? නිදිමරාගෙන අවුරුදු ගානක් පාඩම් කරලා ඊට පස්සේ නීතිඥයෙක් ගාව කටුකාලා නීතිඥ කෙනෙක් වුණාට පස්සේ එයා සපයන සේවයට වටිනාකම ගෙවන්න ඕනෑ. (නි)
ඔය කලු කෝට් කාරයෝ කියල පතුරු ඇරියට ඕන කෙනෙක් නීතියේ පිළිසරණ පතන කොට එයාලව බුදු මහත්තුරු වෙනවා අපි නොදන්නා ලංකාව.(නදී)
පොලිසිය කියන්නේ රාජකාරියක් කරන පිරිසක්.නිතිඥ මහත්වරු කියන්නේ මුදලට ඕනෑම වරදකරුවෙක් වෙනුවෙන් පෙනී සිටින පිරිසක් (නි)
එතකොට නඩුකාර තුමා කොහෙද හිටියේ ?(නදී)