
(ටී.කේ.ජී.කපිල )
ඩුබායි සිට බහාලුමක බහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 748 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි " නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ මධ්‍යස්ථානයේ " ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් විනාශ කිරීමට පියවර ගෙන තිබේ .
2022 ජුනි මස මෙම බහාලුම අත් අඩංගුවට ගෙන තිබූ අතර , එහි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 947,000 ක් තිබී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මෙම දුම්වැටි තොගය කොළඹ වරාය රේගුවෙන් නිදහස් වූවා නම් , ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 695 ක තීරු බදු ආදායමක් අහිමි වීමට අවස්ථාව තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේද අල්ලන්න කුඩු තොග...? ඒත් ඒවා ටික දවසකින් පාන්පිටි වෙන නිසා ගිනි තියන්න බැරුව ඇති...
ඔයවගේ අත්අඩංගුවට ගන්න කුඩු, මත්ද්‍රව්‍ය විනාශ කරන්නේ නැත්තේ ඇයි...? ඒ ගැන අපිට සැකයි... අවට මොකද වෙන්නේ කියලා...