IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


‘නැති වු සුදු කැස්බෑවා ඉන්නවා‘ අමල් පෙරේරා

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ රුපියල් කෝටි තුන හමාරකට තමා ඉල්ලු සුදු කැස්බෑවා මධ්‍යස්ථාන හිමිකරු චන්ද්‍රසිරි තාබෘගේ  දියණියක් වන චාමලී ගේ නිවසේ සිටිතියි ගායක අමල් පෙරේරා කියයි.

ඔහු එහි ගියේ පොලීස සමඟය.මුලදී ඔහුට එහි යන්නට ඉඩ නොලැබුණත් පසුව ඉඩ ලැබිණි.

කැස්බෑහිමිකරු හා ඔහුගේ දියණිය පොලීසියට පැවසුයේ අමල් සිල්වා ඉල්ලු කැස්බෑවා එහි නොමැති බවයි.එහි සුදු කැස්බෑවෝ තිදෙනෙක් සිටිති.

ඔවුන් පැවසුයේ තමන් සතුව සුදු කැස්බෑවන් පස් දෙනකු සිටි බවයි.

සුනාමියේදී එක් සතකු නැති  වු බවත්.තවත් කැස්බෑවකු පසුගිය 16 වැනිදා සොරාගත් බවත් ඔවුහු කීහ.

මාධ්‍යවේදීන්ට කැස්බෑවා බැලීමට යාමට එහි හිමිකරුවෝ ඉඩ නොදුන්හ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්  මහතා පරීක්ෂණ මෙහෙයවයි.

නැති වු බව කියන ඇලි  කැස්බෑවා

 

දැනට සිටින ඇලි කැස්බෑවෝ

 

 

ඡායාරූප ජනත් ද සිල්වා ,කමල් ශ්‍රී ලියනගේ

 

 

 

 

 

 



අදහස් (0)

‘නැති වු සුදු කැස්බෑවා ඉන්නවා‘ අමල් පෙරේරා

දිසා Tuesday, 14 January 2014 10:34 PM

අර පහු ගිය කාලේ අතුරුදහන් වුණා කියන ජනමාධ්‍යවේදීන් මේ විදියටම හොයනවනම් කොච්චර එකක්ද . ඒ කියන්නේ අපේ මිනිස්සුන් ට වඩා කැස්බෑවෝ වටිනවා. නැද්ද මන් අහන්නේ (දිල්)

:       0       0

වාසනා Tuesday, 14 January 2014 10:43 PM

සුදු කැසබෑ ලකුණින් ඡන්ද ඉල්ලුවොත්  මේ පාර එකාබද්ධ විපක්ෂයම ගොඞ(දිල්)

:       0       0

සුනෙත් Tuesday, 14 January 2014 10:52 PM

කැස්බෑ පැටුන්ව සුප් සදහා විදේශිකයන්ට විකුණනවද කියල සොයා බලන්න (දිල්)

:       0       0

ෂෙරිෆ් Tuesday, 14 January 2014 10:54 PM

එක කාලයක් නයි නළඟනගේ කතාව දැන් මේ ලඟදි ඉඳලා සුදු කැස්බෑ කතාවක් පටන් අරන් (දිල්)

:       0       0

මදු .ප්‍රන්සය Tuesday, 14 January 2014 11:02 PM

අමල්ට මඩ ගහන්න ගොතපු බොරුවක් බව පේනවා .(දිල්)

:       0       0

අමල් Tuesday, 14 January 2014 11:29 PM

තව පොඩ්ඩෙන් අමල් පෙරේරා අමාරුවේ වැයටනවා (දිල්)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 January 2014 11:54 PM

කවුද දැන් හොරු ,? මෙම මධ්‍යස්ථානයේ හිමි කරුද ඔහුගේ දුවද ?(දිල්)

:       0       0

පෙරේරා Wednesday, 15 January 2014 01:26 AM

සුදු කැස්බෑවෝ කෙසේවතත් ගල් ආන්දෝ නම් ඉන්න හැඩයි.(නධී)

:       0       0

රූපවතී Wednesday, 15 January 2014 01:48 AM

අමල්ට හැමෝම බැන්න එයා හොරා කියලා. පව්.(නදී)

:       0       0

දිල්ශාන් Thursday, 16 January 2014 11:53 AM

කැස්බෑවෙක් කරපු හරියක්.(නදී)

:       0       0

රෝසා Wednesday, 15 January 2014 02:21 AM

අමල් ඔයාට කල අපහාසෙට...ඔය මිනිහට නීතියෙන් දඩුවම් ලබන්නම ඕන ...............(අ)

:       0       0

ලලිත් Wednesday, 15 January 2014 03:35 AM

අමල් ඔයා අව් කණ්නාඩිය ගලවලයි බලන්න තිබුනේ. දන්නවනේ එහෙම වුනාම අමු කෙසෙල් ගෙඩි ඉදුනු වගෙයි පේන්නේ.(නදී)

:       0       0

ගයනා Wednesday, 15 January 2014 03:57 AM

අමල්ටත් තියෙන්නේ මේ සිද්දියගැන දැන්මම සින්දුවක් හදන්න. නැත්නම් ඇන්ටන් අද හෙටම මේක ගැන සින්දුවක් කියාවි.(නදී)

:       0       0

ඇන්ටන් විජේරත්න Wednesday, 15 January 2014 05:02 AM

දැන් කළ යුත්තේ කවුරු හරි ද කවුරු වැරදි ද කියන එක නෙවෙයි. නඩු ගියොත් කැස්බෑවාට සාධාරණය ඉටු වෙයිද කියන්න බැහැ. ඒ නිසා මෙවැනි පුද්ගලික ස්ථාන රජයේ භාරයට ගැනීමට හැකි වන සේ නීති සකස් කිරීම වැදගත් යයි සිතමි. (නදී)

:       0       0

රම්සි Sunday, 19 January 2014 06:21 PM

ඔව් ඔව් එයාලග ඉන්නවා. චන්ද්‍රසිරි තාබෘගේ ලග දැන් ඉන්නේ නැති උනේ නැති එවුන් ටික. (නදී)

:       0       0

ලක්විඳු Sunday, 19 January 2014 06:23 PM

මටත් දැන්නම් පන බයයි. අපේ නෝනා මට කතාකරන්නේ සුදු මහත්තයා කියලා.(නදී)

:       0       0

මනු Thursday, 16 January 2014 01:18 PM

මෙතන කුමක් හෝ නොපෙනෙන රහසක් තියෙනවා (දී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 16 January 2014 01:48 PM

අපේ ගමේ සුදු ගල් ඉබ්බෙක් ඉන්නවා. කවුද ගන්න කැමති? (දිල්)

:       0       0

නිලුක Wednesday, 15 January 2014 09:10 AM

එකපාරටම කැස්බෑවට මොකද උනේ (දී)

:       0       0

මදුමති Wednesday, 15 January 2014 09:21 AM

කැස්බෑවෙක් ගිය දුර (දී)

:       0       0

සුභා Wednesday, 15 January 2014 09:32 AM

ඒ අහිංසක සතා ජීවිතෙන් වන්දි ගෙවලා ඇති (දී)

:       0       0

හේමන්ත Wednesday, 15 January 2014 09:41 AM

කැස්බා සංරක්ෂණ මුවාවෙන් මෙයාල ඔක්කොම කරන්නේ බිස්නස් එකක් බවයි පෙනෙන්නේ. අනික් අයට තියා ගන්න බැරි කස්බාවෝ මෙයාල යහතින් ගෙවල් වල තියා ගන්නේ කොහොමද? (දී)

:       0       0

වයි එස් කේ Wednesday, 15 January 2014 09:51 AM

කැස්බෑවට බුදුසරණයි (දී)

:       0       0

නිශාන්ත Wednesday, 15 January 2014 09:57 AM

අමල් ගේ තවත් බොරුවක්... (දී)

:       0       0

හසන්ත Wednesday, 15 January 2014 08:37 PM

අයියෝ කැස්බෑවෙක්ට ගිය කලක් (අ)

:       0       0

අසේල Wednesday, 15 January 2014 10:01 AM

අමල් මල්ලි මොකද්ද මේ කැස්බෑ ප්‍රශ්නය (දී)

:       0       0

අජිත් රෝහණ Friday, 17 January 2014 02:19 PM

හැම දේටම කලින් ඔය මනුස්සයාව කැස්බා මධ්‍යස්තානයෙන් අයින් කරන්න ඕනේ.(නදී)

:       0       0

සෑම් Wednesday, 15 January 2014 10:41 AM

මට පේන්නේ අමල් පෙරේරා මෙතනට ඇවිත් එයා හොරකම් කලා කියලා චෝදනා කරපු කැස්බැවා ඉන්නවා කියලා කියන වනම් එතන මොකක් හරි රහසක් තියනවා. මොකද ඔහුට මේ සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට සිදු උනා මිසක් ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා නැහැනේ. හොරාට ඉස්සෙල්ල කෙහෙල් කැන පැන්නවත්ද? (දී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 14 January 2014 04:17 PM

ඒ සුදු කැස්බෑවත් මේ සුදු කැස්බෑවොත් හැර වෙනත් සුදු කැස්බෑවෝ සිටිත්ද?(දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 15 January 2014 10:44 AM

මේකේ අයිතිකරුටත් ජිනීවා මානව හිමිකම් කොමිසමට යන්න වෙයිද (දී)

:       0       0

චතුර Tuesday, 14 January 2014 04:44 PM

ඔය කැස්බෑ පර්යේෂණ කියලා නම දැම්මට ඇත්තටම ඔතන වෙන්නෙ තනිකරම වෙළදාමක්.දවසකට ගොඩාක් සංචාරකයන් ඔතනට එනවා.මෙයට දුන්න ප්‍රසිද්ධිය වැඩි වගේ (දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 14 January 2014 04:45 PM

ඇත්ත හංගන්න අමරුයිනේ කොහොමත්.දිය යට හැංගු රබර් බොලේ වගේ කොයි මොහොතේ හරි ඇත්ත එළියට එනවා.(දිල්)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 January 2014 11:35 AM

කැස්බෑවියෙක් කස්බැවව ගිල්ලද නැහැ (දී)

:       0       0

හේමකුමාර Tuesday, 14 January 2014 05:29 PM

ප්‍රසිද්ද කෙනෙකුට කරපු මේ අපහාසයට මෙයා හිරේ අරින්න.(නදී)

:       0       0

රුපවති Wednesday, 15 January 2014 11:37 AM

නිලූ විදානගේ සෞදිඅරබිය ..ඔයාට අපි ලස්සන සුදු කැසබෑවෙකුගේ පොටෝටිකක් එවන්න පුළුවන් ..අර (පහන් මඩුගල්ල) මහත්තයාගේ ඊ මේල් එකට පොඩ්ඩක් ලියන්නකෝ ..."සර්ච් " කරලා හොයා ගන්න ...?? බුදුසරණයි ..!! (දී)

:       0       0

ශාන්ති Tuesday, 14 January 2014 06:26 PM

එයාලට ඔතන මොකක් හරි සැකයක් ඇති. අපි බලමුකෝ පරීක්ෂන වලින් මොනවද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ජී ශිරාණි Tuesday, 14 January 2014 06:48 PM

ඒ අයට පුලුවන් නම් මට බැරි මොකද කැස්බෑවෝ ඇති කරන්න. මමත් කැස්බෑ පර්යේෂණ ආයතනයක් දානවා. බිත්තර එකතුකරනවා රක්කනවා ටිකක් මුහුදට දානව ඉතිරිටික විකුණනවා. කවුද මේ අයට අවසර දීල තියෙන්නේ? (නදී)

:       0       0

නිලන්ත Tuesday, 14 January 2014 07:03 PM

සුදු කැස්බෑවො තුනක් තව ඉන්නවා නම් උන් ඔච්චර වටින්නේ නෑ. ඒ දුර්ලභ නැති නිසා. එකෙක් ලක්ෂයක්වත් නොවටී. (නදී)

:       0       0

චතුර Tuesday, 14 January 2014 07:20 PM

වනජීවි පනතට අනුව කැස්බෑවන් මෙහෙම් තියාගෙන ඉන්න එක නීති විරෝදියි. වෙන අයට කැස්බෑ බිත්තරයක් තියාගත්තත් දඩ ගහල හිරේ දානවා. මේ අය කරල තියෙන්නෙත් වැරදි වැඩැක්. මහත්වරුනේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

