ශ්‍රී ලංකා නීතීඥ සංගමය , අධිකරණ අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නීති ආධාර කොමිසම එක්ව වාර්ෂිකව සංවිධානය කරන ජාතික නීති සතිය ලබන 23 වැනි දා සිට 29 වැනි දා දක්වා කොළඹ අලූත්කඩේ අධිකරණ පරිශ‍්‍රයේදී සහ තෝරාගත් මධ්‍යස්ථාන හතකදී පැවැත්වීමට යයි.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ ජෙෆ් අලගරත්නම් මහතා කියනුයේ නොමිලයේ නීති සේවා සපයන බවයි.
කොළඹ, නුවර , යාපනය , ගාල්ල , මාතර , අනුරාධපුරය ,මඩකලපුව සහ මාරවිල මධ්‍යස්ථාන හතක නීති ආධාර සායන,පාසල් සිසුන් ,විශ්ව විද්‍යාල සිසුන් ,රජයේ සේවකයින් සහ මහජනතාව ඉලක්ක කර ගත් මහජන දැනුවත් කිරීමේ වැඩසටහන්, දිවයින පුරා තෝරා ගත් අධිකරණ පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීමේ වැඩසටහන් ආදි විවිධ වැඩසටහන් ද පැවැත්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නීතිඥ සංගමයට රට වෙනුවෙන්, සාධාරණය වෙනුවෙන් මීට වඩා වගකීමක් තියෙනවා. නැගී එන අපරාධ රැල්ලට මොවුනුත් ඍජුව හෝ වක්‍රව හෝ වගකියන්න ඕන. මොවුන්ගෙන් " සමහරක්ගෙන් " ලැබෙන පුර්ණ ආශිර්වාදේ නිසයි බොහොමයක් අපරාධ සිද්ධවෙන්නේ. රට වෙනුවෙන්, රටේ අනාගත පරපුර වෙනුවෙන් හිතල රටේ අපරාධ අඩුකරන්න යමක් ඔබ සැමට කරන්න පුලුවන්නම්, ඔය සතියක ' නොමිලේ ' සේවයට වඩා දහස් ගුණයක් වටිනවා කියනෙකයි මගේ අදහස. (බ)
තෝරා ගත් නෙමෙයි ඉස්සෙල්ලම රටේ සියලුම අධිකරණ පද්ධතිය හොදට හෝදලා පවිත්‍ර කළ යුතුයි.(ම)
බොහොම හොඳයි (නි)
මම ස්තුති කරනවා නොමිලේය සපයන නීති උපදෙස් වලට. රටින් පිට වැඩ කරන අපිට මෙය අවස්ථාවක් කර ගන්නේය කොහමද ???(ම)