කොළඹ කොම්පඤ්ඤවීදියේ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි නීතිඥවරයකු අද (7) අලූයම පැහැරගෙන ගොස් ඇතැයි කියන සිද්ධියක් ගැන කොම්පඤ්ඤවීදිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි ආනන්ද කස්තුරිආරච්චි (58) නැමති නීතිඥවරයා බවද පැවසේ. කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම නිතිඥවරයා ඔහුගේ බිරිය ඇතුළු ඥාතීන් විසින් ඉකුත් 3 වැනිදින රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලිසිය කියයි. අද අලූයම 2.30ට පමණ පැමිණි හත්දෙනකු නීතිඥවරයාගේ පෞද්ගලික ආරක්‍ෂකයින් දෙදෙනාට පහරදී ඔහු පැහැරගෙන ගොස් ගිය බවට එම ආරක්‍ෂකයින් පොලිසියට පැමිණිලි කොට ඇත.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd