මාතලේ රථවාහන පොලිසිය දිස්ත්‍රික්කය පුරා රථවාහන නඩු ලබා ගැනීම සිදු කරයි .
2016 02 14 දින ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී බාධක මැද ඉස්සරකිරීමේ වරදට හසු වූ මහර තිබ්බටුව , ප්‍රදේශයේ රියදුරකුට රියදුරු බලපත්තරය වෙනුවට පොලිසිය තාවකාලික අවසර පත්තරයක් නිකුත් කර ඇත .
එම අවසර පත්‍රය 2016.02 .14 සිට 2016.02.30 දක්වා වලංගු බව එහි සදහන්කර ඇත .එමෙන්ම 2016.02.30 දින දඹුල්ල අධිකරණයට පැමිණෙන ලෙසද දන්වා ඇත .
මේ ගැන විමසීමේ දී පොලිසිය කීවේ දින ගණන් බැලීමේදී වැරදීමක් සිදුවී ඇති බවයි. රියදුරු පැමිණ දඩය ගෙවූ බව ද පොලිසිය පවසයි.
(ෆේස්බුක් ඡායාරූපයකි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය දැන් යහපාලනයනේ ක්‍රියාත්මක කරන්නේ (නි)
ගණන් ගන්න එපා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන විදිහට ඕකත් සුළු දෙයක් වෙන්න ඇති (නි)
අමා, මට තේරෙන්නේ නැහැ මෙම දෙයට යහපාලනය සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද. ඔයත් අර 58 ලක්ෂේ කෙනෙක් නේද. ඔයාල වගේ අය නිසා තමයි රටට මේ හෙනේ වෙලා තියෙන්නේ. (බ)
මොන මෝඩ වැඩක්ද මේ? ලෝකේ කොහෙවත් මිනිහෙකුගේ රියදුරු බලපත්‍රය අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔය කොලේ ලියලා තියෙන ටික තමන් ළඟ තියාගෙන බලපත්‍රය ආපසු දීලා එවෙලේම තොරතුරු පරිගණක පද්ධතියට දැම්මා නම් ඉවරයි. රාළහාමිලට නිල ස්මාර්ට් ෆෝන් එකක් මඟින් එම පද්ධතියට ඇතුළු වෙලා බලපත්‍රය පරික්ෂා කරන්න පුළුවන්. රට පුරා අන්තර්ජාලය ලබුනහමවත් මේවා ක්‍රියාවට නැඟුනොත් හොඳයි. (නි)
ලංකාවේ පොලිසිය නම් මෙහෙම තමයි. (නි)
පුදුම වැඩ තමයි මේවා (නි)
මෙයාලට අකුරු ලියන්න පුරුදු කරන්න ඕනෑ ඔක්කොටම කලින්. ඇස් පොට්ට වෙනවා මේ අකුරු වැල් කියවන්න ගියාම (නි)
අට පාස් ..ඉතුරු හරිය මම මෙතන ලියන්න ඕනේද. (අ)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
මේ රාළහාමිව හොයල නොබෙල් තැගට නම් කරන්න ඕනේ. අලුත් දවසක් ලෝකෙට දුන්නට. (අ)