ශ්‍රී ලංකා නීතීඥ සංගමය සංවිධානය කරන 2016‐ ජාතික නීතී සම්මේලනය ලබන මාර්තු 18 වැනිදා සිට 20 වැනිදා දක්වා වාද්දූව බ්ලූවෝටර් හෝටලයේදී පැවැත්වෙන බව එම සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා පැවසීය.
‘‘ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති ගමන් මඟ’’ යන තේමාව යටතේ පැවැත්වෙන 2016 ජාතික නීතී සම්මේලනය මඟින් ජනවාර්ගික අසමගිය සහ ශ්‍රී ලංකාවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සඳහා මුල්වූ හේතු යන කරුණු පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට බලාපොරොත්තු වන බවද නීතීඥ සංගම් සභාපතිවරයා එම සංගම් මූලස්ථානයේ අද (7) පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙවර නීතී සම්මේලනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ , අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නීති විශාරදයින් සහ විශේෂඥයින් සම්මේලනය අමතන බවද අලගරත්නම් මහතා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීති විශාරදයින් සහ විශේෂඥයින්ට මේ ජනවාගේ දැවෙන ප්‍රශ්න කෙරෙහිත් අවධානය යොමු කෙරේවා කියලා උදේ සවස මම ප්‍රාර්ථනා කරනවා. (හේ)
සමහරු නඩු කියනවා කියලා හිත්නනේ දිනයක් අරන් දෙනවට. කතා කළත් දිනයක් ගත්තත් ගානෙ නමි වෙනසක් නැහැ. (ම)
සමහරු මානසික ප්‍රශ්න නිසා නඩු පිට නඩු දානවා. මෙය තනිකරම ලෙඩක්. වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා විනා දිගින් දිගටම තව තව නඩු දැමීමට නොපෙලඹිය යුතුයි. (ම)
සුබ පැතුම්! (නි)
අපේ නඩු විසඳීමේ ක්‍රියාවලිය අකාර්යක්ෂමයි. සාමාන්‍ය නඩු පවා වසර ගණන් යනවා කිසිම පදනමක් නැතුව. අවම මශයෙන් සිවිල් නඩුවත් ඉක්මනින් විසඳීමේ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙන්න. අනවශ්‍ය ලෙස කල්ඇදීමට ඉඩ නොදීමට විනිසුරුවරුන්ට උපදෙස් දෙන්න. දියුණු රටවල් අනුගමනය කරන්න.මෙයින් නැතිවන්නේ මිනිස් ජිවිතයක කවදාවත් ආපසු ගත නොහැකි වටිනා කාලයයි. (නි)
හොඳ අය ගොඩක් ඉන්නවා. ඒ වගේම සමහර මහත්තුරු උසාවියට ගිහින් කරන්නේ ඊළඟ දිනය ගන්න එක විතරයි. සේවාදායකයත් ඉවරයි, රටත් ඉවරයි. රටේ සම්පත්, කාලය නේද මේ නාස්ති වෙන්නේ කියලා හිතන්නේ නැහැ. මේ ගැන සිතා බලන්න. මෙහෙම නිකරුනේ කල්මැරීම නිසා මිනිසුන්ට වෙන මානසික පීඩනය, අසහනයත් එක්ක එන කේන්තියත් එක්ක කරන ශාප නම් කාට කාටත් වදිනවාමයි. (නි)
රටට වැඩක් වෙනවා නම් හොඳයි. හුගක් මිනිස්සු නීති ප්‍රශ්න නිසා දහදුක් විඳිනවා. නඩුයන්නෝ වැනසෙන්නෝය කියන තරමට මෙය ඔඩුදුවලා. සාධාරණ, ඉක්මනින් ඉටුකළ හැකි ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා නම් හොඳයි. (නි)
අද යාළුවෙන ආකාරය, විවාහවෙන ආකාරය, පවුල් කන ආකාරය සියල්ල වෙනස්. නමත් දික්කසාදය ලබාගැනීමට සම්පූර්ණ කළයුතු කරුණු පරණ ඒවාමයි. මේ දෙක අතර ලොකු නොගැළපීමක් තිබෙනවා. පහසුවෙන් කසාද බඳින්න වගේම එහි රැඳීසිටීමට නොහැකි නම් ඉන් පහසුවෙන් ඉවත්වීමටත් හැකිවිය යුතුයි. රටක සමානාත්මතාවක් තිබියු යුතුයි. නමුත් අපේ රටේ උඩරට නීතියෙන් විවාහවූ අයට පහසුවෙන් දික්කසාදය ගන්න පුළුවන්. සාමාන්‍ය නීතිය යටතේ විවාහ වූ අයට තමයි දික්කසාදයක් ගන්න කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වෙලා තියෙන්නේ. (නි)
සමහර අය දික්කසාදය පාචිච්චි කරන්නේ පරම්පරා ගානක් එගොඩ කරවාගන්න පුළුවන් මෙවලමක් ලෙසයි. දරදඬු ස්ත්‍රින් අද සමාජයේ වැහිවැහැලා. නමුත් පිරිමියා දිහා සමාජය/නීතිය සාධාරණව බලනවාද? හැමතැනම පාහේ කතා කරන්නේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැනම නේද? කෝ සමානාත්මතාවය? “පිය සෙනෙහෙසට කවි ගී ලියවුණා මදි“ වගේම කතාන්දරයක් තමයි මෙතනත් තියෙන්නේ. (නි)
උඩරට නීතියෙන් විවාහවූ අයට විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් පහසුවෙන් දික්කසාදය ගන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. (නි)
මේ රටේ නීතියේ කඩාවැටීම ගැන මොවුන්ට අවංක උවමනාවක් තිබේ නම් එය විසඳීම මහා කජ්ජක් නොවේ. නඩු ප්‍රමාද කරන්නේ මොවුන් හැර වෙන කවුද? (නි)
වැදගත් නීතිඥයෝ බිහිකරන්නත්, ඉන්න නීතිඥයෝ වැදගත් කරන්නත් මේ සම්මේලනයේදී අදහස් පෑදේවා! (නි)
ගයාත්‍රි, උඩරට අය විතරක් ප්‍රශ්න පහසුවෙන් බේරගෙන ජීවත්වුණාම ඇති කියලා හිතන නිසා වෙන්න ඇති ඒ අයට විතරක් එහෙම පුළුවන්. අනෙක් මිනස්සු ගාස්තු ගෙව ගෙවා විඳව විඳවා මොනතරම් පීඩනයකින් වසර ගණන් ඉන්නවද තීන්දුවක් ගන්න. සමහර කලු කබා අය කරන්නෙ වවාගෙන කන එක. නඩු කියන්නෙත් මසුස්සයෙක් නේද කියලා හිතෙන්නෙ නැති අය බොහෝයි. (නි)
21 වෙනි සියවසට ඇවිල්ලත් අපේ රටේ අඩුතරමේ ගොඩ ගැහිලා තියෙන නඩත්තු හා දික්කසාද නඩු ඉක්මනින් විසදන ක්‍රමයක් හදන්න බැරි වුනානේ විශාරදයෝ කොච්චර බිහි වුනත්. රසිකා හරියටම හරි. උවමනාවකත් ඇත්නම් මෙය කළ හැකියි. (හේ)