විනිසුරුට කියා රුපියල් 12000 ක නඩත්තු මුදල අඩුකර දෙන බව පවසා රුපියල් 4500 ක අල්ලස් ගත් බව කියන පුත්තලම දිසා අධිකරණයේ කළමනාකරණ සහකාරවරයකු වන නිශාන්ත ප්රදීප් බණ්ඩාරනායක ජුලි 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා අද (21) නියෝග කළේය.
COMMENTS
අපිට අත් දැකීම් තියෙනවා අනතවත්. (අ)
යුක්තියේ රන්දෙවොලට යක්ෂයින් අරක්ගත්තේ කෙසේද දෙවින්දුනේ?(හේ)
වසර ගණන් ඇදෙන නඩත්තු හා දික්කසාද නඩු සහ සියදිවි හානිකර ගැනිමි අතර සහසම්බන්ධයක් ඇතිබව හොයලා බැලුවොත් තේරෙයි.(ම)
එතකොට මෙය ලෙඩවුණේ නැද්ද? (අ)
අධිකරණ වලත් මෙහෙම නම් එළියේ කොහොම ඇද්ද කියලා හිතා ගන්න පුළුවන්.(හේ)
නම දාපු එකනම් ලොකු දෙයක්.නැත්නම් අපි වෙන අයව සැක කරනවනේ. (බ)
අල්ලස් නොදි ඔය කියන තැන් වලින් පිටපතක්වත් ගන්න බැහැ වෙලාවට. මුළු රටම අල්ලසින් වැහිලා ඒක ආදායම් මාර්ගයක් කරගෙන තියෙන්නේ. (බ)
ඒ මනුස්සයට 12000 ක නඩත්තු මුදල ක් ගෙවන්න බැරුව ඇති.(හේ)
ලංකාවේ අද වෙනකොට වැඩිපුරම තියෙන්නේ නඩත්තු හා දික්කසාද නඩුයි. හේතුව මේවා ගොනු කරන්න හරිම පහසුයි. වියදමක් නැහැ. මේවා ඉක්මනින් අවසන් කරන්නේ නැතිවිම රටටම පිළිලයක්.(හේ)
සමහරු ටයි කෝට් දාගෙන අල්ලස් ගන්නවා. සමහරු ඉංග්රිසියෙන් හිඟාකනවා. සමහරු ඉහගෙන කනවා. තවත් සමහරු බාගෙන කනවා. මෙය අවසන් වන්නේ කොතනැකින්ද?(හේ)
අධිකරණයේ ගෞරවය සහ එහි විශ්වසනියත්වයයි මේ රු.4500 ට කෙලෙසලා තියෙන්නේ. දැඩි දඩුවම් දිය යුතුයි. (ම)
කසුන් ගේ අදහස මමත් අනුමත කරනවා.වැඩි දෙනෙක් කන්නේ තව එකෙක් මරාගෙන.(අ)