රටත් ජනතාවත් වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් නිර්මාණය කිරිමේ කතිකාවේ දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
රටේ අධිකරණ සමග සාකච්ඡා කිරීමට නොහැකි හා රජයේ නීතීවේදීන්ගේ කට වසා තිබෙන තත්ත්වයක් හමුවේ මේ කරුණු සම්බන්ධයෙන් සංවාද කිරීමට ඉතිරිව සිටින්නේ ශ්‍රී ලංකා නිතීඥ සංගමය පමණක් බව ද මේ සංවාදය ඔස්සේ රටත් ජනතාවත් වෙන්වෙන් ඉදිරිපත් කළ යුතු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලියට ඇතුලත්විය යුතු මුල ධර්ම සම්බන්ධයෙන් පොදු එකගතාවක් ඇති කර ගත යුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ජනරජයේ මුලික නීතිය සම්බන්ධයෙන් විශේෂ කතිකාවත් එක්සත් ජාතික පක්ෂය සිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලිය මත පදනම්ව රටේ සියලු ජන වර්ගයා සමග මේ වන විට ආරම්භ කැර ඇතැයිද වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පාර්ලිමේන්තුව නෙවෙයි ප්‍රශ්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය....හා..හාහ්..හාහ්..(නදී)
නැතුව නැතුව. ඔය එක්කම විපක්ෂයේ වගකීම ගැනත් කල්පනාවට ගත්තා නම් හොඳයි නේද? අපි කවුරුත් අනුන්ගේ වගකීම් ගැන කතාකරන්න නම් හරි හපන්නු. (නි)
නරින්ට කුකුල්ලු බාරදෙනවා වගේ වැඩක්.(නදී)
ජනතාවට විහිලු සපයන්නෝ, බලේ පේනතෙක් මානෙක නැති හින්දා ව්‍යවස්ථා හදනවා ජනතාවට පේන්න. බලේට එන බව පෙනුනා නම් අර කොමිසන් මේ කොමිසන් ව්‍යස්ථා මුකුත් නැහැ.(නදී)