රූපමය සෞඛ්‍ය අවවාද සටහන් නොකළ කාඩ් බෝඩ් පෙට්ටිවල සිගරැට් පැකට් අසුරා බෙදා හළ බව කියන ලංකා දුම්කොළ සමාගමේ උසස් නිළධාරියකුට හා සිගරට් තොගය වෙළෙදසල් වලට බෙදා හරිමින් සිටි නියෝජිතයකුට ලබන මස 11 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්ත මහත්මිය නියෝග කළාය.
මහජන සෞඛ්‍ය පරික්ෂක ප‍්‍රගීත් ජාලිය ජයතිලක මහතා අධිකරණයට කළ කරුණූ දැක්වමින් 2015 අංක 3 දරණ දුම්කොළ මද්‍යසාර පිළිබද ජාතික අධිකාරිය (සංශෝධිත) පනතේ 34 (2) මගින් සිගරැට් නිෂ්පාදකයින්හට ලබාදී ඇති උපදෙස් වලට පටහැනිව කටයුතු කිරිම හේතුවෙන් රුපියල් ලක්ෂ 17 ක් වටිනා සිගරට් තොගය අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මුකුත් නැහැනේ ගහේ මුලට බෙහෙත් දුන්නා නම් එහෙනම් මේ ඔක්කොම ඉවරයිනේ. කොන්ද පණ තියෙන ආණ්ඩුවක් තිබුණා නම් මේ මුකුත් නැහැ (බ)