බුද්ධි Tuesday, 14 January 2014 07:32 PM

ලංකාවේ නීතියට අනුව කැස්බෑවෝ නිවෙස් වල ඇතිකරන්න බැහැ නේද? එහෙනම් මේ කැස්බෑවෝ 3 දෙනක් නිවෙසක ඇතිකරපු අයට නඩු දාන්න.(නදී)

:       0       0

ලෙස්ලි එච් විජේසිංහ Tuesday, 14 January 2014 07:33 PM

සේරම කැස්බැවෝ ටික ගිහින් මුහුදට දාන්න. කැස්බැවෝ ඉන්න ඕනේ මුහුදේ ගෙවල් වල නොවේයි. මේ සත්තුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න ඔය කැමරා දාගෙන පොටෝ අරන් ඔය සත්තූ බයවෙලා බිත්තර දාන්නෙත් නැහැ. නිදහසේ සතුන්ට ඉන්න දෙන්න.(නදී)

:       0       0

සුගත් Tuesday, 14 January 2014 07:46 PM

මේක ලොකු ප්‍රචාරකයක්. දැන් බිස්නස් අඩු ඇති අනික ඔය වගේ උන් මුහුදේ ඕන තරම් හම්බවෙනවා.(නදී)

:       0       0

කුමාරි Tuesday, 14 January 2014 07:49 PM

මෙන්ඩිස්, ඇති හැබැයි වෙන කොහේ හරි. මේක අමල්ට මඩ ගැසිමක්ද? (නදී)

:       0       0

නලින් Tuesday, 14 January 2014 07:54 PM

මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැතුව ඉන්නේ. මේ කැස්බෑ ප්‍රශ්නේ හැර වෙන ප්‍රශ්න නැද්ද? (නදී)

:       0       0

අජිත් අමරවීර Tuesday, 14 January 2014 08:12 PM

අපිට විහිලු. වැඩ නැතුවට වැඩ.(නදී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 15 January 2014 01:49 PM

කැස්බෑවට වඩා අමල් වටිනවා දැන්. (දී)

:       0       0

ජී ශිරාණි Tuesday, 14 January 2014 08:31 PM

මටත් කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයක් දාන්න ඕනා. ආරක්ෂිත සත්වයන් මේ විදිහට පෞද්ගලික අයට තියාගන්න පුලුවන්ද? (නදී)

:       0       0

රම්සි Monday, 20 January 2014 10:02 PM

හොර බඩුවක් මිලට ගැනීමට ඉල්ලා සිටීමත් නීතියෙන් වරදක්. (දිල්)

:       0       0

එදිරිසිංහ ඉන්දික Tuesday, 14 January 2014 08:50 PM

ගල් පිට ගල් වැදුන අමල්ට ඉදිරියට මල් පිට මල් මාවතේ යන්න පුළුවන් වගේ.(නදී)

:       0       0

කුමාර Tuesday, 14 January 2014 09:11 PM

අපේ ගෙදර කැස්බෑ පිහාටු 2ක් තියෙනවා කවුද ගන්න කැමති.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 09:25 PM

මා ගාව සුදු කස්බැවෝ 4 ක් ඉන්නවා. එකෙක් කෝටී 100,යි.(නදී)

:       0       0

ඉරෝසා දිලානි පෙරේරා Tuesday, 14 January 2014 09:35 PM

මනුස්සයෙක් නැතිවුනොත් මේ තරම් හොයන්නේ නැහැ.(නදී)

:       0       0

ආරියසේන Tuesday, 14 January 2014 09:37 PM

සුදු කැස්බාවෝ මෙපමණ වටිනවද ? (නදී)

:       0       0

සෝමදාස Tuesday, 14 January 2014 10:02 PM

කැස්බෑව මැරිල කියල පුවතක් තියෙනවා නේද? එතකොට කවුද බොරු කියන්නෙ.?(නදී)

:       0       0

සම්පත් කුමාර Tuesday, 14 January 2014 10:06 PM

හැමදාම දැන් ඔහොම තමයි.(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 4 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්


කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 825 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 243 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 1016 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 284 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 884 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1360 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1580 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site