රටත් ජනතාවත් වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියක් නිර්මාණය කිරිමේ කතිකාවේ දී ශ්‍රී ලංකා නීතීඥ සංගමයට විශාල වගකීමක් හා කාර්ය භාරයක් පැවරී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවසීය.
රටේ අධිකරණ සමග සාකච්ඡා කිරීමට නොහැකි හා රජයේ නීතීවේදීන්ගේ කට වසා තිබෙන තත්ත්වයක් හමුවේ මේ කරුණු සම්බන්ධයෙන් සංවාද කිරීමට ඉතිරිව සිටින්නේ ශ්‍රී ලංකා නිතීඥ සංගමය පමණක් බව ද මේ සංවාදය ඔස්සේ රටත් ජනතාවත් වෙන්වෙන් ඉදිරිපත් කළ යුතු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලියට ඇතුලත්විය යුතු මුල ධර්ම සම්බන්ධයෙන් පොදු එකගතාවක් ඇති කර ගත යුතු බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ජනරජයේ මුලික නීතිය සම්බන්ධයෙන් විශේෂ කතිකාවත් එක්සත් ජාතික පක්ෂය සිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යොජනාවලිය මත පදනම්ව රටේ සියලු ජන වර්ගයා සමග මේ වන විට ආරම්භ කැර ඇතැයිද වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතීඥ සංගමයේ වගකීම
හේරත් Saturday, 13 July 2013 04:01 AM
දැන් පාර්ලිමේන්තුව නෙවෙයි ප්‍රශ්නේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය....හා..හාහ්..හාහ්..(නදී)
උපාලි Saturday, 13 July 2013 06:27 AM
නැතුව නැතුව. ඔය එක්කම විපක්ෂයේ වගකීම ගැනත් කල්පනාවට ගත්තා නම් හොඳයි නේද? අපි කවුරුත් අනුන්ගේ වගකීම් ගැන කතාකරන්න නම් හරි හපන්නු. (නි)
බමුණු Friday, 12 July 2013 06:31 PM
නරින්ට කුකුල්ලු බාරදෙනවා වගේ වැඩක්.(නදී)
බන්දුල පෙරේරා Friday, 12 July 2013 08:25 PM
ජනතාවට විහිලු සපයන්නෝ, බලේ පේනතෙක් මානෙක නැති හින්දා ව්‍යවස්ථා හදනවා ජනතාවට පේන්න. බලේට එන බව පෙනුනා නම් අර කොමිසන් මේ කොමිසන් ව්‍යස්ථා මුකුත් නැහැ.(නදී)