
(කේ බුද්ධික කුමාරසිරි)
වරායේ ඇති වී තිබූ තදබදයත් සමග පරීක්ෂාවකින් තොරව පිටතට යැවූ බහාලුම්වල යම් නීති විරෝධී ද්‍රව්‍යයක් මෙරටට රැගෙන විත් තිබුණොත් එහි වගකීම රජයක් ලෙස අපි භාර ගන්නවා යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (23) හෝමාගම බස් ඩිපෝවේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු මහතා මෙසේද කීය.
අපේ වරායට දිනකට එන බහාලුම් වලින් 80% ක් පමණ නැවත ප්‍රතිඅපනයනය වෙනවා. ආනයනය වන බහාලුම් දෙදහසක් පමණ දැන් දිනකට ලැබෙමින් පවතිනවා. වරාය වර්තමානයට ගැලපෙන පරිදි සංවර්ධනය කර නොතිබීම එයට ගැටලුවක්. එහි තිබූ තදබදය ඉවත් කිරීම සඳහා ග්‍රීන් චැනල් එක ඔස්සේ පරීක්ෂාවකින් තොරව බහාලුම් 373 ක් පිටතට යවා තිබෙන බව සත්‍යයක්.
එලෙස පරීක්ෂාවකින් තොරව බහාලුම් පිටකිරීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට පැමිණිල්ලක් දාලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර පරීක්ෂණයක් ද සිදු කෙරෙනවා.
මෙරටට පැමිණි නැව් 27 ක ප්‍රමාණයක් නැවත හැරී ගොස් තිබෙන බව අපිට කිව්වේ නැව් ඒජන්තවරු විසින්මයි. නැව් අපේ සීමාවට ආවට ආයේ හැරලා යන්නත් පුළුවන්. අනෙක් රටට ලඟා වෙන්න තියෙන වෙලාව අනුව අපේ රටේ තියෙන තදබදය නිසාත් නැවක් හැරිලා යන්න පුළුවන් ඒ පිළිබඳව දත්ත තියෙන්නේ නැව් නියෝජිතයන් ගාව පමණයි. ඉතින් අපිට එයාලව විශ්වාස කරන්න වෙනවා. නැව් වරාය ඇතුලට ඇවිල්ල හැරිලා ගියාද පිටතින් හැරිලා ගියාද කියන ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඇත්තටම අපේ වරාය දැන් කාර්යබහුලයි. ඒකත් රේගුවේ ප්‍රශ්නේ වගේ තමා. 2024 ඉවර වෙන්න තිබුන නැගෙනහිර ජැටිය අපි එනකොට තිබුනේ 2027 ඉවර කරන්නයි. මේ අවුරුද්දේම ඉවර කරගන්න අපි දැන් උත්සාහ කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
69 ලක්ෂයක් ඔහේලව විශ්වාස කළෙත් ඒ ලෙසටමයි....ජැටිය කෙසේ වෙතත් රට ඉවරවෙයි ළඟදිම....
වගකීම රෝල් කරලා තියාගෙන ඉන්න. දැන් අර කුඩ්ඩො ටික ඇප දීලා නිදහස් කරා. ඒ නිදහස් කරන්න අනුමැතිය දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඊට පස්සේ උන් කුඩු එවනකොට කන්ටේනර් චෙක් කරන්නේ නැතුව නිදහස් කරනවා. කොහොමද ඒක. තනිකර රාජ්‍ය ආරක්ශාව යටතේ පාතාලෙයි කුඩුයි දැන්.
පසුගිය වසර 10 පුරාම වරායේ ජැටි හදන්න පටන්ගන්න සමාගම්වලට දෙන්න සාකච්ඡා කරන කොට ඔයාලගේ යුනියන්කාරයෝ නේද වැඩ වර්ජන කරලා ඒවා කඩකප්පල් කරේ. කෙවිටක් අරන්ද තල තලා ද ජනතාව ඔයාලට ඒ අසික්කිත වැඩ මතක් කරන්න ඕනේ.
හයියෝ, දැන් කොහොමද එහෙම තිබුණද නැද්ද කියල වත් හොයන්නේ. කොහොමද අවි කන්ටේනරයක් ඇවිත් තිබුණ නම්. ඔතන කන්ටේනර් 373ක්. රටක් ආක්‍රමණය කරන්න තරම් අවි එවන්න පුලුවන් නේද?
මොවුන්ට මොලෙත් නැහැ. ලැජ්ජාවත් නැහැ.. කඩේ යන අයටත් අදාළයි.
හොරු අල්ලන්න ආපු අය කන්ටේනර් සිය ගණනින් හොරකම් කරන්නේ. පැලවත්තේ පට්ට හොරු සෙට් එකට කෝටි කීය ගානේද බෙදිලා ගියේ. මේක වහගන්න ඊළඟට කයියනායක මහින්දගේ තව මයිල් ගහක් අල්ලා ගනියි...
මේ මේ.... ඕක මදි වෙනවා කියලා දැනගෙන තමා හම්බන්තොට වරායක් හදලා තියෙන්නේ. ඔය වාඩි වෙලා ඉන්න තැනට පල්ලම් බැහැලා තියෙන මොළෙයි, ඒ වරායයි පාවිච්චි කලා නම් නැව් ආපහු හරවලා යවන්න ඕනේ වෙන් නෑ.