ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවට ගොස් ශ්‍රී ලාංකිකයෝද එහි ඇති පොත් බලමින් හා නැවේද සංචාරය කරමින් අපූරු අත්දැකීම් ලබති.
ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝගෝස් හෝප් නැව නොවැම්බර් 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ නවතා තිබේ. 2013 වසරේදී අවසන් වරට මෙරටට පැමිණි මෙම නැව ඉදිරි වසර 8 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන අවසාන වතාව මෙය බව සංවිධායකයෝ කියති.
රුපියල් 100 ක් වැනි මුදලකට නැවට ඇතුළුවී හිතේ හැටියට පොත්පත් තෝරා ගැනීමට මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීමටද අවස්ථාව ලබාදී ඇත.
මෙම නැව මෙරට රසිකයන් වෙනුවෙන් ඉරිදා අඟහරුවාදා දිනවල පස්වරු 1 සිට පස්වරු 7 දක්වාත් බදාදා හා සෙනසුරාදා දිනවල පෙරවරු 10 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තැබේ.
ලෝක ප්‍රසිද්ධ නවකතා, අධ්‍යාපනික, ආගමික, සූපවේදී, ළමා ග්‍රන්ථ රැසක් එහි දැකිය හැකිය. අඩු මුදලකට එම කෘතීන් මිලට ගැනීමේ හැකියාවද ලබාදී ඇතැයි සංවිධායකයෝ කියති.
යන එන්නන්ට සුව පහසු සේවාවක් සපයා ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලොව පුරා විවිධ රටවල් 65 කට අයත් සාමාජිකයෝ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් තම සේවය ලබාදීමට කැපවී සිටිති. ආපන ශාලාවක්ද මෙහි ඇති අතර වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ට හා අවුරුදු 65 ට වැඩි පිරිසට නොමිලේ ඇතුළුවීමේ අවසරයද ලබාදී ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආකර්ෂණීය ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
පාසල් දරුවන්ව මේ වගේ තැන්වලට එක්ක ගිහින් පෙන්වන්න ගුරුභවතුන් කටයුතු යොදන්න..අඩුම තරමේ ඒ දරුවන් නැවකට ගොඩවෙන්න තියෙන අශාවවත් සංසිදවා ගනිවිනේ.(ම)
ලංකාදීපයට ස්තුති මේ වාර්තාවට. (ම)
මනසට බුද්ධියට කතා කරන මෙවන් වැදගත් පුවතකට ප්‍රතිචාරයක් නැති වීම නම් කනගාටුවට කරුණක්. සමාජය ඒ තරමටම අනවශ්‍ය ඕපාදුප ( ගොසිප්) මානසිකත්වයකට යොමුවීම තමයි අනෙකුත් ප්‍රවෘත්ති වලට තියන ප්‍රතිචාර දිහා බැලුවම පෙන්නේ. වරද කාගේද? කොහෙද?(ම)
ඉතාම හොද වැඩක්. (බ)
මේ නැවේන් ආගමක් ප්‍රචාරණය කිරීම මුලික අරමුණක්. (ම)
මම මේ බලාගෙන හිටියේ වත්තේගෙදර කුෂාන් වගේ බුද්ධිමත් විශ්ලේෂකයෙක් ඇයි ප්‍රතිචාර දක්වන්න මෙච්චර ප්‍රමාද කියලා. මෙච්චර ළිං මැඩියෝ ඉන්න රටේ, මුලින් නැවට ගිහින් අදහස් දැම්මා නම් තමයි හොඳ. පොත් කියවන මිනිස්සු ඔය වගේ පටු විදියට ලෝකය දිහා බලන්නේ නැහැ කියලා මම දන්නවා. (නි)
මමත් මේ නැවට එක පාරක් ගියා. ආයෙත් යන්න ඕනේ (බ)