ජාත්‍යන්තර පොත් රැසක් සමග ලෝක ප්‍රසිද්ධ ‘ලෝගෝස් හෝප්‘ නෞකාව මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත. කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවට ගොස් ශ්‍රී ලාංකිකයෝද එහි ඇති පොත් බලමින් හා නැවේද සංචාරය කරමින් අපූරු අත්දැකීම් ලබති.
ඔක්තෝබර් 22 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ලෝගෝස් හෝප් නැව නොවැම්බර් 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ නවතා තිබේ. 2013 වසරේදී අවසන් වරට මෙරටට පැමිණි මෙම නැව ඉදිරි වසර 8 තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන අවසාන වතාව මෙය බව සංවිධායකයෝ කියති.
රුපියල් 100 ක් වැනි මුදලකට නැවට ඇතුළුවී හිතේ හැටියට පොත්පත් තෝරා ගැනීමට මෙන්ම කුඩා දරුවන්ට විනෝද වීමටද අවස්ථාව ලබාදී ඇත.
මෙම නැව මෙරට රසිකයන් වෙනුවෙන් ඉරිදා අඟහරුවාදා දිනවල පස්වරු 1 සිට පස්වරු 7 දක්වාත් බදාදා හා සෙනසුරාදා දිනවල පෙරවරු 10 සිට පස්වරු 7 දක්වාත් විවෘතව තැබේ.
ලෝක ප්‍රසිද්ධ නවකතා, අධ්‍යාපනික, ආගමික, සූපවේදී, ළමා ග්‍රන්ථ රැසක් එහි දැකිය හැකිය. අඩු මුදලකට එම කෘතීන් මිලට ගැනීමේ හැකියාවද ලබාදී ඇතැයි සංවිධායකයෝ කියති.
යන එන්නන්ට සුව පහසු සේවාවක් සපයා ඇති මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ලොව පුරා විවිධ රටවල් 65 කට අයත් සාමාජිකයෝ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් තම සේවය ලබාදීමට කැපවී සිටිති. ආපන ශාලාවක්ද මෙහි ඇති අතර වයස අවුරුදු 12 ට අඩු කුඩා දරුවන්ට හා අවුරුදු 65 ට වැඩි පිරිසට නොමිලේ ඇතුළුවීමේ අවසරයද ලබාදී ඇත.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙත් වගේ පොත් සිත් පුරා පෙරළන නෞකාව කොළඹ ඇවිත්
නොයෙල් Tuesday, 03 November 2015 08:00 PM
තවත් ආකර්ෂණීය ලිපියක්. ලංකාදීපයට ස්තූතියි! (නි)
ඉසුරන්දි Wednesday, 04 November 2015 08:11 AM
පාසල් දරුවන්ව මේ වගේ තැන්වලට එක්ක ගිහින් පෙන්වන්න ගුරුභවතුන් කටයුතු යොදන්න..අඩුම තරමේ ඒ දරුවන් නැවකට ගොඩවෙන්න තියෙන අශාවවත් සංසිදවා ගනිවිනේ.(ම)
සුනිල් Wednesday, 04 November 2015 08:31 AM
ලංකාදීපයට ස්තුති මේ වාර්තාවට. (ම)
සේන Wednesday, 04 November 2015 03:19 AM
මනසට බුද්ධියට කතා කරන මෙවන් වැදගත් පුවතකට ප්‍රතිචාරයක් නැති වීම නම් කනගාටුවට කරුණක්. සමාජය ඒ තරමටම අනවශ්‍ය ඕපාදුප ( ගොසිප්) මානසිකත්වයකට යොමුවීම තමයි අනෙකුත් ප්‍රවෘත්ති වලට තියන ප්‍රතිචාර දිහා බැලුවම පෙන්නේ. වරද කාගේද? කොහෙද?(ම)
චන්දික Wednesday, 04 November 2015 04:33 AM
ඉතාම හොද වැඩක්. (බ)
වත්තේගෙදර කුෂාන් Wednesday, 04 November 2015 04:45 AM
මේ නැවේන් ආගමක් ප්‍රචාරණය කිරීම මුලික අරමුණක්. (ම)
නිලන්ත Wednesday, 04 November 2015 05:58 AM
මම මේ බලාගෙන හිටියේ වත්තේගෙදර කුෂාන් වගේ බුද්ධිමත් විශ්ලේෂකයෙක් ඇයි ප්‍රතිචාර දක්වන්න මෙච්චර ප්‍රමාද කියලා. මෙච්චර ළිං මැඩියෝ ඉන්න රටේ, මුලින් නැවට ගිහින් අදහස් දැම්මා නම් තමයි හොඳ. පොත් කියවන මිනිස්සු ඔය වගේ පටු විදියට ලෝකය දිහා බලන්නේ නැහැ කියලා මම දන්නවා. (නි)
සොපි Wednesday, 04 November 2015 05:59 AM
මමත් මේ නැවට එක පාරක් ගියා. ආයෙත් යන්න ඕනේ (බ)