ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට පටහැනිව වැඩිපුර අමාත්‍යවරුන් පත් කිරීමෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තම මූලික අයිතිවාසිකම් කඩකර ඇතැයි ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා නීතීඥයකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට මාර්තු15 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද(17) නියෝග කළේය.
මේ සම්බන්ධ හැන්සාඞ් වාර්තා 8ක් ඉදිරිපත් කිරීමටද අධිකරණයෙන් අවසර ලැබිණි. ඊවා වනසුන්දර, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳැවිණි.
හඳපාන්ගොඩ නීතීඥ අරුණ ලක්සිරි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
ජනාධිපති ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා හැටියට පත්වී ඇති නමුත් විධිමත් ලෙස ජාතික ආණ්ඩුව ස්ථාපිත වී නොමැති බව පෙත්සම්කරු කියා සිටී. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46.1(අ) වගන්තිය අනුව ජාතික ආණුඩවක අමාත්‍ය මණ්ඩලයක සිටිය යුතු අමාත්‍යවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතු බව දැක්වේ.
නමුත් ඊට පටහැනිව අමාත්‍යවරුන් පත් කර ඇතැයිද එයින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරු කියා සිටී. මෙම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු ව්‍යවස්ථාවට පටහැනිව අමාත්‍යවරුන් පත්කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,ජනාධිපති තම මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද සිය පෙත්සමින් ඉල්ලා සිටී.
පෙත්සම්කරුම සිය පෙත්සම වෙනුවෙන්ම පෙනී සිටි අතර නීතිපති වෙනුවෙන් රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය සමඟ නියෝජය සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේමුණි ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපිලට හරි අමාරුයි වගේ. කෙසේ වෙතත් මෙම නීතිඥමහතාට මාගේ ප්‍රණාමය. ඔබ වැනි එඩිතර මිනිසුන් දැන් මේ රටට ඉතා අවශ්‍යයි. මිනිසුන් රටේ පාලකයනගේ අඩුපාඩු වලට එරෙහිව නැගී සිටීනම් ඔවුන්ගේ වැරදි බොහෝමයක් පාලනය කල හැකි. (ම)
කපිල, මොකද කලබලවෙලා? (නි)
තවමත් ලංකාවේ වහල්ලු ටිකක් ඉන්නවා වගේ ගැතිකන් කරන (බ)
මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි (නි)
කපිල මහත්මාගේ අදහස වැරදියි. මහින්ද ජනපති ඉන්න කාලේ ජාතික ආණ්ඩුවක් තිබුනේ නැහැ. ව්‍යවස්ථාවට අනුව ජාතික ආණ්ඩුවක අමාත්‍ය සංඛ්‍යාව 30 ට වැඩිකරන්න නීති ප්‍රතිපාදන නැති නිසයි මේ නඩුව. (නි)
හිටපු ජනාධිපතිගෙ කාලෙ එතුමා කොහෙද හිටියෙ? මේ රටේ නීතිය, නිදහස දැන් තිබෙනවා කියලා ඔප්පු වෙන්න මේ වගේ දේවල්ම හොඳටම ඇති. (නි)
කොන්ද පණ ඇති තවත් එක ශ්‍රී ලාංකිකයෙක්. ඔබට ජය පතමි! (නි)
නීතිය සහ නිදහසෙහි තත්ත්වය මේ තීන්දුවෙන් බලාගන්න පුලුවන් අපිට (නි)
කපිල, මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනයට. එහෙම නැතුව එදා දේවල් කරන්න නෙමෙයි (නි)
රටේ නීතිය, නිදහස තිබෙන බව දැන්නම් හොඳටම ඔප්පුවෙනවා (නි)
මේකත් හරියට අර බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරලා සපත්තු දෙක ගන්න තනියෙන් කඩේ ගියා වගේ තමයි. මේවටත් හුරේ දාන කට්ටියක් ඉන්නවනේ .. (ස)
කපිල, හිටපු ජනාධිපතිගෙ කාලයේ ව්‍යවස්ථාවෙ ඇමතිවරු ගණනෙහි සීමාවක් දක්වා තිබුණෙ නැහැ. ඇමතිවරු ගණන අඩුකරනවා කියලත් ඡන්ද කාලෙ වර්තමාන ආණ්ඩුව කිව්වනෙ. ඒ අනුව ව්‍යවස්ථාවත් වෙනස් කළානෙ. දැන් ඉතින් නීතියේ විදියට කරන්න ඕනෑ. (නි)
කපිල නීතිය කාටත් පොදුයි නේද? ඇයි එහෙනම් බය නීතිය කියනදෙය ජනපතිතුමාටත් පොඩි මිනිසාටත් එක සමානව තිබිය යුතුයි නේද (බ)
මට නම් මේ ආණ්ඩුව තිබුණ ආණ්ඩුවට වඩා ගොඩක් නරකයි. රටට කරන කිසිම යහපතක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
මොනවා වුණත් මගෙ නම් ඡන්දය ආයෙත් දෙන්නෙ නැහැ (නි)
මේ නිතිඥයා සිරිසේන මහතාට විරුද්දව නඩුව දාපු නිසා හොදයි ,ඉස්සර කාලේ දැම්ම නම් එතුමා අද හදේ (අ)
ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
එඩිතර මිනිසෙක්. (අ)
කපිල, ඒක නිසා තමයි ආණ්ඩුව වෙනස්කළේ ජනතාව. දැන් හිතෙනවා තිබුන ආණ්ඩුව කොයිතරම් හොඳද කියලා (නි)
මෙන්න මහත්තුරුනේ යහපාලනය බලාගන්න.ඕනෑම පුරවැසියෙක් නීතියට යටත් විය යුතුය, මහින්ද සහ මෛත්‍රීගේ වෙනස (බ)
සහන්, ඔබ හරි. දැන් හැමෝටම තමන් කැමති විදියට කැමති දෙයක් කරන්න නිදහස තිබෙනවා. ඉස්සර මේ අය මේ වගේ කරයිද? (නි)
රවී බණ්ඩාර හරි. (නි)
අපිට මේවා තේරෙන්නේ නැහැනේ. ඉතින් ඒකට මොකද කරන්නේ? (නි)
මේ නීතිඥ මහතාගේ සහයෝගයට එයාගේ හිතවතුන් නම් කවුරුත් නැති හැඩයි (නි)