සනීපාරක්ෂාවට අහිතකර අයුරින් සොසේජස් කිලෝ 76 ක් ලොරියකින් ප‍්‍රවාහනය කළ බවට වරදකරු වූ පුද්ගලයකුට මුදලින් රුපියල් හත් දහසක් ගෙවන ලෙස තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ ගලේවෙල බඹරගස්වැව අලූත්වැව ආර්. ඩී. එස්. දේවප‍්‍රිය සමරනායකටයි. මෙම සොසේජස් ප‍්‍රවාහනය කළ යුත්තේ සෙල්සියස් අංශක ඍණ 18 ක උෂ්ණත්වයකින් වුවද වැටලීම සිදු කරන අවස්ථාවේ සොසේජන් ප‍්‍රවාහනය කර ඇත්තේ ධන 9 ප‍්‍රමාණයේ අඩු උෂ්ණයත්වයකින් බව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කරමින් මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්. පී. එස්. එන්. වාසල මහතා කීවේය.
සැකකරු සමග අත් අඩංගුවට ගැනුනු සොසේජස් තොගය විනාශ කර දමන ලෙසටද මහේස්ත‍්‍රාත්වරයා කටියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වාසල මහතාට නියෝග කළේය.
මේ අතර පත්තර කොළවල ඔතා ෂෝට් ඊට්ස් අලෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පුද්ගලයකුට තඹුත්තේගම මහේස්ත‍්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා රුපියල් පන් දහසක දඩයක් නියම කළේය.
දඩුවම් නියම වූයේ ඉපලෝගම ගෝනපතිරාව කටුපිටිය බේක් හවුස්හී ආර්.ගයාන් පුෂ්ප කුමාරටයි. ආහාර පනතේ 2011 ආහාර නියෝග යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සොසේජස් කිලෝවක මිල කීයද කියා මම නොදනිමි. වැරදිකරු වූ මෙම ප්‍රවාහකයාට කිලෝ 76 ට දුන් දඩ මුදල වන රුපියල් 7000 අනුව, සොසේජස් කිලෝවක මිල වන්නේ රුපියල් 92 ක් පමණි. නමුත් අර වංක වෙළෙන්ඳාගේ භාණ්ඩ තොගය වෙළඳසැල් හරහා පාරිභෝගිකයාගේ පිඟානට ගියා නම් ඔහු උපයාගන්නේ දඩ මුදල මෙන් කී ගුණයක ආදායමක්ද කියා ගණන් බැලීම, මා පාරිභෝගිකයාට භාරකරමි. (නි)
දඩ මුදල නම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේවා විෂ වෙලා කාට හරි අනතුරක් වුනා නම්. (ර)
සොසේජස් ලංකාවේ සුපිරි කෑමක්ලු නේද?(හේ)