කොළඹ ඩඩ්ලි සේනානායක විද්‍යාලයයේ විදුහල්පතිනියට හදිසියේ ලබා දී ඇති නීති විරෝධී ස්ථානමාරුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතාට ලිඛිතව දන්වා ඇත.
ඉකුත් හය වැනි ලිපියකින් පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතාගේ අත්සනින් නිකුත් කළ ස්ථාන මාරු ලිපියේ සදහන් වන්නේ ඩඩ්ලි සේනානායක විද්‍යාලයයේ විදුහල්පතිනි පී ඒ ඩබ්ලිව් සමරසිංහ මහත්මිය වහා ක්‍රියාත්මක වන පරිදි වෙනත් පාසලක නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පත් කර ඇති බවයි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියක වන සමරසිංහ මහත්මිය එලෙස ස්ථාන මාරු කිරීම නීති විරෝධී බවත්, දේශපාලන හේතුවක් මත මේ මාරු කිරීම කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතාගේ අත්සනින් පළාත් අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සදහන්ය.
දේශපාලනඥයන්ටද ආරාධනා කර ඇති නමුත් ඔවුන් පැමිණ නැති බවත් ස්ටාලින් මහතා කියයි.
වහාම ක්‍රියාත්මක විය යුතු බව දන්වමින් විදුහල්පතිනිට ලබා දුන් අසාධාරණ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ලංකා ගුරු සංගමය එම ලිපියේ අත්සන් තබා ඇති පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් ඉල්ලා ඇත.
මේ ගැන කළ විමසීමකදී පළාත් අධ්‍යාපන ලේකම් පී එස් කොඩිකාර මහතා පැවසුවේ එම වරද නිවැරදි කළ බවයි. විදුහල්පතිනයට ලබා දුන් ස්ථාන මාරුව අවලංගු කළ බව ද කොඩිකාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාළුවොත් එක්ක කිසිම දෙයක් කරන්න බැහැනේ. ඕක තමයි අපේ රටට ඇතිවෙලා තියෙන විපත. ජනාධිපතිතුමනි, කරුණාකර දැන්වත් මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. (නි)